#හිරිකඩක්_66තවත් මොහොතක් ගෙවෙද්දී ධූර්යාගේ මුව පුරාත් දරුවාගේ මුව පුරාත් වූයේ සිනහවම පමණක්ය. නමුදු පසෙක සෝපාව මත වාඩි වීගෙන හිඳිනා නුඝාද්නම් උන්නේ බුම්මාගෙනය.
"ජෝර්ජියානා the fu~k!"
නුඝාද් මිමුණූයේ ඇස් රෝල් කරමින් සිත අභ්‍යන්තරයෙන් ඩැරන්ට බැන වදිමින්ය. ආලින්දයේ දරුවාත් ධූර්යාත් දරුවාත් සතුටු සාගරයක ගිල්වනා ඩැරන්ගේ තිළිණය අන් කවරක් හෝ නොව 'ජෝ(ර්)ජියානා' නම් ඩැරන්ගේ ගොවිපළෙහි හුන් තාරාවියය.
එංගලන්තයේ කැලයක අතරමංව හුන් ධූර්යාව බේරාගෙන ඩැරන්ගේ ගොවිපළෙහි හුන් කාලය තුල ධූර්යා උන්නේ මේ තාරාවිය සමගින්ය. ජෝ(ර්)ජියානා කොහොමත් අනෙක් තාරා රංචුව සමඟ එකතු නැතිය. තාරාවිය හැසිරෙන්නේ බල්ලකු, පූසෙකු මෙන් හුරතල් අයුරින්ම. ඩැරන් ගොවිපල කටයුතු සඳහා යද්දී පසුපසින් පැමිණෙන ධූර්යාගේ පසුපසින් ජෝර්ජියානා හිඳිනවාමය. ධූර්යාත් ජෝජියානාත් ඒ දින කිහිපය තුළ දැඩිව සමීපව සිටියෝය.
ඩැරන් ධූර්යාව බැලීමට ලංකාවට පැමිණෙන්නට පෙරම සුරතල් සතුන් ප්‍රවාහණය කරනා ගුවන් සේවයකට ජෝර්ජියානාව භාර දුන්නේය. ඩැරන්ට අනුව එය ධූර්යාට දිය හැකි හොඳම ත්‍යාගයක්ය.
"ඒන්ජල් නෝ... ඩෝන්ට් ඊට් හර්."
එවර නුඝාද් සෝපාවෙන් ඉදිරියට දිගෑදී දරුවාව පසුපසට කරගත්තේ දරුවා තාරාවියව දෝතින්ම බදාන හපන්නට හදද්දීය. දරුවා සතුටෙහි හෝ ප්‍රේමයෙහි උච්චතම අවස්ථාවට එළැඹි කල කරන්නේ එය සැපීමය. 'එය' නුඝාද්, ධූර්යා, සෙල්ලම් බඩුවක්, හෝ දැන් ජෝර්ජියානා විය හැකිය.
"හැමතිස්සෙම අහුවෙන අහුවෙන දේ කන්න හදනවා. තාත්ති ඔහොමද කියලා තියෙන්නෙ ම්ම්?"
යලිත් කුඩා තරු මෙන් අතැඟිලි විහිදුවමින් හකුලමින් බිම වාඩි වී හිඳිනා ධූර්යාගේ ඔඩොක්කුව මත හිඳිනා තාරාවිය අබියසට යන්නට තැත් කරනා දරුවාගේ බඩින් අල්වාන නුඝාද් පවසන්නේ සෙමෙන් දරුවාට තට්ටුවක් දමමින්ය.
"ච්.චා..චා..."
නුඝාද් ඇයව අත්නොහරිද්දී දරුවා මුවින් මොනවාදෝ පවසමින් කියන්නේ ඇයට යන්නට දෙන්නටයැයි කියාය.
YOU ARE READING
හිරිකඩක්
Romanceවෛරයම පිරුණු හිතකට, ඉහේවිද දිනෙක ප්‍රේමයෙන් පිරුණු හිරිකඩක්? විඳීවිද ඔවුන් දිනෙක, වේදනාවෙන් අවශේෂ වූ ප්‍රේමයක්? නුඝාද් ❤️ ධූර්යා