64

440 59 6
                                    

#හිරිකඩක්_64

පසුදින උදෑසන නුඝාද් ධූර්යාව කුඩා නිවසෙහි දමා අනෙක් නිවසට පියවර ඇහින්දේ ලෝබකමින්ය. ඒ ඇයව කිහිපවරක්ම සිපගැනීමෙන් පසුවය.

"ඡායා ඔයාගෙ රූම් එකට යන්න ශේප් එකේ. මම ඒන්ජල්ව මගෙ රූම් එකට අරන් යනවා."

දරුවාගේ කුටියෙහි දරුවා සමඟ තබා හුන් සේවිකාව අවදිකර නුඝාද් ඇයව පිටත් කර හැරියේ ප්‍රවේශමෙන් දරුවාව ඔසවාගනිමින්ය.

"මගෙ මැණික් කැටේ."

නින්දෙන්ම මදක් ගැස්සී යළිත් නුඝාද්ගේ උණුහුමට දරුවා ගුලිවෙද්දී නුඝාද් ඇයව ළයට තුරුළු කරගෙන ඔහුගේ කුටිය දෙසට පියවර ඇහින්දේ හෙමිහිටය. කුටියට පැමිණ දරුවාව තම සයනයෙන් තබාන දරුවාගේ වටෙන් අතක් දමා ඒ අත්ල දරුවාගේ ඉණට යන්තමින් තබාන නුඝාද් උන්නේ සයනයේ වැතිරීගෙනය. නින්දක්නම් නෙතට නැතුවාය.

තම මව දින කිහිපයක් මෙහි නැවතුණහොත් දරුවාව ධූර්යාගෙන් ඈත් කර තබන්නට වනවාය. නුඝාද්ට සිතන්නට දේ බොහෝය.

"ගුඩ් මෝර්නින්ග් අම්මා."

පසුදින නුඝාද් කාර්යාලයට යාමට සූදානම් වී කෑම මේසය අබියසට පැමිණියේ එහි වාඩි වී හුන් තම මවට උදෑසන සුබපැතුම් එක් කරමින්ය. එය කුඩා කල පටන්ම ඇය පනවා ඇති නීතියක්ය. සියල්ලන්ම කෑම මේසයට නිසි වේලාවට පැමිණිය යුතු බවත් හමුවන සැමටම උදෑසන සුබපැතුම් එක කළ යුතු බවටත් නුඝාද්ගේ මව ඔහු කුඩා කල ඔහුට අණක් ලබා දී තිබුණාය. තවමත් එම පුරුදු ඔහුට තිබෙන්නේය.

"අම්මත් මාත් එක්කම යනවනේ?"

මව සූදානම් වී නොසිටිය නිසාවෙන් නුඝාද් විමසන්නේය.

"අම්මාට අද ඔෆිස් යන්න බෑ වගේ පුතා."

එයටනම් නුඝාද් කැමති වූයේ නැතිය.

~~~

ඒ අයුරින් තෙදිනක්ම ගෙවී යන්නට විය. නුඝාද් හා සේවිකාවන් දෙදෙනා සූක්ෂම අයුරින් ධූර්යාව එහාපස කුඩා නිවසෙහි තබාන උන්නෝය. නමුදු ධූර්යාට දරුවා නොමැතිව සාංකාව වාගේය.  නුඝාද් තෙවෙනි දිනයේ රාත්‍රියේ නිදන් හුන් දරුවාද ප්‍රවේශමෙන් බ්ලැන්කට්ටුවක ඔතා ළයට තුරුළු කරගත්තේ හොර වැඩක් කරනා පරිද්දෙන්ය.

හිරිකඩක්Where stories live. Discover now