"තෙධාෂ!! එක්කො මූට කියපං ඔප්පුව මට දෙන්න නැත්තන් ලෑස්ති වෙයන් උඹ මුගේ මරණෙට යන්න!!!"
අප්පච්චි තුවක්කුව ධනුර්ව එල්ල කලේ තෙධාෂව බය කරලා මේ ඔප්පුව හරවගන්න වුණත් තෙධාෂ තවමත් පසුබහින පාටක් නෑ.
"උඹට ඕන මූ මැරෙනවා දකින්නද?? හරි එහෙනං!!"
තෙධාෂ නොහිතපු විදිහට ධනුර්වගේ අත අල්ලන් ධනුර්වගේ එහා පැත්තෙන් හිට ගත්තා.
"තියනවනං අප්පච්චි අපි දෙන්නටම එකපාර තියන්න!!! මට තව පහු බහින්න ඕන නෑ...නෙත්සර්ජ උඹ ලෑස්තියි නේ ආදරේ වෙනුවෙන් ජීවිතේ පූජා කරන්න??" ධනුර්ව ඒ අහපු පරක්කුවට ඔලුව වැනුවේ ඔව් කියන්න..ඒක ඇත්ත ධනුර්ව එදත් මැරෙන්න වුණත් ලෑස්තියි අදත් ඒකේ වෙනසක් නෑ..තෙධාෂ පියවර පස්සට ගන්නවා වෙනුවට ඉස්සරහට එනවා දැක්කම අප්පච්චි හෙමින් පිස්තෝලේ අයින් කරගත්තා මොකද දෙන්නම මැරුණොත් මේ දේපල රජයට පැවරෙන මහ අමුතු අන්තිම කැමැත්තක් සීයාට තිබ්බේ. ඉතින් මොන දේ කලත් ධනුර්ව හෝ තෙධාෂ ජීවතුන් අතර ඉන්න ඕන..කලින් වතාවේ ධනුර්වව ප්‍රෙශර් කරලා එයාලට ඕන වුණේ ධනුර්වට කියලා ඕක සයින් කරන තැනටම ගේන්න හෝ ධනුර්වට සූයිසයිඩ් කරගන්න ඉඩ දීලා එයා මැරුණම තාවකාලික බාරකාරයෙක් වගේ වලව්වට යන්න...කොහොමටත් මේ වලව්වේ වටිනාකම රැඳුනේ නිධානය කියන වචනයේම විතරයි එයාලට..නිධානේ ගත්තම මේකේ ඇති කෙභෙල්මල් වටිනාකමක් එයාලට නෑ ...
"අප්පච්චි අනික මේ ඔයා පස්සෙන් පන්නන්නේ කිසි තේරුමක් නැති දේකට!! නිධානයක් මෙහෙ නෑ...ඊටත් දන්නවද ඔය පිස්සුවෙන් වගේ අවුරුදු දහයක්ම මේක අයිති කරන් ගන්න හදපු වස්තුව විරාජසිංහ පවුලේ කෙනෙක් කියලා ආ??? ඒකවත් දන්නෑ....නිධානයක් කිව්වම පවුලේ එකාව මරලා කමක් නෑ නිධානේ ගන්න තිබ්බා නම්!!"
"තෙධාෂ!!! මන් තමුසෙව මරන්න හැදුවේ නෑනේ!!"
"ඒත් නෙත්සර්ජව මරන්න හැදුවනේ!!! එයත් මගේ පවුල!! අකමැති වුණත් ඒ ඔයාගේ බෑනා!! ඒකේ ආයේ කතා දෙකක් නෑ අප්පච්චි...මෙදා සැරේ ඔයාට නෙමේ මොකාටවත් අපි දෙන්නව වෙන් කරන්න මන් තියන්නෑ...වෙඩි තියනවා නම් දෙන්නටම තියන්න!!! ඊට කලින් මෙන්න මේක බලලා ඉන්න!!" තෙධාෂ ධනුර්වගේ සාක්කුවේ තිබුණ ෆෝටෝ එකයි චිත්‍රයයි අප්පච්චිගේ මූණ ඉස්සරහට දික් කලා..
BẠN ĐANG ĐỌC
✔️KATUPITAPATHA| කටුපිටපත
Lãng mạnThe unedited feelings 🩵 මේ යනු නුවර වැස්සෙන් තෙමී ඇරඹුනු...කොළඹ පහන් එලි වලින් නැහැවෙමින්...පොත් සුවඳ අතරින් ගලා යන ඔවුන්ගේ ප්‍රේමණීය වෘතාන්තයයි..... Started: 11/03/2024 Finished: 06/10/2024