38

553 62 6
                                    

#හිරිකඩක්_38

"අනේ සර්, බබා කොහෙවත් නෑ!"

ඉඳින් සෙනාරා නම් සේවිකාවගේ මුවින් පිටවූ එවදන් කිඳාබැස්සේ නුඝාද්ගේ ළහෙහි පටක හාරාගෙන මෙන්ය. ශමෛලා සහ සෙනාරා මුළු නිවසම පිරික්සද්දී නුඝාද් උන්නේ උමතුවෙන් මෙන් එහා මෙහා යමින්ය.

"මගෙ මැණික!"

ගතවූ මිනිත්තු කිහිපයට පසුව දරුවා නිවසෙහි කොහෙවත්ම නොමැති බව වැටහෙද්දී දෝතින්ම හිස බදාගනිමින් නුඝාද් අසල වූ බිත්තියට වාරුවූයේ එලෙස මුමුණමින්ය. ළය වේගයෙන්ම ගැහෙද්දී නුඝාද් උන්නේ ගොලුවීගෙනය. ඒ මොහොතේ ඔහුට දැනුණ බිය, වේදනාව කෙදිනකවත් අත් නොවිඳි තරමේ දරුණුතම වේදනාව කිවහොත් නිවැරදිය.

සිදුවී ඇත්තේ කුමක්දැයි ඔහුට යාන්තමින් වැටහුණේය. තම දෑස් මානයේ තම නිවසෙහිම හුන් දරුවා අතුරුදන්ව ඇත.

"න..වියා... මගෙ"

වෙවුලන අතැඟිලි වලින් ජංගම දුරකතනය සුරතට ගත් නුඝාද් කලබලෙන් ඇමතුමක් ගත්තේ තම මිතුරා නවීන්ටය.

"නුඝා? මොකක්ද වුණේ?"

ඇමතුමෙන් සවනත වැකුණ නුඝාද්ගේ වෙවුලුම් හඬට නවීන්ට කියාපෑවේ කුමක් හෝ සිදුවී ඇති වගය.

"ම..ගෙ කෙල්ල ගෙදර නෑ බන්..."

නුඝාද්ගේ එවදන් වලට නවීන්ට හුනස්නෙන් නැගිටුණේ ඇසිල්ලකින්ය.

"මොකක්?"

තවත් මිනිත්තු කිහිපයක් ඇතුළත හැකි විගසින් නවීනුත් ශනුදුත් සියල්ල අතැර දමා ළඟා වූයේ නුඝාද්ගේ නිවසටය. සියල්ලන් එක්ව දරුවාව නිවසේ අඟලක් නෑරම පිරික්සුවද දරුවාගේ ඡායාවක් හෝ දක්නට නොලැබෙද්දී ඔවුන්ට කාරණා වැටහුණි. නවීන් හා ශනුද් එක්ව සේවිකාවන් දෙදෙනාගෙන් ප්‍රශ්න කළේ මෙයට ඔවුන්ගේ සම්බන්ධතාවක් තිබෙනවාදැයි දැන ගැනිමටය. එහි සීසීටීවී කැමරා නොතිබීම විසල් පාඩුවක් විය.

"සෙනාරා තමුන් කියන්නෙ නුඝා ගෙදර එන්න පැයකට විතර කලිනුත් බබා හිටියා කියලද?"

"අනේ ඔව් සර්. බබාට කවලා සෝදලා ගත්තට පස්සෙ නින්ද ගියා. මම එහෙමම කාමරෙන් තියලා ආවෙ ක්ලීන් කරපු රෙදි ටික නවන්න."

හිරිකඩක්Where stories live. Discover now