12

612 64 1
                                    

#හිරිකඩක්_12🩶

“නුඝා?”

ඉඳින් තමා අබියසින් ධූර්යාව වේගයෙන් පසුපසට ඇදී ගිය තත්පරයේම හැරී බැලූ නවීන්ගේ නෙතු විසල්ව ගියේ ඔහු මුවින් නුඝාද්ගේ නම මිමිණෙද්දීය. නවීන් වැන්නෙකු එම ස්ථානයෙහි හිඳිනවාද නැද්ද කියාවත් වගක් නොමැති පරිද්දෙන් නුඝාද් ඒ ගිණිපිටවන බැල්ම ධූර්යා මත්තේම තබාන හුන්නේය.

ඔහු ඇයව අල්වා ඇදගත් පාරට ධූර්යා පසුපසට විසිවී මෙන් විත් නතරව ගියේ ඔහු ළයෙහි හැප්පීගෙනය. එක්වරම සිදුවූ අනපේක්ෂිත කාරණාවෙන් දෑසත් විසල් කරගෙන ධූර්යා තම නෙතු බැල්ම නුඝාද් මතට ගෙන ආවද ඔහු බැල්ම දුටු තත්පරයේම ඇයට දැනුනේ තම දෙපයේ පටන් සීතලව යන බියක්ය.

“මොන හයියකටද උඹ මෙහෙම කරන්න හිතුවෙ ධූර්යා ආහ්?”

ඉඳින් ඔහුම නොවේද තමාට යන්නට පැවසූයේ? මේ අවනඩු වලට වදන් ගලපා පලක් නොවන බව දන්නා නිසාවෙන්ම ධූර්යා තම දෙනෙත බිමට බරකරගන්නට වූයේ වැලමිටට ඉහළින් රළුව ඇයගේ අත අල්වාන හිඳිනා ඔහු අතැඟිලි වල ග්‍රහණය අසීරුවෙන් දරාගෙනය.

“අහ්හ්..”

ඉඳින් ඇයගේ නිහඬබව ඔහුව තව තවත් කෝපයෙන්ම නහවාලද්දී  නුඝාද් ඇයව තවත් තදින් අල්වා තමා සමීපයට ගද්දී ධූර්යාගේ මුවින් ගිලිහෙන්නට වූයේ වේදනාබර කෙඳිරියක්ය.

“යකෝ උඹම මේ කෙල්ලව මේ සීතලේ එළියට දාලා මගුලක්ද අහන්නේ?”

ඉඳින් තරමක් හඬකින් නවීන් පවසන්නට වූයේ ධූර්යාට තම දෑස් ඉදිරියේම මෙලෙස රිදවාලීම නවීන්ගේ කෝපයට තුඩු දෙද්දීය.

“නවියා! මම උඹට ආයෙ කියන්නෑ! මේකිගෙයි මගෙයි දේවල් වලට අත නොදා පාඩුවෙ හිටපන්.”

මොහොතක් තම හිතුවක්කාර මිතුරා දෙස කෝපයෙන් බලා හුන් නවීන් දෙස නුඝාද් බලාන උන්නේද ඊට ගවු ගණනාවක් ඉදිරියෙන් වූ කෝපයක් පිරි බැල්මකින්ය.

“පිස්සෙක්ද උඹ ආහ්? මේ සීතලේ මේ විදියට මේ කෙල්ලව ගෙදරින් එළියට දාලා දැන් මෙතන නැට්ට පාගන් දඟලන්නේ?”

ඉණටත් අතක් තබාන දෙබැම රැළිකරගෙන නවීන් විමසන්නට වූයේ හැරෙන්නට ගිය නුඝාද්ගේ පියවර එලෙසින්ම නැවතී යද්දීය.

හිරිකඩක්Where stories live. Discover now