"නාන විලේ...නා..ගස්..නව
යක් තිබුණා.....
නාන විලේ.....නා...ගස්..වල
අතු බෙදුනා....
නාන විලේ...නා අතු වල
මල් පිපුණා....
නාන විලේ....නා මල්
මුනි දුට පිදුනා....."ඩාන්සින් රූම් එකෙන් ඇහෙන ජන ගීය මුලු පලාතම එලිය කරලා. ඒ ජනගීය හරිම ලස්සනයි...ඒකේ තේරුම ගැන නොයෙක් කතා තිබුණත් බෙර පදයක් එක්ක ඒ ජන ගීය කියද්දි අමුතු හැඟීමක් හිතට මෝදු වෙන එක නවත්තන්න බැරි දෙයක්. කොල්ලො ටික එකතු වෙලා කියන ජනගීයේ තාලෙට ඉන්වයිටඩ් ස්කූල් වල ලමයි පාද තියනවා. කොල්ලො නටන කොට වගේ නෙවෙයි කෙල්ලො නටන කොට...පුදුම ලාලිත්‍යයක් තියෙන්නේ තියන හැම පාදයක පවා. මියුසික් ළමයි practice කරන එක පැත්තක දාලා මේ නැටුම බලන්න ඩාන්සින් රූම් ආවේ. දේවමණ්ඩලෙත් ඩාන්සින් රූම් එකට බැහැලා. මහ දෙවියා කොහොමත් ඩාන්සින් රූම් එකේ නේ. ඩාන්සින් රූම් එකම හුස්මක් ගන්න ඉඩ නැති තරම් පිරිලා. නටන අයට නටන්න ඉඩ විතරයි තිබුණේ අනික් හැම තැනකම ළමයි.
නටලා ඉවර කරලා කට්ටියම break එකට එක රොත්තක් විදිහට ඩාන්සින් රූම් එකේ තැන් තැන් වල වාඩි වුණා. ඒ විදිහට රවුමට වාඩි වෙලා ධනුර්වගේ අතට මෙව්ලික කොහෙන්දෝ උස්සන් ආපු ගිටාර් එකක් දීලා ධනුර්වට එහාපැත්තෙන් වාඩි වෙලා හිටපු සතීර්ශ ළඟින් ඉඳගත්තා. හැමෝටම ඕන වෙලා තිබුණේ පොඩ්ඩක් හිතට සැනසීමක් ලැබෙන ස්ලෝ සින්දුවක්. ධනුර්ව හැමෝගෙම මූණු වලින් ඒක තේරුම් ගත්තා.... ධනුර්ව ලා දුඹුරු පාට acoustic ගිටාර් එක අතට අරගෙන සාක්කුවෙන් දුඹුරු-අලු ගිටාර් පික් එක එලියට අරගෙන ඒක strings ගාවට ලං කලේ අනික් අතින් frets තද කරගන්න ගමන්. G chord එකට ඇඟිලි තියලා ධනුර්ව එක සැරයක් නිකන් strum කළේ සින්දුවේ වයිබ් එකට එන්ටර් වෙන්න. මුලු රූම් එකේ හැමෝම මීයට පිම්බා වගේ නිශ්ශබ්දයි....හරියට සංගීතය කතා කරන කල් එයාලා බලන් ඉන්නවා කියන්න වගේ...
"හැන්දෑවේ මන්දාරම් වැහි දිහා
නෙක මල් පාරේ නුඹ එක්කන් යන්නම් කියා..
කොහේ හෝ මා සොයා ඒවි මෙදා
මන්දාරම් හැන්දෑවේ පාවෙලා...ඕ මුමුණලා හද මුමුණලා නුඹ මා දිහා බලනා
දැවෙනවා ඕ හිත දැවෙනවා ඈ මගේ ලගින් නැති දා...
![](https://img.wattpad.com/cover/364086397-288-k566227.jpg)
YOU ARE READING
✔️KATUPITAPATHA| කටුපිටපත
RomanceThe unedited feelings 🩵 මේ යනු නුවර වැස්සෙන් තෙමී ඇරඹුනු...කොළඹ පහන් එලි වලින් නැහැවෙමින්...පොත් සුවඳ අතරින් ගලා යන ඔවුන්ගේ ප්‍රේමණීය වෘතාන්තයයි..... Started: 11/03/2024 Finished: 06/10/2024