30

757 64 7
                                    

#හිරිකඩක්_30

නුඝාද්ගේ දෙබැම රැළිවී ගොස් එසවුණේ ධූර්යා පැවසූ දෙයටය. ඉඳින් ඇය උමතුවෙන්ද? දරුවා තමාට භාර දී යන්නට?

“මොකක්ද?”

නුඝාද්ගේ බැල්මෙහි ගැබ්ව තිබුණේම හීසර පරදන තියුණු බවක්ය.

“ධූර්යා මොකක්ද උඹ කීවෙ දැන්?”

නුඝාද් විමසද්දී ධූර්යා මොහොතකට දෑස් තදකර පියාගත්තේ ඒ ඇහිදාර මත්තෙන් වැටුණු කඳුළු කොපුල් තල මත්තේ රටා අඳිද්දීය. ඉඳින් හදවත අභ්‍යන්තරයේ කැකෑරෙන වේදනාව කෙතරම්ම දරුණුදැයි දැනෙන්නේ ඇයටම පමණක්ය.

ඈ හෙමිහිටම නෙතු යොමුවේ තම දෑත් මත හිඳිනා සන්තකේටම ඇති අනර්ඝතම වස්තුව වෙතටය. ඉඳින් මවකට දරුවෙකු තරම් තම ජීවිතයවත් වටින්නේ නැතිය. ළය කිරී ගැහී යද්දී ධූර්යා තමා අත වූ දරුවා සිපගත්තේ ලෝබකමින්ය.

ඉඳින් තමා ප්‍රාණසරිව ප්‍රේමකළ පිරිමියාගේ දරුවෙකු වදන්නට ලැබීම ඇය සැලකූයේ මහත් භාග්‍යයක් විලසටය. ඉඳින් මුල සිටම ඇය නුඝාද්ට ප්‍රේම කළේම නුඝාද්ගෙන් තමාට ප්‍රේමයක් තබා කිසිදු අනුකම්පා බැල්මක් හෝ නොලැබෙන බව දැන දැනමය. 

යළිත් වරක් ලෝබකමින් හුස්මක් ඉහළට ඇදගනිමින් දරුවාගේ සුවඳින් ළය පුරවාගත් ධූර්යා හෙමිහිටම නෙතු නවතාලූයේ නුඝාද්ගේ තියුණු, කෝපවත් බැල්ම අබියසය.

“මගෙ වැරදි නිසා මෙයා ගොඩක් දුක් වින්දා සර්...

මෙයා එහෙම දුක් විඳින්න ඕනෙ කෙනෙක් නෙමෙයි...

ඉපදුණ දා ඉඳන් මට හරියට කිරි ටිකවත් දීගන්න බැරිවුණා මගෙ මැණිකට...”

ධූර්යා මුමුණන්නට වූයේ හැඬුම් එද්දීය. කෙතරම් කෝපයකින් උන්නද ධූර්යාගේ ඒ වදනක් ගාණේම අහේතුකවම නුඝාද්ගේ ළය දරුණුවටම රිදුම් දුන්නේය.

“ඒත් මං නොකා නොබී හරි මට පුළුවන් උපරිම දේවල් මෙයාට දුන්නා සර්....

හැබැයි... මෙයාට අම්මගෙවත් තාත්තගෙවත් ආදරේ හම්බුණේ නෑ!

නන්නාඳුනන මිනිස්සු ගාව මගෙ දරුපැටියා හැදෙනවා කියලා මතක් වෙන තප්පරයක් ගාණේ මම පිච්චි පිච්චි හිටියේ...

හිරිකඩක්Where stories live. Discover now