32

675 62 9
                                    

#හිරිකඩක්_32

ඉඳින් මේ රුධිරය ඇයගේනම් ඇයට කුමක් හෝ බරපතල දෙයක් සිදුවීලාද?

නුඝාද්ගේ සිත එලෙස විමසද්දී ඔහුට මැවී පෙනුණේ ධූර්යාට පි|හි ඇනුම වූ පසුව ඇය රුධිරය පෙරාගෙන හුන් ආකාරයය. ළය ගැස්ම වේගවත් වූයේ ඔහුටත් නොදැනීමය.

'එකපාරක් නෙමෙයි උන් ධූර්යාව මරලා දාන්න ට්‍රයි කරේ!'

ඊට හෝරාවකට පමණ පෙර නවීන් කියූ වදන් හිත තුළ දෝංකාර දුන්නේ ඉබේටමය.

'එයාව මර|ලද?!'

හිත ඔහුගෙන්ම ප්‍රශ්න කරද්දී නුඝාද්ට දැනුණේ හදවත අභ්‍යන්තරයට අකුණක් ගසනවා මෙන් කම්පනයක්ය. නුඝාද් තවත් මොහොතකට ගල් ගැසීගෙන මෙන් උන්නේ මේ ඇයගේ රුධිරය නොවන වග සිතෙහි අනෙක් පස කියද්දීය. නරකක් සිදුවී ඇති බව දෑස් ඉදිරියේම පෙනෙන්නට තිබුණද ගිණිගෙන ඇති සිත තනන්නේම සුබවාදී සිතිවිලි උපදවාගනිමින් බලාපොරොත්තු තබා ගන්නටය.

"ඔයාට හොඳටම විශ්වාසද මේ ලේ එයාගෙ කියලා?"

දෑඟිලි වලින් මුහුණ පහළට ඇදගනිමින් නුඝාද් යළිත් විමසූයේ ඉංග්‍රීසි බසින්ය. නමුදු බලාපොරොත්තු කඩකරමින් දරුවා යළිත් හිස උඩට පහළට චලනය කරනට වූයේ නුඝාද් වෙවුලන අතැඟිලි වලින් අල්වාගත් දුරකතනයේ වූ ධූර්යාගේ සේයාරුව දෙස බලමින්ය. ඒ තහවුරු කිරීම නුඝාද්ගේ ළය පසාරු කරවනා තරමටම වේදනාවක් ගෙන ආයේ මන්දැයි ඔහුට වැටහීමක් නොමැතිය. නමුදු මේ දෙය තමා බලාපොරොත්තු දෙය නොවන වගත් තමාගේ ළය හොඳටෝම රිදුම් දෙන වගත් පමණක් ඔහුට හොඳින්ම වැටහෙන්නේය.

වේලාව ගෙවී ගියේ සෙමෙන්ය. ධූර්යාගේ රුධිරය තිබූ ස්ථානයට මීටර් පනහක පමණ දුරිම් තම කාරයට පිටදීගෙන නුඝාද්ගේ හිස් බැල්මක් තැවරුණු නෙතු නතරව තිබුණේ ඈතට සුදු හිම මත්තේ පැල්ලමක් මෙන් පෙනෙණා ඈ රුධිරය මතටය. එම ස්ථානය වටකර තිබුණේ නිල් පැහැ අකුරින්  'Police do not cross'  යනුවෙන් සටහන්ව ඇති සුදු පැහැ පටි වලින්ය. එහි කළු පැහැ නිල ඇඳුමට උඩින් දීප්ත කහ පැහැ ජැකට් පැළඳි එංගලන්ත ජාතික පොලිස් භටයින් හා අපරාද පරීක්ෂකයින් ලහි ලහියේ කටයුතු කරමින් උන්නේ එම ස්ථානයෙහි වූ සියළුම සාක්ෂි එක් කරගනිමින්ය.

හිරිකඩක්Where stories live. Discover now