96

631 68 30
                                    

ධනුර්වගේ කොන්සර්ට් එක ඉවර වුණාට දවස් දෙකකට පස්සේ ධනුර්වයි තෙධාෂයි නුවර යන්න පිටත් වුණා. තෙධාෂගේ වාහනේ ධනුර්ව පැසෙන්ජර් සීට් එකෙන් වාඩි වුණා මොකද ඩ්‍රයිවින් සීට් එකේ නැගලා අවුරුදු ගාණකට පස්සේ ලංකාවට ආපු ගමන් ම මනුස්සයට හාට් අටෑක් හදවන්න හොඳ නැති නිසා..මෙව්ලික කිව්වනේ ධනුර්ව යන වේගෙට හාට් ඇටෑක් හැදෙනවා කියලා...හාට් ඇටෑක් හැදුනොත් එහෙම මේ බඩේ ඉන්න පුතු පැටියට දෙන්නේ කාගේ වාසගමද?? මන් කියන්නේ ඉතින් මැරුණත් පුලුවන් නං තමා... ඒත් අර අප්පච්චිකාරයා කිව්වොත් මේ ඉන්නේ මගේ පුතාගේ ලෙයින් ඉපදුනු පුතෙක් නෙවේ කියලා...හහ් හිතේ ඇති මගේ පුතු පැටියට නම නොදී ඉන්න...ඒ අප්පොච්චව විතරක් නෙවේ මම මේ අප්පොච්චටත් හොඳ වැඩක් කරනවා..

ධනුර්ව තෙධාෂගේ නිදහසේ තිබුණ අත ඇදලා අරන් දත් අස්සට මැදි කරගෙන හැපුවා. හපලා ඉවර වෙලා එතනට කිස් එකක් දුන්නා. හැපුවත් මගේනේ....එහෙම කියන්න ඕන හරිනම් තෙධාසයියා හුම්..මෝඩ හිවල් පුපා!!

"මොකද බං බල්ලෙක් වගේ හපන්නේ?? උඹට බඩගිනි නං අර ඉස්සරහ restaurant එකක් තියේ කමුද?"

"මගේ බඩේ ඉන්න පුතු පැටියට වුබේ වාසගම දීපන් අයියේ"

"ඈ???? ආ....දෙන්නං දෙන්නං" තෙධාෂ ධනුර්වගේ මෝඩ කතා වලට හිනා වෙලා ධනුර්ගේ ඔලුවට අත තියලා කොණ්ඩේ අවුල් කරලා ආයෙම ඉස්සරහ බලන් ඩ්‍රයිව් කරන්න ගත්තා. ඒ අස්සේ නුවර ක්ලාස් යන්නද කොහෙද තාත්තා එක්ක බයික් එකේ නැගලා ගියපු කෙල්ලෙක් ධනුර්ව ව අඳුරගෙන බායි කියලා කිව්වා ධනුර්වට. ඉතින් ෆෑන් කෙනෙක් බායි කිව්වම ගස්සගෙන යන්න හොඳ නෑනේ ධනුර්වත් ඉතින් බායි කිව්වා. ඊටපස්සේ ඒ කෙල්ලවනං ආයේ දැක්කේ නෑ ඒත් ඉතින් දැන් ඊටපස්සේ පිනි බායි වෙන්නේ ධනුර්වට තමා. බායි කිව්වා කියලා එක්කෙනෙක් මූණ හට්ටියක් කරගෙන.

"මොකක්ද නෙත්..යන යන හැමතැනම බායි බායි ගගා යන්න ඕනද?"

අපෝ මේ ඉරිසියාකාර බෝයිපෙන්....ඔය වැඩිමනක්ම මූණ බෙරි කරගත්තේ කොන්සර්ට් එකේ ඇරියස් එකත් අල්ලලා. කොන්සර්ට් එකේ එක කෙල්ලෙක් ධනුර්ව ස්ටේජ් එකේ ඕඩියන්ස් එකේ අය එක්ක කන්ටෑක් තියන්න පුලුවන් කොටසේ ඉස්සරහ හිටපු අයට අත දික් කරන් යද්දි අතට කිස් එකක් දුන්නා කියලා අයියා මුණ තැලිච්ච තහඩුවක් වගේ කරගෙන හිටියා දවස පුරාම. ඒක විතරයි කටේම තිබ්බේ...මොකක්ද නෙත් එහෙම ඉඹින්න පුලුවන්ද...හරි මඟුලක් නේ..ඔය කෙල්ලට නඩු දාන්න ඕන...අම්මපා උඹත් අත් දික් කර කර යනවා...ඊටපස්සේ ගෑනු අත් ඉඹිනවා..හරි විකාරයක් වුණා නේ මේක...යැයි යැයි තමා.... ඔය ඒ ඇරියස් එකත් එක්ක තමා අයියා මූණ නරක් කරගත්තේ දැන්...

✔️KATUPITAPATHA| කටුපිටපතWhere stories live. Discover now