රිදම් ඔෆ් ද මෙරූන්ස් ඉවර වුණාට පස්සේ මුලු ඉස්කෝලේටම වැස්සක් වැහැලා පෑව්වා වගේ...ධනුර්වත් නිවාඩු පාඩුවේ අතට දුන්න පොත කියවන්න වෙලාවක් නැතුව පොත් රාක්කේ තියලා තිබ්බ තෙධාෂ අයියගේ පොත අතට ගත්තා. පොතේ හාඩ් කවර් එක උඩින් තැන් තැන් වලින් ලැමිනේටඩ් වගේ ඩිසයින් එකක් තිබ්බ නිල්- අලු මිශ්‍ර බැක් ග්‍රවුන්ඩ් එකක ඇඳපු නිල් පාට ඩේසි මල් කිනිත්තක්...ඒ මල් පොකුර තියලා තිබුණේ පොතක් පෙරලලා පිටු දෙකක් අතර මැද..කවර් එකේ ඩිසයින් එක දීලා තියෙන්නෙත් තෙධාෂමයි...ධනුර්ව පිදුමට පෙරලුවේ කවරේ උඩින් සිනිදුවට ඇඟිල්ල තියලා ඒ කවරේ ලස්සන හොඳට ම විඳලා...කවරෙන් පොත මනින්න බැහැ...ඒක ඇත්ත...ඒත් තෙධාෂ අයියගේ පොතේ නමේ ඉඳන් අන්තිම පිටුව දක්වාම ගැඹුරුයි...ලස්සනයි....පොතක පිටු මැද්දෙන් තියපු නිල් පාට ඩේසි මල් පොකුර...ධනුර්ව සහ තෙධාෂව සංකේතවත් කරන්න ගත්ත වෑයමක්...
" පිදුම
නිස්සාරව තිබුණ මගේ හිතේ ලස්සනට පිපුණ මගේ නිල් පාට ඩේසි මලට ආදරයෙනි....." ධනුර්ව හෙමින් පිදුම කියෙව්වා....ඒ පුංචි පිදුමට සතුටු කඳුලු මහ ගොඩක් පිරිලා ඇස් බොඳ වේගන එද්දි ධනුර්ව ඇස් පිහදාගෙන ඇඳේ හරි බරි ගැහුනේ පොත කියවන්න පටන් ගන්න..පැය තුනක් හතරක් තිස්සේ එක දිගට පොත කියවලා ඉවර කරලා ධනුර්ව ඇඳන් නැගිට්ටේ තවමත් නොමිදුනු තෙධාෂ විසින් මවපු 'කටුපිටපත' ලෝකයේ සිහියෙන්ම යි. පොත පුරාවටම තෙධාෂ මේන් කැරැක්ටර් එක තමන්ගේ ආදරේට කතා කරන්න පාවිච්චි කලේ මගේ ඩේසි මල කියන වාක්‍යයි..
"අහම්බෙන් හම්බවුණ නිල් පාට ඩේසි මල වෙත ලියමි...
මන්දාරම් වැස්ස...මන්දාරම් සුළඟ එක්ක දැනෙන හීතල...මොනතරම් කාව්‍යාලංකාර ද? කොයි තරම් රචකයන්ට වචන කරන්නට අදහස් දෙනවද?? ඒත් මම ඒ මන්දාරම් අහස යට දුටුව එකම ලස්සන නම් අහම්බයකින් මගේ දෙනෙතේ ගැටුන නිල් පාට ඩේසි මලයි...නැවත ඔබව දකින්නට මම රැයටවත් අඳුරු නොවන වීදී තියන කොළඹ පුරයට එනවා...මම එනකල් ලස්සනට පිපිලා ඉන්න...හරියට අහම්බයකින් වගේ ඔයා මගේ හිතේ පිපුණා වගේම..."
කතාව පටන් ගන්නෙම ඒ ලියුමෙන්...වචන හරඹ කරන්න තෙධාෂ මෙච්චරම දක්ෂකමක් කොහෙන් හොයාගත්තද කියලා ධනුර්ව කල්පනා කලේ එක පාරක් දෙපාරක් නෙවෙයි. මොකද තෙධාෂගේ පොතක් කියවන හැම වාරයකම මේකා නම් මිනිහෙක් වෙන්න බෑ!! කොහෙන් එන වචනද මේ?? කොහෙන් එන හැඟීම්ද මේ??? කියලා ධනුර්වට හිතෙනවා...
أنت تقرأ
✔️KATUPITAPATHA| කටුපිටපත
عاطفيةThe unedited feelings 🩵 මේ යනු නුවර වැස්සෙන් තෙමී ඇරඹුනු...කොළඹ පහන් එලි වලින් නැහැවෙමින්...පොත් සුවඳ අතරින් ගලා යන ඔවුන්ගේ ප්‍රේමණීය වෘතාන්තයයි..... Started: 11/03/2024 Finished: 06/10/2024