90

601 73 33
                                    

දින සති මාස ඔහේ ගෙවිලා ගිහින් තිබුණා. ධනුර්ව මේ වෙනකොට රටේ ප්‍රසිද්ධ ගායකයෙක්. ඒත් ධනුර්ව ඉන්ටවීවස් වලට වැඩිය යන්නෙම නැති තරම්. ඕවට ගියාම අහන්නෙම කුණු ගොඩවල් නේ. ඉතින් ධනුර්ව සින්දුවක් කියන් කොන්සර්ට් දෙක තුනක් කරන් පාඩුවේ හිටියා. කොහොමත් ධනුර්වට කැම්පස් එකේ වැඩ එක්ක හැම හැම දෙයක්ම කරන්න වෙලා තිබ්බේ නෑ. හිතලම ඕනවට වඩා කාර්යබහුල කරගත්ත ජීවිතේ ඇතුලේ ධනුර්වට දුක් වෙන්න තිබ්බේ අඩු කාලයක් කියලා ධනුර්ව හිතන් හිටියට ධනුර්ව ඒ අවුරුදු ගාණ පුරාවටම කලේ වේදනාව තනියම යටපත් කරගත්ත එක. වේදනාව පිට නොකර යටපත් කරගන්න එක නොදැනුවත්ම තුවාල වුණේ ධනුර්වගෙම හිත...කොච්චර කිව්වත් යාලුවෝ දුක පිට කරන්න අඬපන් ඇති වෙන්න කියලා දරදඬු විදිහට හිත පාලනය කරගන්නවා මිසක ධනුර්ව කෑ ගහලා අඬලා දුක පිට කරන්න ගියේ නෑ. ඒ එයාගේ විදිහ...තෙධාෂ වුණත් නිතර රවිධාරලට කෝල් කරන අතරේ කියන්නේ කොහොමහරි පුලුවන් නම් ධනුර්වව අඬවලා ඔය දුක එලියට ගනින් කියලා..ධනුර්වත් ඒක දන්නවා...ඒත් වෙලාවකට තෙධාෂ හිටපු කාමරේට ගිහින් කම්මුල් දෙපැත්තේ සීරුවට කඳුලු බිඳු වැටෙන්න ඉඩ තිබ්බොත් මිසක ධනුර්ව කෑ ගහලා දුක පිට කරලා තිබුණේ නෑ.

ඒ අවුරුදු හතර ඇතුලත මොනවහරි හොඳ දේවල් කිහිපයක් වුණා නම් ඒ චූටි අක්කගේ වෙඩින් එක, ලොකු අක්කා pregnant වුණ ඒවා සහ ධනුර්වට මියුසික් ඉන්ඩස්ට්‍රි එකේ තැනක් ලැබිලා තිබුණ එකයි. ලොකු අක්කා pregnant කියලා දැනගෙන දැනට මාස පහයි...බාප්පා කෙනෙක් වෙන්න යන සතුටට ධනුර්ව අවංකවම සතුටු වුණේ වේදනාව අමතක කරලා. තෙධාස්වර අයියා තරම් ඒ ආරංචියට එක්සයිට් වුණේ නෑ වෙන කිසි කෙනෙක්. ධනුර්ව එක්ක නිවාඩු වෙලා වල ගිහින් ලොකු අක්කාට දොල දුක හැදුනම කන්න ඕනයි කියන්න ඒක ඒක ඒවා උස්සන් යනවා..

"මොනාද බං මේ??" අයියා ෆුඩ් සිටි එකෙන් ගත්තු නිව්ටෙලා ස්ප්‍රෙඩ් එක හතර අතේ කරකැව්වා. අක්කා ස්ප්‍රෙඩ් එකක් ගේන්න කිව්වට පාන්වත් අඩුම බිස්කට් එකක්වත් ගේන්න කිව්වේ නැති නිසා අයියා හෙනට කන්ෆියුස්.

"චොක්ලට් ස්ප්‍රෙඩ් එකක් අනේ..ඔය ලියලත් තියෙන්නේ...ඔහොම ඇස් පේන්නැතුව අප්පච්චිලා වෙන්න බෑ..." ධනුර්ව පොඩි නෝන්ඩි හිනාවක් දාලා කියලා පැසෙන්ජර් සීට් එකට හේත්තු වුණා.

✔️KATUPITAPATHA| කටුපිටපතHikayelerin yaşadığı yer. Şimdi keşfedin