60

561 73 8
                                    

#හිරිකඩක්_60

නුඝාද්ගේ දෙබැම රැළි වූයේ කාන්තාව පවසනා කාරණය පැහැදිලි නොවීම නිසා මෙන්ම හිතට නැඟුණ ගැටළු නිසාවෙන්ය.

"ආයෙ ආවෙ නෑ කීවේ?"

නුඝාද් විමසූයේ එතනින් එහාට ධූර්යාට, ධූර්යාගේ සොහොයුරාට කුමක් සිදුවන්නට ඇත්දැයි සිතෙද්දී.

"ධූර්යාගෙ තාත්තට පිළිකාවක් තිබිලා තියනවා. ඒ මනුස්සයගේ අන්තිම කාලෙ ඒ. ධූර්යාට ළමයව භාර දීලා ඒ ගිහින් තියෙන්නෙ දරුවගෙ අම්මව හොයන්න.

ආපහු දරුවව අම්මට බාරදෙන්න. හැබැයි ඒ මනුස්සයට ඒ ගෑණු කෙනාව හොයාගන්න බැරිවුණා.

ඒ කාළේ ඇතුළත ධූර්යා එයාගෙ මල්ලිව බලාගත්තා. හරියට නිකන් තමන්ගෙ දරුවෙක් බලාගන්නවා වගේ. අම්මා කෙනෙක් වගේ හැමදේම කරා. සමහරවිට ඒ ළමයට තමන්ගේ කියලා බැඳීමක් පළවෙනි පාරට දැනෙන්න ඇති. මොන ප්‍රශ්න තිබ්බත් ලේ බැඳීම් හරි ඝනකම්නෙ මහත්තයෝ..."

හිසත් මදක් පසෙකට ඇලකරමින් නුඝාද් දෙස බලා කාන්තාව පැවසූයේ ධූර්යා පිළිබඳව අතීතයේ තමාට දැනුණ සානුකම්පිත හැඟීම යළිත් ඈ දෙනෙතෙහි තැවරෙද්දීය.

"මට මතකයි මහත්තයා... එක දවසක් ධූර්යා අපේ මහත්තයා එක්ක කීවා මං අහගෙන..

       'දැන් තාත්තා මෙයාව ගෙනියන්න ආවම මට දෙන්නත් ලෝබයි මාමේ.'    කියලා..."

ඉඳින් අසරණිය ප්‍රථම වතාවට තමන්ගේ කමක් සෙනෙහසක් අත්වින්ඳේ දෑත් මතට අහසින් කඩන් වැටුණ තම කුඩා අතදරු සොයුරාගෙන්ය. තප්පරයෙන් තප්පරය මවකට බැඳෙනා පරිද්දෙන් ඔවුන් දෙදෙනා තදින් එකිණෙකා හා බැඳුණෝය.

"ධූර්යා එයාගෙ තාත්තා එකකල් බලාගෙනත් හිටියා... ඒත් තාත්තා ඇවිත් මල්ලිව අරන් යයි කියලා බයෙනුත් හිටියා.

පස්සේ අපේ මහත්තයා ඒ ළමයට තේරුම් කරලා දුන්නා හොඳට ඉගෙන ගෙන ඩොක්ටර් කෙනෙක් වුණාම මල්ලිව දැන් බලාගන්නවාට වඩා හොඳට බලාගන්න පුළුවන් කියලා... "

කාන්තාව පැවසූයේ ඉන් පසුව පියාට තම සොයුරා නැවත භාර දීමට ඇය හිත හදාගත් වගය. ඒ ඇය වෙනුවෙන් ඇයගේ වෛද්‍ය සිහිනය හැබෑකරගැනීමට නොව තම සොයුරා වෙනුවෙන් තම වෛද්‍ය සිහිනය හැබෑකරගැනීමටය. දැන් තිබෙණවාට වඩා ගුණදායි ජීවිතයක් තම සොයුරාට ලබා දීමටය.

හිරිකඩක්Where stories live. Discover now