දැනිලා තියනවද හුඟක් ආසාවෙන් හුඟක් ආදරෙන් එකතු කරගත්තු සේරම නැති වෙලා අලුත්ම තැනකින් අලුත්ම විදිහට පටන් ගන්න වුණ වෙලාවක පුංචිම පුංචි දෙයක් හරි ලැබෙද්දි දැනෙන හැඟීම....ඒ හා සමාන හැඟීමක් ධනුර්වට එදා දැනුනා. තව පැය කිහිපයකින් රිදම් ඔෆ් මෙරූන්ස් එක නිල වශයෙන් පටන් ගන්න තියනවා. ධනුර්වට මුලින් ම තියන ඉවෙන්ට් එකට එයාගේ costume එක ඇඳ ගත්තා. කලු trouser එකට වයිට් ෂර්ට් එක. ඊට උඩින් කලු කෝට් එක. කොල්ලො කවදත් ෆුල් සූට් එකට ලස්සනයි ඉතින් ධනුර්ව ලස්සන නොවී කොහොමද?? කොණ්ඩෙත් කෑල්ලක් විතරක් මූණට වැටෙන්න ඉතිරි කරලා ඉතිරි කොණ්ඩේ පස්සට කරලා හදලා පොඩි මේකප් පාරකුත් දැම්ම ම ධනුර්ව මනුස්සයෙක්ට තුන් පාරකට වඩා සැරයක් හොස්පිට්ලයිස් වෙන්න තරම් ලස්සනට පෙනුනා. මේකප් ආර්ටිස්ලා එක්ක ආපු ඒ සැලෝන් එකේ අයිතිකාරි ධනුර්වගේ ඇස් දෙක හයිලයිට් වෙන්න මේකප් කරන විදිහ ස්පෙශලි කියලා දුන්නා.
ධනුර්වට මේකප් කරලා ඉවර වුණාම ඔක්කොම කොල්ලො ටික යමින් ගමන් එබි එබි යනවා..ඒ තරම් කොල්ලා හැන්ඩියා...ඔක්කොම ඇවිත් බල බල යන හින්දා ධනුර්ව අස්සකට වෙලා හැංගිලා හිටියා ලැජ්ජාවට..මෙව්ලිකත් වෙස් ඇඳුම ඇඳලා සිලම්බු දාලා වෙස් තට්ටුව එහෙම දාලා ඩ්‍රෙසින් රූම් එක අස්සේ හැංගිලා ඉන්න ධනුර්ව ගාවට ආවා සතීර්ශ එක්ක. මේ ටික දවසට සතීර්ශ මයිලෝ ඇදලම දැන් එයාටත් එයා ඉස්කෝලේ ගේම්ස් කැප්ටන් කියලා අමතක වෙලා...එදත් ඉතින් මයිලෝ ටිකක් උස්සන් ආවා. හවස් වෙලා මයිලෝ ටෝකන් එකයි මැගි නූඩ්ල්ස් ටෝකන් එකකුත් හම්බවෙනවා තමා...ඒත් එහෙමයි කියලා දැන් මයිලෝ නොබී ඉන්නවද මේ තුන් කට්ටුව?? ඒක නම් කවදාවත් වෙන්නේ නැති දෙයක්...
"අඩේහ් අර හොර මන්ත්‍රී චීෆ් ගෙස්ට් කෙනෙක්ට දාපු එක වැරදියි බං" අවිරු මූණත් පුලුටු කරන් සතීර්ශ ගාවින් ඉඳගත්තා පුටුවක් ඇදගෙන.
"කවුද හොර මන්ත්‍රී?? තරුණ කටයුතු ඇමතිටයි තව කිහිප දෙනෙක්ටයි නේ ඉන්වයිට් කරලා තිබ්බා කිව්වේ" ධනුර්ව හිස් මයිලෝ එක බෑග් එකට දාගන්න ගමන් අවිරු දිහා බලලා කිව්වේ අවිරු කියන්නේ මොන මන්ත්‍රී ගැනද හිතාගන්න බැරුව.
![](https://img.wattpad.com/cover/364086397-288-k566227.jpg)
DU LIEST GERADE
✔️KATUPITAPATHA| කටුපිටපත
RomantikThe unedited feelings 🩵 මේ යනු නුවර වැස්සෙන් තෙමී ඇරඹුනු...කොළඹ පහන් එලි වලින් නැහැවෙමින්...පොත් සුවඳ අතරින් ගලා යන ඔවුන්ගේ ප්‍රේමණීය වෘතාන්තයයි..... Started: 11/03/2024 Finished: 06/10/2024