35

680 66 4
                                    

#හිරිකඩක්_35

"ඈණුම... මගෙ රෝස මලට බඩගිනි වෙලාද?"

දරුවාට ඈණුම් දෙක තුනක්ම යද්දී නුඝාද්ට සිතුණේ ඇයට යළිත් කුසගිනි වී ඇතැයි කියාය. නිවසේ හුන් විට ඇයට දෙතුන් වරක් කිරි සාදා දුන් නිසාවෙන් නුඝාද්ට එය තරමක් හුරුය.

"නුඝා..."

නුඝාද් හිස එසවූයේ මුළුතැන්ගෙයට පැමිණි නවීන්ගේ හඬටය.

"උඹ කොයිවෙලේද ආවෙ?"

නුඝාද් විමසන්නේ දරුවාව එක් අතකින් අල්වාගෙන විදුලි කේතලය ක්‍රියාත්මක කරමින්ය. දරුවාට ධූර්යා ලබා දී ඇත්තේ ඇයගේ නොවන මව් කිරිය. එංගලන්තයේ  provide Pasteurized Donor Human Milk (PDHM) ක්‍රියාත්මක කිරීමට සකසා ඇති රෝහල් පාදක කරගත් milk bank හරහා මව් කිරි ඇය දරුවාට ලබා දී ඇත. දරුවාව හදාවඩා ගත් ජෙසිකා නම් කාන්තාව සතුව තිබූ උපදෙස් පත්‍රිකාවට අනුකුලව දරුවා ඒ ආකාරයෙන්ම ඇති දැඩි කිරීමට නුඝාද්ට අපහසුවක් නැතිය.

"උදේ ආවෙ. දියන් බබාව.  උඹ ඕක හදපන්."

නවීන් නුඝාද්ගෙන් දරුවා ගනිද්දී නුඝාද් ශීතකරණයේ තිබූ රොහලේ කිරි බැංකුවෙන් සැපයෙනා ශීත කළ මව්කිරි පැකැට්ටුව ගත්තේ සිතට බරක් දැනෙද්දීය.

"ධූර්යට තිබ්බ බන් මේ හැමදේම මට මුලින් කියන්න. එහෙම වුණානම් මගෙ දරුවට එක එක අම්මලාගෙ කිරි බොන්න වෙන්නෑ. මොන වෛරයක් තිබ්බත් දරුවා නිසා මට ධූර්යාට සමාව දෙන්න තිබ්බා."

ඉඳින් නුඝාද් පවසන්නේ දැඩි පසුතැවීමකින්ය. කුමක්නම් කියා නුඝාද්ව අස්වසාලන්නටදැයි නවීන්ට සිතාගත නොහැකිය.

"මං ධූර්යා හරි කියලා කියන්නෙ නෑ. ඒ හැමදේම හංගන් ඉන්න ඒ කෙල්ලට හේතුවක් තිබ්බා නේද නුඝා?

මෙතන උඹෙත් වැරදි තියනවා ඒකිගෙත් වැරදි තියනවා. ඒත් මේ ඔක්කොටම වගකියන්න ඕනෙ උඹලා දෙන්නගෙන් එක්කෙනෙක්වත් නෙමෙයි. මේ ගේම් එක පිටිපස්සෙ ඉන්නෙ කා*කණ්ණියව හොයාගෙන ඉන්න ඕනෙ ඔක්කොටම කලින්."

නුඝාද් කළේ හුස්මක් හෙළීම පමණක්ය. ඉඳින් ධූර්යා දරුවාව සැඟවූයේ දරුවාව ආරක්ෂා කිරීමට කියා ඔහුට පැහැදිලිය. නමුදු එදින ඇයට නවතින්නට තිබුණාය. එදින ඇයට අහිංසක දරුපැටවාව අතහැර දමා නොයන්නට තිබුණාය.

හිරිකඩක්Where stories live. Discover now