76

728 82 43
                                    

කාලෙකට පස්සේ ඉස්කෝලේට පය තියෙද්දි දැනෙන්නේ අමුත්තක්... ඊටත් සුපුරුදු සුදු යුනිෆෝම් එක නැතුව බොටම් එකකුයි ටී ෂර්ට් එකකුයි ගහන් ඉස්කෝලෙට යද්දි යුනිෆෝම් ගහපු කොල්ලො හතර වටේ ඉද්දි හුඟක් අමුතුයි...තවත් ඒ යුනිෆෝම් එකට අයිතියක් නෑ කියලා හිතන්න කොච්චර අමාරු වුණත් මේ ටී ෂර්ට් එක සහ බොටම් එක ඒක මතක් කරලා දෙනවා නෙවෙයිද?? මුලු ඉස්කෝලේ ම පරණ ජීවයටම ගැහෙනවා ඒත් ටික කාලෙකට  කලින් ඉස්කෝලෙන් අයින් වුණ හැමෝම ඉස්සර මතක අස්සේ හිර වෙලා...

ධනුර්ව මේ මාස ගාණකට පස්සේ ඉස්කෝලේට ගියේ මියුසිකල් සර්කල් එකෙන් ඔර්ගනයිස් කරන රිදම් ඔෆ් මෙරූන්ස් එකට practice කරන්න. ඉස්කෝලේ ඩාන්සින්,මියුසික් ඩ්‍රමා රූම්ස් සේරම පුදුම ඝෝෂාවකින් පිරිලා. ඈතට ඇහෙනවා එක එක සිංදු කලවම් වෙලා අට්චාරු වෙලා ඇහෙන්නේ. ඒ අස්සේ කෙල්ලෝ වගයකුත් ඇවිත්. රිදම් ඔෆ් මෙරූන්ස් එකේ ඉන්වයිටඩ් ස්කූල් එක්ක ඩුවට් ඉවෙන්ට්ස් තියෙනවා. මෙව්ලිකටත් ඉවෙන්ට් එකක් තියනවා හෙඩ් බෝඩ් එක එක්ක.

ධනුර්ව ඩාන්සින් රූම් එකට යනකොට මෙව්ලික ඩාන්සින් රූම් එකේ බැම්මට හේත්තු වෙලා පාර දිහා බලන් ඉන්නවා. පහල ඉඳලම ධනුර්ව එන දිහා මෙව්ලික බලන් ඉඳලා ධනුර්වට උඩට කතා කලා.

ඔය ඉන්නේ මරදාන බෝඩරේ හෙඩ් පිපෙට්ටුව!! උඩට නගිනකොටම ධනුර්වට මෙව්ලික ගිරිය කඩන් පහල දඟලන කොල්ලො ටිකකට උඩ ඉඳන් ම ඉනට අත් දෙකත් තියන් බනිනවා..මෙන්න මූත් නහරකාරයෙක් වෙලා..තහඩු කෑල්ලට නැති නහරත් පිප්පෙනවද කොහෙද!! ධනුර්ව ෂේප් එකේ මෙව්ලිකගේ පස්සට පාරක් දීලා බැම්මෙන් හේත්තු වුණේ ඩාන්සින් රූම් එක පැත්තට මූණ දාලා. මෙව්ලිකත් බනින එක පැත්තක දාලා පොඩි උන් ටිකට රවලා ධනුර්වගේ පැත්තට හැරුණා.

"ආ මචං!!" මෙව්ලික ධනුර්වගේ කරට අතකුත් දාගත්තා.

"උඹට දැන් අපිව මතක නෑ නේද?? පෙම් සිත රිදුණා රත්තරනේ..."

"අම්මෝ ගල් පැලෙන මුසා බස් දොඩන්න එපා පගයො!! ඊයේ රෑත් අපි දෙන්නා මල් කැඩුවා !!"

"හරි හරි ඉතින් හහ්!!" ධනුර්ව මූණ පුම්බගෙන අනික පැත්ත හැරුණම මෙව්ලික හිනා වෙලා ධනුර්වගේ පුම්බගෙන ඉන්න කම්මුලට ඇඟිල්ලෙන් ඇන්නා. එතකොට ම එතනට මයිලෝ තුනක් උස්සන් ආවේ සතීර්ශ. මයිලෝ වලින් තොර ලෝකයක් ඒ තුන්කට්ටුවට තිබුණෙම නැති තරම්. කොහෙ ගියත් මයිලෝ එක ඕන මයි. ධනුර්වටයි මෙව්ලිකටයි මයිලෝ දෙක දීලා සතීර්ශ එයාගේ මයිලෝ එක බොන්න ගත්තා. මයිලෝ එක බොන අතරේ සතීර්ශගේ සුදු යුනිෆෝම් එකට අමුණලා තිබුණ ගේම්ස් කැප්ටන් බැජ් එක දිහා ධනුර්ව එක සැරයක් බලලා ආයෙම අහක බලාගත්තා. තමන්ගේ නොවන වැරැද්දකින් අහිමි වුණ දෙයක් ගැන හිත භිත දුක් වෙන්නේ මොකටද??

✔️KATUPITAPATHA| කටුපිටපතDonde viven las historias. Descúbrelo ahora