50

671 59 9
                                    

#හිරිකඩක්_50

දරුවා දැන් දැන් සිඟිති භාෂාවෙන් මුමුණාගත් ගමන්ය. ධූර්යා දරුවාට කැමැති යැයි කිව නොහැකිය. මන්ද යත් දරුවා ඇයගේ කුඩා අත් වලින් ධූර්යාව ස්පර්ෂ කරද්දී ධූර්යා බිය වනවා පෙනෙන්නට නැති වුවද ඇය තැතිගෙන මෙන් බලන් හිඳින්නේ ගල්ගැසීගෙනය.

"ම්හ්ම්... ඒන්ජල් ඩෝන්ට් ස්කෙයා(ර්) හ(ර්)"
(ම්හ්ම්... ඒන්ජල් එයාව බය කරන්න එපා...)

දරුවා දණිපණි ගාමින් ධූර්යාගේ මුහුණ ආසන්නයටම ගොස් එක්වරම නැවී ධූර්යාගේ කම්මුලක් මුවින් අල්වාගත්තේ ධූර්යා තිගැස්සී යද්දීය. ධූර්යා දරුවාට බිය වුවහොත් දරුවාව ඇයට හුරු කිරීමට අපහසු වන බැවින් නුඝාද් දරුවාව ක්ෂණිකව ඔසවා තමා අබියසට ගත්තේ එලෙස මුමුණමින්ය.

"දඟ මල්ල මගේ... "

දෑතින්ම දරුවා ඔසවා නුඝාද් තම මුහුණෙන් දරුවාගේ උදරය කිතිකැවූවේ දරුවා පාද ගසමින් හඬින් සිනාසෙද්දීය. ධූර්යාගේ දෑස් නැවතී තිබෙන්නේ නුඝාද් හා දරුවා අබියසය. සිහියක් නොමැති වුවද එය ඇයගේ සිහි කල්පනාව නොමැති ලෝකයට අලුත් සිදුවීමක් බැවින් ඈ දෑස් දල්වා බලන් හිඳිනවාය.

"අහුවෙන අහුවෙන හැමදේම කන්න හදන්නේ... තාත්ති කන්න දෙන්නැද්ද ආහ්?"

නුඝාද් දරුවාගේ උදරය කිතිකවා ආපිට මුහුණ ගෙන විමසන්නේ දරුවා මුවත් විවර කළ මොනවාදෝ මුමුණමින් නුඝාද්ගේ හිසකේ අල්වන්නට දෑත් දිගු කරද්දීය.

"ඔව්... ඒක තමා මම අහන්නේ තාත්ති කන්න දෙන්නැද්ද මේ නෝටි කෙල්ලට ම්ම්?"

නුඝාද් විමසන්නේ දෑස් සිහින් කර සිනාසීගෙන දරුවා දෙස බලමින්ය.

"චා..තා..ති..."

දරුවාගේ සිඟිති භාෂාවේ නොතේරෙන වදන් ඇතුළත එක් වදනක් ඔහුට විශේෂයෙන් ග්‍රහණය විය.

"ඒන්ජල්..."

නුඝාද්ගේ මුවෙන් සිනහව ගිලිහී යද්දී නුඝාද් ඉහළට කර ඔසවාන හුන් දරුවාව සයනය මතින් හිට්ටවා දරුවාගේ මුහුණට එබුණේ කලබලයෙන්ය.

"ඒන්ජල් ඔයා ඒ කීවේ තාත්ති කියලද?"

දෑස් දල්වාන ඔහු මුමුණන්නේ හදවත අභ්‍යන්තරයෙන් කුමක්දෝ අමුතු හිරියක් සමඟ උණුහුම් හැඟීමක් කාන්දු වනවා දැනෙද්දීය.

හිරිකඩක්Where stories live. Discover now