17

560 61 1
                                    

#හිරිකඩක්_17

“මොකද යකෝ උඹට වෙලා තියෙන්නේ?”

දින කිහිපයක්ම ගෙවී යන්නට විය. නුඝාද්ගෙන් සද්දයක් බද්දයක් නැතිතැන නවීන් ශෙනුද් සමඟ නුඝාද්ව හමුවීමට පැමිණියද නුඝාද් උන්නේ ඇල්මැරුණු ස්වභාවයෙන්ය.

ධූර්යාට සමාව දෙන්නට තියා සිතන්නටවත් නොහැකි වූවත් ඊට දින කිහිපයකට කලියෙන් ධූර්යා කියූ ඇතැම් වදන් ඔහු සිතට බරක් එක් කරලාය. වතුර වීදුරුවක අඩියේ තැන්පත් වන ලෝහයක් මෙන් එම වදන් ඔහු හදවතෙහි ගැඹුරු තැනක අනවසරයෙන්ම නවාතැන් ගෙනය.

“මොකද දැන් උඹ සද්දෙ වහලා ඉන්නෙ කියපන්කො...ඇවිලිලා ඉවරද ඇයි?”

සෝපාව මත ඔහේ හිඳගෙන හිඳිනා නුඝාද් දෙස බලා නවීන් විමසන්නට වූයේ නුඝාද් මුවින් 'චහ්' ශබ්දයක් නගා උරහිසක් යන්තම් හකුලද්දීය.

“ඊයෙ මට ධූර්යා හම්බුණා.”

නවීන්ගේ මුවින් පිටවූ එවදන්නම් නුඝාද්ගේ අවධානය පැහැර ගැනීමට සමත් විය.

“උඹ මොකටද ඒකිව හම්බෙන්න ගියේ. නවියා උඹ ඒකිව කෙයා කරනවා වැඩියි වගේ නැද්ද නිකන්...”

ශෙනුද්ට විටෙක සියල්ලම විහිළුය. නමුදු එවදන් නවීන්ට වඩා නුඝාද්ට දැනුනේ මන්දැයි නුඝාද්ටම අරුමයක්ය.

“පයිත්තියන්ද ##තෝ... මං ඒකිව හම්බෙන්න ගිය මගුලක් නෑ ඇක්සිඩන්ටලි කැෆේ එකකට ගිය වෙලේ ඒකි එතන වැඩ. මගුලක් කියනවා.”

නවීන් ශෙනුද්ට දොස් නගනට වූයේ අසල වූ කොට්ටය ගෙන ඔහු වෙත දමාගසමින්ය.

“හරි හරි. උඹට ෆයර් වෙන්න දෙයක් කීවෙ නෑනෙ. ගින්නක් නැත්තම් දුමක් මොකටද මං අහන්නේ හ්..”

ශෙනුද් නවීන්ව අවුස්සාලන්නට එවදන් පැවසූවත් ඒවායින් නුඝාද්ටත් පහර වදින්නේ මන්දැයි ඔහුට තේරෙන්නේ නැතිය.

“ශෙනුවා මේ උඹ මගෙන්  කන්නෙපා හරි.”

නවීන් එලෙස පවසද්දි ශෙනුද් තවත් යමක් පවසන්නට මුව විවර කළද ඔවුන් ලොප් වී ගියේ නුඝාද් වෙඩිල්ලක් මෙන් හුනස්නෙන් නැගිටිද්දීය.

“උඹ කොහෙද යන්නෙ ඒ පාර?”

ශෙනුද් විමසන්නට වූයේ නවීනුත් දෙබැම රැළි කරගද්දීය.

හිරිකඩක්Where stories live. Discover now