45

1.2K 176 152
                                    

Physics ක්ලාස් එකේ නටලා අන්තිමේ ගෙදර යනකොට හැමෝගෙම වගේ හොඳ පණ ලෙෆ්ට් වෙලා තිබුණේ. ඉතින් ඊළඟ දවසෙත් ක්ලාස් එකක් තියන නිසා වැඩිය වෙලා ඇහැරිලා ඉන්නේ නැතුව ධනුර්ව නිදාගන්න ගියේ හෙටින් පස්සේ ඉවර වෙන ඒ ලෙවල් ටියුෂන් රන් එකට සමු දෙන්න උදේම නැගිටින්න ඕන නිසා. ටියුෂන් ක්ලාස් නිවාඩු දෙනවා කියන්නෙම තව සති දෙකකින් ඒ ලෙවල්!! ඒක මතක් වෙද්දි තමයි ඒ ලෙවල් ලියන ලමයිට බඩේ වකුගඩු හැදෙන්නේ! ඒත් ඉතින් වකුගඩුවේ බඩ හැදුනත් පෙනහැල්ල බඩ වුණත් ඒ ලෙවල් ලියන්නම එපැයි. ඒ නිසා කොච්චර බය වුණත් ඒ විභාගෙට මූණ දෙන්නම වෙනවා.

උදේම නැගිටලා තෙධාෂ එක්ක රොටරියට ගියපු ධනුර්ව ක්ලාස් පටන් ගන්නකල් මෙව්ලික, සතීර්ශ, අශ්වින්ද සහ නිධාරායි එයාගේ යාළුවොයි එක්ක කතාවක් දාගෙන හිටියා.

"ඕයි ගල් ඉබ්බි! උඹ අර සනූෂ අයියගේ හිත රිද්දනවා ආරංචියි අපිට" මෙව්ලික කියනවා ඇහිලා ධනුර්වත් නිධාරා දිහා බැලුවා මොකද මේ සීන් එක අහගන්න ඊයේ ඉඳන් පොර පෙරුම් පුරාගෙන නේ හිටියේ.

"ඒ අඩෝ සිරාවට නිධාරා..මොකක්ද ගල් භූත ඉබ්බියො ඒ කතාව"

"නෑ බං මේ ඒ අයියා මට කැමතියි ලු..."

"සනූෂ අයියා හොඳයි බං...උඹ බහ දුන්නද?" ධනුර්ව උදේම මයිලෝ එකක් අරන් බීම බටේ කටින් දාගන්න ගමන් ඇහුවම නිධාරා ධනුර්වටත් එක්ක ගැස්සුවා. බුදු අම්මෝ යකෝ මේකිගේ රැස්!! හරිම උදාරයි!!

"ඊට වඩා හොඳයි මම වහ කනවා" නිධාරා  ෆිල්ම් ඩයලොග් එකක් කියලා එයාගේ මයිලො එක බොන්න ගත්තා. සනූෂ අයියට මේ බිම් බෝම්බ හුචක්කුව කරගහන්න වෙන එකට බුදු සරණයි!! ධනුර්ව හිතුවේ කලින් වතාවේ නිධාරාව කරගහන්නයි කියලා හිතන් හිටියා කියලා තමන්ටම අමතක වෙලා. තෙධාෂ ක්ලාස් එක පැත්තට එනවා දැකපු නිසා සේරමලාම ක්ලාස් එකට ගිහින් ඉඳගත්තේ මෙච්චර වෙලා කුණුහරුප පල පල ඕපදූප දෙඩෙව්වේ නැති හෙන සිරිමත් පරපුර විදිහට. ඒත් ඒ හරියේ ඔය කුණුහරුප සාකච්ඡාව මොකෙක් හරි අහන් හිටියා නං කෙලින්ම ඊළඟ දවසේ ඉඳන් ක්ලිනික් බඩගාන්න තමා වෙන්නේ.

ආපු හැටියේ තෙධාෂ ඕනම පාඩම් වල රිවිශන් එකක් වගේ කරලා දුන්නා කලින් අවුරුද්දේ පේපර් එකත් ඩිස්කස් කරන අතරේ. අන්තිම මොහොතේ සේරම මතක් කරගන්න පුලුවන් හොඳ ක්‍රමයක් වුණා ඒක. හවස අන්තිම පේපර් එක තියලා ඒක ඉවර වුණාම පුංචි ම පුංචි මියුසිකල් එකක් ලෑස්ති කරලා තිබුණා පැයක. ඕනම කෙනෙක්ට පේපර් එක ඉවර වුණාම යන්න පුලුවන් කියලා කිව්වට  යන්නම වුණ දෙතුන් දෙනෙක් ඇරෙන්න අනිත් සේරම නතර වුණා. හෙන සවුන්ඩ් සිස්ටම් එකක් හයි ගස්සලා කලින් ලෑස්ති කරල තිබ්බ ලයිටින් ටික විනාඩි පහට දහයට ලෑස්ති කළේ ළමයි පේපර් එක ලියලා ඉවර වුණාට පස්සේ..පේපර්ස් එකතු කරන අතරේ.

✔️KATUPITAPATHA| කටුපිටපතDonde viven las historias. Descúbrelo ahora