"ධනූ!!" නිධාරා රොටරිය මැද්දෙන් ගම හරහා දුවගෙන කැන්ටින් එකට ආවේ මෙව්ලිකයි ධනුර්වයි තව අයියලා දෙන්නෙකුයි එක්ක මයිලෝ බිබී ඉන්නකොට. නිධාරාගේ කෑ ගැහිල්ලට තව පොඩ්ඩෙන් බීම එකත් නහයෙන් එනවා.
"මොකද බං වෙලා තියෙන්නේ?? ගම හරහා දුවන්න පුරුදු වෙනවද?" ධනුර්ව නිධාරාට පුටුවක් ඇදලා වාඩි වෙන්න කිව්වත් නිධාරාට වාඩි වෙන්න සිහියක් වත් නෑ..
"කෙල්ලො වුණාම සංවරව ඇවිදින්න ඕන...හො.ම.ත.ග.යු!!!" මෙව්ලික විහිලු කෙරුවත් නිධාරාට ඒ එකකටවත් හිනා යන පාටක් නොතිබ්බ නිසා කට්ටියම විහිලු කරන එක නවත්තගත්තේ රවිධාර අයියයි සනූෂයි දෙන්නත් කැන්ටින් එක පැත්තට දුවන් එද්දි.
"මොකද වුණේ නිධාරා??" ධනුර්ව ඇහුවත් නිධාරා තවම බලන් ඉන්නේ ධනුර්ව එක්ක වාඩි වෙලා හිටපු අයියලා දෙන්නා දිහා. ඉතින් ඒ දෙන්නා ඒ නිධාරාගේ බැල්මෙන් ම තේරුම් ගත්තා ඒ අය එතනින් අයින් වෙන්න ඕන කියන එක. ඒ නිසා ධනුර්වගේ උරහිසට පොඩි තට්ටුවක් දාලා ඒ දෙන්නා එතනින් අයින් වුණා.
"දැන්වත් කියපංකො බං බය කරන්නේ නැතුව!!" ධනුර්ව දෙවෙනි සැරේටත් අහද්දි නිධාරා අතේ තිබුණ ෆෝන් එක ධනුර්වට දුන්නේ රවිධාරයි සනූෂයි දෙන්නත් එතනට එද්දියි. ධනුර්ව වැඩිය මුකුත් නොහිතා ෆෝන් එක අතට ගත්තට ඒකේ තිබුණ දේ දැකලා ඉබේටම පුටුවෙන් නැගිට්ටවුණා. ධනුර්වගෙයි තෙධාෂගෙයි ෆොටෝස් ගොසිප් සයිට් එකක දාලා..එෆ් බී ටික් ටොක් සේරගෙම ෂෙයාර් වෙනවත් එක්ක. ඒකත් හොඳ හොඳ ෆොටෝ වගයක්..කිස් කරන ෆොටෝ දෙකකුයි බඳාගෙන ඉන්න එකකුයි..ඒ අස්සේ ක්ලාස් එකේ ලාස්ට් ඩේ එකේ තෙධාෂ එක්ක කියපු සින්දුවේ ක්ලිප්ස් පවා ආයෙම කරලියට ඇවිත් දැන් ඒවා යන්නේ වෙනම ලේබල් එකක් එක්ක.
"කලබල වෙන්න එපා මල්ලි පොලීසියට ඉන්ෆෝම් කලා අපි..."
"තෙධාෂ අයියා දන්නවද??" ඒ ප්‍රශ්නය මෙව්ලිකගෙන්. ධනුර්ව තවම ෂොක් වෙලා...
"නෑ ඕක දැක්ක හැටියේ අපි පොලීසියට ඉන්ෆෝම් කරලා මේ ආවේ ධනුර්ව මල්ලි ගාවට..මම ගිහින් එක්කන් එන්නම් ඌව" රවිධාර ක්ලාස් එක ඇතුලට ගිහින් තෙධාෂට කතා කරලා විස්තරේ කිව්වම තෙධාෂ ක්ලාස් එකේ ළමයිට ගණන් වගයක් දීලා එලියට ආවා. ධනුර්ව තවමත් එක වචනයක්වත් කතා කලේ නෑ..නිධාරාගේ අතට ෆෝන් එක දීලා එයා පුටුව උඩ වාඩි වෙලා ඔහේ බලාගත්තු අත බලන් හිටියා මිසක එක වචනයක් වත් කතා කලේවත් නෑ..
VOUS LISEZ
✔️KATUPITAPATHA| කටුපිටපත
Roman d'amourThe unedited feelings 🩵 මේ යනු නුවර වැස්සෙන් තෙමී ඇරඹුනු...කොළඹ පහන් එලි වලින් නැහැවෙමින්...පොත් සුවඳ අතරින් ගලා යන ඔවුන්ගේ ප්‍රේමණීය වෘතාන්තයයි..... Started: 11/03/2024 Finished: 06/10/2024