37

610 65 6
                                    

#හිරිකඩක්_37

පසුදින උදෑසන දරුවා හා කුටියෙහි උන් නුඝාද්ගේ අවධානය බිඳුණේ කිසිවෙකු දොරට ගැසූ හඬකින්ය.

"ශනුවා කියපන්."

නුඝාද් තවමත් දරුවා හා හිඳින්නේ ශනූද්ගේ නිවසෙහිය.

"ආන්ටි ඇවිත් බන්."

හිස කසමින් ශනූද් පවසද්දී නුඝාද්ගේ දෙබැම රැළි වූයේ ඉබේටමය.

"අම්මා?"

තහවුරු කරගන්නට මෙන් යළිත් විමසද්දී ශනූද් හිස උඩට පහළට කෙරූයේ නුඝාද් හුස්මක් හෙළද්දීය. තවත් මොහොතකින් නුඝාද් ආලින්දයට පියමන් කළේ එහි හිටගෙන හුන් නුඝාද්ගේ මව හිස හරවා ඔහු දෙස බලද්දීය.

"පුතේ..."

නුඝාද්ගේ මුහුණෙහි ඉරියව් තෝරා බේරා ගැනීමට නොහැකි වුවද මව උන්නේ දෑසෙහි කඳුළු පුරවාගෙනය.

"ගෙදර නෑවිත්ම ඉන්න තරමට ඔයාගෙ අම්මා එක්ක තරහ වුණාද පුතේ?"

පසුතැවීම නොඅඩුව මුහුවූ හඬකින් ඇය විමසද්දී නුඝාද්ට දැනුණේ අනුකම්පාවකි. නමුදු ඔහු උන්නේ මුණිවත රකිමින්ය. මව දරුවා වෙතටත් නෙතු යොමා යළිත් නෙතු රැගෙන ආවේ නුඝාද් වෙතටය.

"අම්මා එක්ක තරහ වෙන්න එපා පුතේ. මම කියලා කී කාලයක් මේ දේවල් දරාගෙන ඉන්නද? මට ඕනෙ වුණේ ඔයාගෙ ජීවිතේ පිළිවලක් වෙනවා දකින්න.

යන්තම් හැම ප්‍රශ්නෙම විසඳන් ආයෙම ඔයා අර ග්...."

ඉඳින් ඇයට ධූර්යාට නොබැන ඉන්නට නොහැකිය. නමුදු පැවසීමට ගිය දෙය ගිලගත්තේ නුඝාද්ව කෝප ගැන්වීමට උවමණාවක් නොවූ නිසාවෙන්ය.

"ඉඳගන්න අම්මා. මම කොහොමත් එන්න හිටියෙ. ඔයත් එක්ක වැදගත් දෙයක් තියනවා කතාකරගන්න."

මව අසුන් ගද්දී නුඝාද් ඇයට ඉදිරිපස අසුනෙහි අසුන් ගත්තේ දරුවා ඔඩොක්කුව මත තබාගනිමින්ය.

"වැදගත් දෙයක්?"

"ඉන්න මම බොන්න මොනවහරි අරන් එන්නම්."

නුඝාද් දරුවාව මවට නොදී දරුවාව බිම තබා මුළුතැන්ගෙයට පියවර ඇහින්දේ ඔහුගේ මව හුස්මක් හෙළා දරුවා දෙස බලද්දීය. ආලින්දය පුරා බිමට එලා තිබූ ගණකම් රෙදි කාපට් එකෙහි රතු පැහැයෙන් දිස්වන රටාවන් කුඩා අතැඟිලි වලින් අල්වමින් දැරිය ළදරු භාෂාවෙන් මොනවාදෝ තනියමම මුමුණනවාය. ඉඳින් ඇයගේ අවිහිංසක උවන අබියස ඇය කෙරේ සිත ඇදීයාම වැළැක්විය නොහැකිය.

හිරිකඩක්Where stories live. Discover now