"ඔය නිව්ටන්ගේ තුන්වෙනි නියමේ බං"
ධනුර්ව ඉස්කෝලේ වොෂ්රූම් එකේ හිටපු මෙව්ලකට කිව්වා. පැය ගාණක් තිස්සේ මෙව්ලික වොෂ්රූම් එකේ තමන්ගේ කට පරිස්සමක් නැති කම නිසා. කැන්ටිමට අලුතින් දාපු කොත්තුවක් කාලා ඒක කාපු වෙලේ ඉඳන් පොර වොෂ්රූම් එකේ.
"මොන මඟුලකද දැන් උඹ නිව්ටන්ගේ තුනක් ගාවගත්තේ මෙතන" මෙව්ලිකට වෙලාවේ හැටියට නිව්ටන්ගේ තුන නෙමේ මොන මඟුලක්වත් ඔලුවට යන තරම් සිහියකින් නෙවෙයි හිටියේ.
"නිව්ටන්ට කොහෙද බං තුනක් තිබ්බේ. පොරටත් ඉතින් අපිට වගේම දෙකක් තමා තියෙන්න ඇත්තේ.. " ධනුර්ව එහෙම කියද්දී වොෂ්රූම් එකේ හිටපු මෙව්ලිකට ආවේස වුණා.
"ඕන ප%@$!! දැන් නිව්ටන්ගේ තුන හරි දෙක හරි කිව්වේ මොකටද?"
"සෑම ක්‍රියාවකටම දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වූත් විශාලත්වයෙන් සමාන වූත් ප්‍රතික්‍රියාවක් ඇත. තොගේ ඔය බොක්කු කට ගැන කිව්වේ මම"
" උඹ මගෙන් අහගන්න එපා!!"
කොහොම හරි ඉස්කොලෙ ඇරෙන්න ඔන්න මෙන්න තියලා හරි වොෂ්රූම් එකෙන් දෙයියනේ කියලා එලියට එන්න මෙව්ලකට පුලුවන් වුණා. ඉස්කෝලේ අනාගත HP මහ ලොකුවට! හැබැයි එක කොත්තුවයි පැය තුනකට වඩා වොෂ්රූම්...
"මං කියන්නේ බං නිව්ටන්-" ධනුර්ව තව විෂයානුබද්ධ උපමාවක් දෙන්න කලින් මෙව්ලික ධනුර්ව ව නැවැත්තුවා. ධනුර්ව ගේ උපමා විෂයානුබද්ධ වුණත් සමහර වෙලාවට එයා කියන වචන තෙධාෂ අයියගේ වගේ බර නැති වුණත් හිතට හරියට දැනෙනවා. විෂයන් එක්ක කියන ඒවත් දැනෙනවා මොලේට. ඊට පස්සේ ඒ මොලේ රිදෙනවා ඒ නිසා කට්ටිය වැඩිය එයාගේ විෂය උපමා ඇහුනත් එක කනකින් අහලා අනෙක් කනෙන් කුණු බක්කියට දානවා.
"අනේ මේ ඕයි වඳින්නම් උඹ ඔය physics, maths, chem ජීවිතේට උපමා කරලා විකාර කියවන එක නවත්තපන්කො..අපි පවු යකෝ"
"ඉතින් ඒවගෙන් නැතුව මම කොමස් වලින් කියන්න ද සුනඛයෝ!"
"ඉතින් ඒවගෙන් නැතුව සිංහලෙන් කියපන්කෝ" මෙව්ලික කියද්දි ධනුර්ව උරහිස් උස්සලා එතනින් ගියේ 'උඹලට මේව තේරෙන්නෑ' යන්න හඟවන්නට වගේ.
BẠN ĐANG ĐỌC
✔️KATUPITAPATHA| කටුපිටපත
Lãng mạnThe unedited feelings 🩵 මේ යනු නුවර වැස්සෙන් තෙමී ඇරඹුනු...කොළඹ පහන් එලි වලින් නැහැවෙමින්...පොත් සුවඳ අතරින් ගලා යන ඔවුන්ගේ ප්‍රේමණීය වෘතාන්තයයි..... Started: 11/03/2024 Finished: 06/10/2024