13

584 57 1
                                    

🫧 🩶   #හිරිකඩක්_13
🩶🫧

සිතට ගලන් ආ සිතුවිල්ල හමුවේ නුඝාද් තිගැස්සී යන්නට වූයේ කලබලයක් සිතට දැනෙද්දීය. කලබලයෙන් නෙතු ඉවතට හරවාගත් නුඝාද් අසල වූ බ්ලැන්කට්ටුව ගෙන ඈ ගත වසා දැමූයේ තම සිතිවිලි පිළිබඳවම කෝප ගෙනය.

~~

පසුදින උදෑසන් ධූර්යා හෙමිහිටම නෙතු විවර කරනට වූයේ හිස තදින් රිදුම් දෙද්දීය. තමා යළිත් හිඳින්නේ නුඝාද්ගේ නිවස තුළ වගක් ඇයට හැඟුනේ දෑස් හැර මොහොතක් ගෙවෙද්දීය. තත්පරයකින් දෙකකින් පෙර දින ‍රාත්‍රියේ සිදුවූ වේදනාකාරී මතක ඇය සිතට ගලන් ආවේ එක දිගටය.

නුඝාද් තවත් තරුණියක් සමඟ උන් අයුරුත්, තමාව ශීතල රාත්‍රියේ හිත් පිත් නොමැතිවම එළියට දැමූ අයුරුත්, නවීන් විත් තමාව රැගෙන යන්නට තැත් කරද්දී නුඝාද් පැමිණි අයුරුත්, ඉන් පසුව තමා ක්ලාන්තය වී බිම ඇදවැටුණු අයුරුත් ඇයට සිහිවූවද එතනින් එහාට සිදුවූ කිසිවක්ම ඇයට මතක නැතිය.

“ම්..මං කොහොමද මෙතෙන්ට ආවේ? හ්!”

එසේ පවසාන ධූර්යා සයනය මත වාඩි වද්දී ඈ වත වසා තිබූ බ්ලැන්කට්ටුව රූරා ඉණ මතට වැටුණේ නිරාවරණය වූ තම නග්න උඩුකය දකිද්දී ධූර්යා තිගස්සවාලමින්ය.

“හහ්! දෙයි..ය..නේ මගෙ ඇඳුම්? ම්..මේවා...?”

පොරෝනය හැරෙන්නට තම ගතෙහි ඇඳුම් කිසිවක් නොමැති බව වැටහෙද්දී ධූර්යාට දැනුනේ අහේතුකවම හදවත පවා සීතලව යන වගක්ය.

ඉඳින් පෙර දින රාත්‍රියේ කුමක් සිදුවූවාදැයි ඇයට වැටහීමක් නොවෙද්දී ධූර්යාට දැනුනේ දරාගත නොහැකි තරමේ නොසන්සුන් හැඟුමක්ය. නානාප්‍රකාර සිතිවිලි වලින් ඇයව කලබලයට පත්කරද්දී ධූර්යාට දැනුනේ පිළිකුලක් මිශ්‍ර බියක් මෙන් හැඟුමක්ය.

“අ..නේ ඔයා ආයෙම එහෙම කරේ නෑ නේද සර්...මාව ආයෙම වෙන උන්ට දුන්නෙ නෑ නේද?”

ඉඳින් බියජනකම සිතිවිල්ලෙන් ඈ සිතෙහි අහුමුලු වසාගනිද්දී ධූර්යා බ්ලැන්කට්ටුව ගෙන ළයට ගුලිකරගන්නට වූයේ දෙකොපුල් දිගේ කඳුළු කඩන් හැලෙද්දීය.

~~

හඬමින් උන් ධූර්යා තිගැස්සී ගියේ කුටියෙහි දොර විවරව යද්දීය.

හිරිකඩක්Where stories live. Discover now