අප්පච්චි කතා කරලා ගියාට පස්සේ තත්වය සාමකාමී..කට්ටියම බියර් කෑන් ටික කඩාගෙන බොන ගමන් වල් පල් කියෝ කියෝ හිටියා. හැබැයි වැටෙන්න නොගහ ගාණකට බොන්න සේරම ප්‍රවේශම් වුණා මොකද වෙඩින් එක සවුත්තු වුණොත් නිසා කියලා. වෙලාවකට පිස්සෝ වගේ නටන උන් තව වෙලාවක වගකීම් සහගත අප්පච්චිලා වගේ හැසිරෙනවා... ඒ තමයි මේ සෙට් එකේ විශේශත්වය..අදාල තැන අදාල විදිහට ඉන්නවා... ඒ අතරේ ඇතුලේ වැඩ වල හිටපු විහස්න අයියත් ඇවිත් බියර් කෑන් එකක් උස්සන් කට්ටියට සෙට් වුණා.
"අයියේ..."
"ම්ම්??" තෙධාෂ බියර් කෑන් එක පැත්තකින් තියලා ධනුර්වගේ ලගට ආවා.
"ඔයාගේ අලුත් පොත ලියන්නේ නැද්ද?" ධනුර්ව ඇහුවේ මේ ටිකේම තෙධාෂ ඒ පොත අතට ගන්නවා නොදැකපු නිසා. සාහිත්‍ය මාසෙට පොත වෙනදා වගේම අවුට් කරන්න ඉන්නවා නම් මාසෙකටවත් කලින් පොත් ටික publishers ලට දෙන්න එපැයි නේ. ඒත් අන්තිම කොටස ලියන්න ඉතුරුයි තෙධාෂට...තවම හැපි එන්ඩින් එක ආවේ නැද්ද??
"මේ ටිකේ වැඩ සෙට් වුණානේ මැණික...ආයෙම ලියන්න ගන්නවා අන්තිම ටිකනේ"
"හැපි එන්ඩින් නේද??" ධනුර්වට එක පාර උත්තරයක් නොදී තෙධාෂ ධනුර්වට ලස්සන හිනාවකින් සංග්‍රහ කලා.
"කියන්නකො!!!" තෙධාෂ ධනුර්ව ඉනෙන් ඇදලා ළඟට ගත්තා.
"ඒයි කට්ටිය ඉන්නවා අයියේ!! අත අරින්න" තෙධාෂ ධනුර්වගේ තොල් වලට පහත් වෙනවා දැකලා ධනුර්ව තෙධාෂගේ පපුවට අත තියලා පොඩ්ඩක් පස්සට කලා. ඉතින් ධනුර්වගෙන් එහාට වුණ තෙධාෂ ධනුර්වගේ නහයට තට්ටුවක් දැම්මා.
"මගේ හදවත මේ නිල් පාට ඩේසි මල තේරුම් ගත්ත දවසේ ඉඳන් මොන බාධකය මට මේ ලෝකේ ආවත් මගේ කතාව හැපි එන්ඩින් තමයි...ඔයාගේ ආදරේ තමයි මගේ කතාවට හැපි එන්ඩින් එකක් දුන්නේ...ඊටත් වඩා ලියන හැම වචනයක්ම ගානෙම ආදරේ උතුරවන්න හේතු වුණේ..."
ධනුර්ව තෙධාෂගේ පපුවට තුරුලු වෙලා පපුව උඩින් ඔලුව තියාගත්තේ හුඟක් ආදරෙන්. ඒ වචන හැම එකටම ආදරෙන් මත් වෙන ගමන්...මුලු කොළඹට ම වඩා එලිය තෙධාෂගේ ආදරේ දුඹුරු පාට ඇස් අස්සෙන් ගලන් එද්දි හඳ එලිය හොරෙන් එබෙන කවුලුවක ලස්සනට වඩා හුඟක් ලස්සනයි. සඳ එලියට නොපරදින තෙධාෂ හැම වචනයක් ගානෙම ධනුර්ව වෙනුවෙන් ආදරේ පුරවගෙන හිටියා. මන් ආදරෙයි කියලා කියන හැම වාරයකම...ලස්සන වචන ගොන්නකින් ආදරේ කියන හැම වාරෙකම ධනුර්වගේ හදවතත් ඒ ආදරෙන් ආලෝකමත් වෙනවා.
ESTÁS LEYENDO
✔️KATUPITAPATHA| කටුපිටපත
RomanceThe unedited feelings 🩵 මේ යනු නුවර වැස්සෙන් තෙමී ඇරඹුනු...කොළඹ පහන් එලි වලින් නැහැවෙමින්...පොත් සුවඳ අතරින් ගලා යන ඔවුන්ගේ ප්‍රේමණීය වෘතාන්තයයි..... Started: 11/03/2024 Finished: 06/10/2024