විලා එකට එනකොට කට්ටියගෙම හොඳ පණ ගිහින් තිබ්බේ. ජීවිතේට වනපු නැති උන්ගේ වැනිල්ල හන්දා නෙත් දෙක දූෂණය කරගත්තු මෙව්ලිකයි ධනුර්වයි වෑන් එකෙන් බැහැලා මඤ්ඤං සීන් එකේ වැනී වැනීම රිසෝර්ට් එක ඇතුලට ගියහම ඒකේ වැඩට හිටපු අය ඇවිත් කට්ටියගේ බෑග් අන්ලෝඩ් කරන්න උදව් කරලා ඒවා කාමර වලටම ගිහින් දුන්නා. මේ පාර නවාතැන් පහසුකම් සත්කාරය ධානපති රවීධාර දුනුවිල ගාණේ. සල්ලි නම් නාන්න තියෙන බව රිසෝර්ට් එක දැක්ක ගමන් ධනුර්වට කියන්න පුලුවන් වුණා. සල්ලිකාර පුත්තු තුන්දෙනා..
තෙධාෂයි ධනුර්වයි කාමරේ කී එක අරගෙන අනික් අයගෙන් සමු අරන් උඩට ගියා. රවිධාරයි මෙව්ලිකයි සුපුරුදු පරිදි එක කාමරේ. හොල්මන් වලට බය සනූෂ අයියා විහස්න අයියා සහ මට තනියම ඉන්න පුලුවන් කියලා ලොරි ටෝක්ස් දෙන සතීර්ශත් තුන්දෙනා එක කාමරේ. මොන මඟුලකට දන්නෑ හැබැයි ආපු වෙලාවේ ඉඳන් විහස්න සතීර්ශගේ වටේ. අරහෙන් එබෙන්න එපා මෙහෙන් එබෙන්න එපා..ඔතනට යන්න එපා වැටෙයි, හෙමින් ඇවිදින්න, පොල් බූරුවා කාලා ඉදපන්, දුවන්න එපා වැටුනොත් අපි එපෑ උත්තර බඳින්න...කෝටියක් ජාති. ඒ දෙන්නාගේ පලහිලව්ව කොහොම වුණත් බොඩිගාඩ් වගේ විහස්න අයියා සතීර්ශ දිහා ඇහැ ගහගෙනම හිටියා. සැරෙන් සැරේ ඉහළට තොරතුරුත් සපයනවද මන්දා..මුන් සේරම හොර ගේම් ගහනවා..මම දැනගන්නේ නැව පිටත් වෙන්න ඔන්න මෙන්න තියලා!! ධනුර්ව මූණත් පුම්බගෙන රෑ කෑම කාලා නිදාගන්න කාමරේට ගිහින් වොෂ් එකකුත් දාලා උඩට ඇඳුමකුත් නැතුව එයාගේ සුපුරුදු සුදු ජොකා උඩින් ඇඳපු කොට කලු ෂෝටක් ගහන් ඇඳ උඩ කකුල් දෙකත් බැඳගෙන ජනේලෙන් එලිය බලන් හිටියා. තෙධාෂත් නාලා කොණ්ඩේත් පිහිද පිහිද ඇවිත් ටවල් එක පැත්තකට විසි කරලා ජනේලෙන් එලිය බලන් හිටපු ධනුර්වගේ කම්මුලකට තට්ටුවක් දාලා එයා තෙධාෂ දිහා බලන පරක්කුවට ඇඳේ පෙරලගෙන ධනුර්වගේ ඇඟ උඩින් නැගලා ධනුර්වගේ මූණට එබුණා.
ආහ් මේ ඇස්!!! මේ තද දුඹුරු කෝපි ඇස්...මොනතරම් හැඟීම් ගොන්නක් අස්සේ හංගගෙන ඉන්නවද?? හැඟීම් ඒ ඇස් අස්සෙන් පෙරිලා එද්දි, ඒ ගැඹුරු කටහඬින් ලස්සනට ඒ හැඟීම් වචන වෙද්දි... පුංචිම පුංචි ඩේසි මලක් ඒ හැම හැඟීමකින් ම ලස්සනට තෙමිලා ලස්සනට පිපෙනවා...ඒ වේලුණ පත්‍ර අස්සෙන් මේ අලු ධුමාරේ මෙච්චර ලස්සනට ගලන්නෙ ඒ ආදරය නිසයි..මොන තරම් ආදරයක් මේ ඇස් අස්සේ හැංගෙනවද?? මගේ අලු ඇස් වලටත් වඩා පුදුම සෞම්‍ය ගැඹුරු ලස්සනක් ඒ තද දුඹුරු චොක්ලට් පාට ඇස් දෙක..මටත් විස්තර කරන්න වචන මදි අයියේ...
![](https://img.wattpad.com/cover/364086397-288-k566227.jpg)
YOU ARE READING
✔️KATUPITAPATHA| කටුපිටපත
RomanceThe unedited feelings 🩵 මේ යනු නුවර වැස්සෙන් තෙමී ඇරඹුනු...කොළඹ පහන් එලි වලින් නැහැවෙමින්...පොත් සුවඳ අතරින් ගලා යන ඔවුන්ගේ ප්‍රේමණීය වෘතාන්තයයි..... Started: 11/03/2024 Finished: 06/10/2024