39

560 66 2
                                    

#හිරිකඩක්_39

දෙදිනක් ගෙවී යන්නට විය. ශනූද් හා නවීන් පැවසූ කිසිදු දෙයක් නුඝාද් කනකට හෝ ගත්තේ නැතිය. ඔහුගේ එකම හා මූලික පරමාර්ථය වූයේ දරුවා ආරක්ෂා කර ගැනීම පමණක්ය. නිවසේ සිටියදීම දරුවාගේ අතුරුදහන් වීම පසුපස සිටින්නේ කවුරුන්දැයි නුඝාද්ට අතිශය සැකසහිතය. කෙසේ නමුදු දරුවා අතුරුදහන් වූ දින පටන් නුඝාද් දරුවාව දමා කිසිවිටකවත් නිවසින් බැහැර ගියේවත් නැතිය. 

"උඹ ඩොකියුමන්ට්ස් ක්ලියර් කරගත්තද?"

දරුවා සමඟම ගොස් දරුවා හා තමා සම්බන්ධ ලියකියවිලිවල ගැටළු සහගත තැන් කිහිපයක් සාදාගෙන නුඝාද් නිවසට පැමිණෙද්දී නවීන් උන්නේ නුඝාද්ගේ නිවසෙහිය.

"ඒව ඔක්කොම හරි. දැන් තියෙන්නෙ ටිකට්ස් බුක් කරන්න විතරයි. උඹට අද ඩේ ඕෆ් එකද?"

"හ්ම්. ඒ කියන්නෙ උඹ සිරාවටම යනවා එහෙනම්?"

නවීන් විමසන්නට වූයේ නුඝාද් ධූර්යාව සෙවීම අත්හැරීම පිළිබඳව දැඩි පසුතැවීමක් දැනෙද්දීය.

"උඹ හිතන්නෙ මං ඉන්න ඕනෙ කියලද? මගේ ගෙදර අස්සටම ඇවිත් මගෙ කෙල්ල අරන් ගියපු උන් මෙච්චර වෝනින් එකක් දීලා තියෙද්දිත් ආයෙම මෙයාව අනතුරේ දාන් මං ඉන්නෙ කොහොමද බන්?"

නුඝාද් විමසූ පැනයට නවීන් නිරුත්තරය.

"මට ධූර්යව හොයාගන්න ඕනේ. ඒත් ඒ වෙනුවෙන් මට මෙයාව ආයෙ අනතුරේ දාන්න බෑ."

නුඝාද් පවසන්නේ දැන් මේ පීඩනය ඔහුටම වදයක් විලසට දැනෙද්දීය.

"මේ දවස් දෙකේ මට රෑට නින්ද යන්නෙවත් නෑ බන්. පොඩ්ඩක් ඇහැ පියවුණ ගමන් ගැස්සිලා ඇහැරෙනවා මෙයා ළඟ නෑ කියලා පට්ට බයක් දැනෙන්නෙ. මට නිදාගන්නත් බයයි නවියා."

නවීන්ට නුඝාද්ගේ මානසිකත්වය වැටහි ගියේ එවිටය. ඔහු මේ කෙටි කාලය තුළ දරුවා හා අතිශය බැඳී ඇති බව සැල විය.

"හැමදාම මං ආදරේ කරපු මිනිස්සු මගෙන් ඈත් වුණා. දැන් මට ඉතුරුවෙලා ඉන්නෙ මෙයා විතරයි. මෙයාවත් නැතිකරගන්න බෑ බං.

මෙයා වෙනුවෙන් මොකෙක් හරි ම|රලා දාන්න වුණත් මං දැන් දෙපාරක් හිතන්නෑ. මට දැන් මුන්ගෙ මේ හැංගි මුත්තන් සෙල්ලම තිත්ත වෙලා තියෙන්නෙ."

හිරිකඩක්Where stories live. Discover now