99

668 83 63
                                    

ධනුර්වයි තෙධාෂයි ගෙදරට යනකොට ම වගේ තෙධාස්වර අයියත් ගෙදරට ආවේ. ඔක්කොම ගෙදරට යද්දි ගේට් එක ඔහේ ඇරලා දාලා...ගාඩ් එකට දාලා හිටපු දෙන්නත් වත්තේ මැරිලා වැටිලා ලේ එකයි දොරකඬ ළඟ...ගෙදර වැඩට හිටපු ගෑනු කෙනා වැටිලා හිටියා දොර ළඟ...ඊටපස්සේ සාලේ මැද ලේ විලක වැටිලා හිටියේ ලොකු අක්කා!!!  ඒක දැක්ක වෙලේ ධනුර්වගේ කකුල් දෙකත් පණ නැතුව ගියා!!!! කාටද හයිය  තියෙන්නේ තමන්ගේ අක්කව එහෙම දකින්න!

"ලොකු අක්කේ!!!"

"යුවී!! කතා කරන්න යුවී!!!" තෙධාස්වර අයියාගේ ඇස් වලින් කඳුලු හෝ ගාලා වැටෙනවා...අනික් දෙන්නාගෙත් එහෙමයි. ලොකු අක්කගේ බඩටමයි තිරිසන්නු පිහියෙන් ඇනලා තියෙන්නේ!! ඇම්බියුලන්ස් එකට පරිස්සමට අක්කව ද  දාගෙන අනෙක් අයවත් හොස්පිට්ල් අරන් ගියත් ගාඩ්ලා දෙන්නම ඒ වෙනකොටත් මැරිලා හිටියේ..සර්වන්ට්ව බේරගන්න පුලුවන් වුණා...ලොකු අක්කිගේ තත්වය තමා බයානකම. බඩට එක පාරක් නෙවෙයි කීප සැරයක්ම පිහියෙන් ඇනලා තිබුණා ඒ තිරිසන්නු...ලේ වුණත් හුඟක් ගිහින් තිබුණ නිසා අක්කට ලේ දෙන්න සිද්ධ වුණා..ඒකට ධනුර්වට දායක වෙන්න විදිහක් තිබ්බේ නෑ එයාගේ හෙල්ත් කන්ඩිෂන් මත...අක්කාගේ blood type එකට තාත්තා හිටියත් එයාටත් දෙන්න විදිහක් නෑ..ඒත් තෙධාස්වර අයියගේ blood match වුණ නිසා අයියා ලේ දුන්නා...ඒ සේරම කරලත් පැය කිහිපයක් යනකල්ම කිසි ආරංචියක් ආවෙත් නෑ theatre එකෙන්.

"විහස්..." අදිර්ශ අයියා හෙමින් විහස්න අයියා අතින් අල්ලලා එයාට නෙස්කැෆේ එකක් දුන්නා තෙධාස්වර අයියට දෙන්න කියලා.

"ආදි අයියේ" තෙධාෂ අදිර්ශ අයියට කතා කලා...

"මේක කරපු අය හොයාගත්තද?"
මේක කාගේ වැඩක්ද කියන එක තෙධාෂ ඇතුලු සේරටම සාධාරණ සැකයක් තිබ්බත් ඒක කන්ෆර්ම් කරගන්න ඕන නිසයි තෙධාෂ එහෙම ඇහුවේ.

"අර ඇමතියාගේ දුව මල්ලි..පොලීසියෙන් ඒ කෙල්ල රට පනින්න කලින් අල්ලගත්තා. ඒත් ඕකුන් දන්නවනේ ඇමතිලානේ..සල්ලි දීලා ෂේප් වෙන්න හදයි"

"එතකොට??"

"බය වෙන්න එපා ඒ කෙල්ලට බේරෙන්න බෑ...මම ගිහින් ඔක්කොම සිසීටිවි රෙකොඩ්ස් ටික මීඩියා වලට දුන්නා ඒකත් ඇමති එක්ක තරහ චැනල් වලට...උන් වවාගෙන කනවා ඒක..ඒ නිසා ඒකි බේරෙන්නෑ සහ මල්ලි ඔයාගේ අප්පච්චි දැනටම දැල දාලා උන්ට.."

✔️KATUPITAPATHA| කටුපිටපතWhere stories live. Discover now