"ආ ලොක්කයියේ!!! මානමාල මහත්තයො මොකෝ තකහනියක් මේ පැත්තේ?? මනමාලි වැඩට ගියා.." උදේ පාන්දර කුකුලත් අතේ අරන් ගෙදරට සම්ප්‍රාප්ත වෙච්ච තෙධාස්වර අයියාගෙන් ධනුර්ව ඇහුවේ අයියට ගෙදර ඇතුලට එන්න ආරාධනා කරන ගමන්.
"මන් ආවේ යුවී ව හම්බවෙන්න නෙවෙයි මල්ලි" තෙධාස්වර අයියා සෝෆා එකෙන් වාඩි වෙලා සාක්කුවේ ගහන් හිටපු වොලට් එකයි කාර් කී එකයි ෆෝන් එකයි සේරම ටීපෝ එක උඩින් තියලා පොඩ්ඩක් සුවපහසුවට ඉඳගත්තා. ඒ කොහොම වුණත් තෙධාස්වර අයියාගේ මූණ කොහෙත්ම තව සතියකින් බඳින්න ඉන්න කොල්ලෙක් ගේ මූණක් වගේ නෑ. මැලවිලා ගිහින්..ටික දවසකට කලින් කොච්චර සන්තෝසෙන් උඩ පැන පැන හිටපු මනුස්සයද මේ??
"තෙධාෂ අයියද? එයත් ගියානේ අයියේ රොටරි එකේ වැඩකට"
"මම ආවේ ඔයාව හම්බවෙන්න..." තෙධාස්වර අයියගේ මූණ ගොඩක් බැරෑරුම් වුණේ බලන් ඉද්දිමයි. හොඳ දෙයක් නම් වෙන්න බැහැ කොහෙත්ම.
"මල්ලි යුවී අමුතුයි ටික දවසක ඉඳන්...මන් ඇහුවම මුකුත් නෑ කියනවා..ඒත් අඳින පලඳින එකේ පවා ඉඳන් වෙනස්..මට එයාගේ අතින්වත් අල්ලන්න බෑ හරිම අමුතු විදිහට ගැහෙන්න ගන්නවා එයාව..මාව මඟ අරිනවා පුදුම විදිහට...මල්ලි මොනවහරි මේ ගැන දන්නවද?"
"මටත් ඕක ටික දවසක ඉඳන් දැනිලා තිබුණේ..මටත් හිතාගන්න බෑ ඇයි කියලා...මාවත් මඟ අරිනවා කොටින් ම. අපි කාත් එක්කවත් මහ ගනුදෙනුවක් නෑ. ඇඳුමක් ඇන්දත් බෙල්ලේ ඉඳන් කකුල් දෙක යටටම වැහෙන්න. වෙනදට ඔය ලස්සන ෆැෂන් එහෙම කලානේ අක්කි ගැලපෙන විදිහට..දැන් ඒ එකක්වත් නෑ..." ධනුර්වත් හුඟක් බය වුණේ මොකක් හරි සිදු නොවිය යුත්තක් එයාලාගේ ජීවිත වටේ සිදුවෙමින් පවතිනවා කියලා දැනෙන නිසා. මොනවද මේ එකපාර වෙන්නේ?? මොන කුණාටුව ආවත් කමක් නෑ ඒකෙන් හැමෝටම ආරක්ෂා වෙන්න පුලුවන් නම්...ඒත් හැමතැනින්ම බිඳුනු මනුස්සයෙක්ව හැමතිස්සෙම එන කුණාටු වලට විනාශ වෙන්න නොදී බේරගන්න පුලුවන් වේවිද???
හුඟක් වෙලා ධනුර්ව එක්ක කතා කර කර ඉඳලා තෙධාස්වර යන්න පිටත් වෙලා බඩු ටික ආයෙම සාක්කුවට ඔබා ගෙන ධනුර්වගේ ඔලුවටත් අත තියලා කොණ්ඩෙත් අවුල් කරගෙන ම සපත්තු දෙක දාගෙන කාර් එක පැත්තට ඇවිදන් ගියා. තෙධාස්වර යන දිහා බලන් හිටපු ධනුර්වට එකපාරම දෙයක් මතක් වුණා. කොහොමද මේක අමතක වුණේ???? ඒත්....මේකට සම්බන්ධයක් තියෙන්න පුලුවන්ද??
VOCÊ ESTÁ LENDO
✔️KATUPITAPATHA| කටුපිටපත
RomanceThe unedited feelings 🩵 මේ යනු නුවර වැස්සෙන් තෙමී ඇරඹුනු...කොළඹ පහන් එලි වලින් නැහැවෙමින්...පොත් සුවඳ අතරින් ගලා යන ඔවුන්ගේ ප්‍රේමණීය වෘතාන්තයයි..... Started: 11/03/2024 Finished: 06/10/2024