"වෙරි හිඳිලා නේ??" තෙධාෂ ඉන වටේ ටවල් එකත් පටලවගෙන ම වොශ්රූම් එකෙන් එලියට ආවා..
"ඔව් ඔව් දැන් ෂේප්" ධනුර්ව ෆෝන් එකෙන් ඇස් අහකට නොගෙනම කියද්දි තෙධාෂ එකපාරට ඇද උඩට ඇවිත් ධනුර්වගේ ඇඟ උඩින් එයාගේ මූණට එබිලා ධනුර්වගේ අතේ තිබ්බ ෆෝන් එක අයින් කලා. ධනුර්ව ඇස් දෙකත් ලොකු කරන් බලන් හිටියේ මේ මොන මඟුලක් වෙනවද හිතාගන්න බැරුව.
"මන් කිව්වනේ අද අපිට හොඳ සිහියෙන් කරන්න වැඩක් තියනවා කියලා..." තෙධාෂ ධනුර්වගේ තොල් දිහා බලලා ආයේම ඇස් දිහා බලන් කිව්වා...ධනුර්වගේ ඇස් තිබ්බේ තෙධාෂගේ නිරුවත් උඩකය දිහාවේ...ඊට පස්සේ හදිසියේම මොකක්ද මතක් වුණා වගේ ධනුර්ව තෙධාෂ දිහා බැලුවා.
"ආ ඔව් නේ ඔයා කිව්වනේ...පේපර්ස් බලන්න තියේද?? කෝ යමු එහෙනම්..." ධනුර්ව එහෙම කියාගෙන ඇඳෙන් නැගිටින්න හදද්දි තෙධාෂ ධනුර්වගේ පපුවට අත තියලා ආයෙම ඇඳට තල්ලු කලා. තෙධාෂගේ ඇස් ධනුර්ව දැක්කේ එවෙලේ...අමුතු මත් ගතියකින් පිරිලා තිබුණ ඒ ඇස් වල බැල්ම ධනුර්වගේ මුළු ඇඟම හිරි වට්ටලා දැම්මා... ධනුර්ව එක තත්පරයකට වත් ඒ හෙමින් ඇවිලෙන ආදරණීය රාගී ගින්නෙන් පිච්චෙන තෙධාෂගේ ඇස් වලින් ඇස් අහකට ගත්තේ නෑ...තෙධාෂගේ මත් වුණ ඇස් වල බැල්ම තව තව තියුණු වෙද්දි තෙධාෂ ධනුර්වගේ තොල් වලට හෙමින් පහත් වෙලා තොල් වලින් සිනිදුවට හාදුවක් තියලා ඊළඟ තත්පරේ තොල් උරවන්න පටන් ගත්තා. වෙනදට තෙධාෂගේ තිබුණ ඉවසීම ඒ කිස් එකේ පේන මානෙකවත් තිබුණේ නැති තරම් ඩීප් කිස් එකක් වුණ නිසා ධනුර්ව තෙධාෂගේ කොණ්ඩ අහුරක් තද කරලා අල්ලගෙන කිස් එකට හවුල් වෙද්දි තෙධාෂගේ රිද්මයට ඇඟ හුරු වෙන්න ඉඩ හැරියා. තොල් වලින් පස්සේ ධනුර්වගේ කම්මුලකට කිස් එකක් දීලා තෙධාෂ හෙමින් තොල් පහලට ඇදගෙන ඇවිත් බෙල්ල කිස් කරන්න පටන් ගත්තේ වෙනදට වඩා ටිකක් ඇග්‍රසිව් විදිහට...ටිකක් නෙවෙයි ඒ කිස් එකේ ඉවසීම බින්දුවක් වත් ගෑවිලා තිබුණේ නෑ..ඒතරම් ඇවිලෙනවා ඒ හැඟීම්!! ධනුර්වගේ බෙල්ල පුරා රතු පාට පැල්ලම් වලින් සිත්තම් කරගෙන ම තෙධාෂ ධනුර්වගේ ටී ෂර්ට් එක ගලවලා පැත්තකට විසික් කරලා දාලා මුලු උඩුකය පුරාවටම තොල් ඇදගෙන ගියේ තමන්ගේ ඇඟට ලාවට නුහුරට දැනෙන ඒ ස්පර්ශය දරාගන්න බැරුව කොට්ටෙට ධනුර්ව ඔලුව තද කරගනිද්දි.
KAMU SEDANG MEMBACA
✔️KATUPITAPATHA| කටුපිටපත
RomansaThe unedited feelings 🩵 මේ යනු නුවර වැස්සෙන් තෙමී ඇරඹුනු...කොළඹ පහන් එලි වලින් නැහැවෙමින්...පොත් සුවඳ අතරින් ගලා යන ඔවුන්ගේ ප්‍රේමණීය වෘතාන්තයයි..... Started: 11/03/2024 Finished: 06/10/2024