80

923 103 30
                                    

දෙවර්ජන නිදහස් වුණ එක ගැන ආරංචිය දැනගත්තු වෙලේ ඉඳන් ධනුර්ව වත් මෙව්ලිකවත් සිහියෙන් නෙවෙයි හිටියේ. මෙව්ලික ඩාන්ස් එකේ ස්ටෙප්ස් වරද්දලා ඩාන්සින් මැඩම්ගෙන් ගුටිත් කෑවා. ධනුර්වත් සින්දු දෙකේම කීප තැනක් වරද්දලා බැනුම් අහගත්තා. රිදම් ඔෆ් මෙරූන්ස් කට උඩ තියාගෙන මෙහෙම සින්දුවයි ඩාන්ස් එකයි දෙන්නම පටලවන්න ගත්තු එක ලොකු ප්‍රශ්නයක් වුණා. මෙව්ලික සෙන්ට්ර් පොසිශන් එක. සෙන්ටර් පොසිශන් එක අනිවාර්යෙන්ම ප'ෆෙක්ට් වෙන්නම ඕන. ඉතින් කට්ටියම පොඩි break එකක් දෙන්න මැඩම්ලා තීරණය කලා. හෙට ෆයිනල් රිහර්සල් එක. සමහරවිට ඒකේ පීඩනය වෙන්න ඇති කියලා පුංචි බ්‍රේක් එකක් කට්ටියටම දුන්නා.

"උඹලා දෙන්නා මනස මේ වැඩේ තියාගනින්...මේ රිදම් ඔෆ් මෙරූන්ස් එක අස්සේ ඌ එන්නේ නෑ!! අනික මම ඉන්නවනේ බං උඹලා දෙන්නා ගාව ඉස්කෝලෙදි..." සතීර්ශ ධනුර්වටයි මෙව්ලිකටයි ගෙනාපු මයිලෝ දෙක දීලා ඩාන්සින් රූම් එකේ බැම්මට හේත්තු වුණා. ධනුර්වයි මෙව්ලිකයි දෙන්නත් මයිලෝ එක කටේ ගහගෙන බැම්මට හේත්තු වෙලා එලිමහනට අවධානය දුන්නා.

"කොහොමද බං මම බය නොවී ඉන්නේ?? ඒ නම ඇහුණත් ඇති මට සේරම දේවල් මතක් වෙන්න...තාලෙට තියන අඩියක් ගානෙම මට ඒ වේදනාව දැනෙනවා..බලන හැම තැනකම මට ඌව පේනවා...මම කොහොමද බය නොවෙන්නේ??"

ගිනි පෙනෙල්ලෙන් බැට කාපු මනුස්සයා ම විතරයි දන්නේ කණා මැදිරි එලියෙන් වුණත් එයාගේ තුවාල පෑරෙන්න පුලුවන් කියලා...ගිනි පෙනෙල්ලෙන් බැට නොකාපු අයට ඒ වේදනාව දැනෙන්නේ නෑ...කණා මැදිරි එලියට බය වෙන්න ඕන නැහැයි කියලා හිතුවට සමහර වෙලාවක ඒ පුංචි කණා මැදිරි එලිය වුණත් වේදනාකාරි වෙන්න පුලුවන් කෙනෙක්ට...ධනුර්ව වුණත් යන්තම් නූලෙන් බේරුණත් එයාත් හුඟක් මේ ගැන වද වුණා. කොහොමටවත් මේ හැමදේම සිද්ධ වෙන පිලිවෙල ගැන ධනුර්වගේ හිතේ පැහැදීමක් තිබුණේ නැහැ. අප්පච්චි තෙධාෂව මොන විදිහක පීඩනයකට ලක් කරනවද?? දෙවාර්ජන ආපහු ඒවිද?? තවම එයාලාගේ මූණ ඉස්සරහට ඇවිත් පහර නොදුන්න ලොකුම හතුරා කොයි විදිහකින් පහර දෙන්න බලන් ඉන්නවද?? මේවා කොහොම වෙනස් වේවිද? කොහොම විසඳේවීද?? ඒ හැම එකක්ම පිලිවලක් නැතුව හිතට ගලන් එද්දි ඒවට උත්තර හොයාගන්න බැරුව අපහැදිලිව ඇහෙන සංගීත ස්වර අස්සේ පැටලෙද්දි ධනුර්වට අවධානය එක තැනක තියාගන්න අමාරුයි...

✔️KATUPITAPATHA| කටුපිටපතOpowieści tętniące życiem. Odkryj je teraz