'තරු වලටවත් මෙච්චර ලස්සනට දිලිසෙන්න බැහැ නෙත්සර්ජ...හඳ එලිය වැටුණ ගං දෑලක්වත් ඔයාගේ ඇස් තරම් ලස්සන නෑ...කවි ලියන්නො නවකතා ලියන්නො නොයෙක් වචන දාලා ලස්සනට ලියපු තැනිනලා එකක්වත් ඔය ඇස් තරම් ලස්සන නෑ නෙත්සර්ජ...ඔය ඇස් වල ලස්සන ලියන්න හිතාගෙන මම කුරුටු ගාලා විසික් කරපු කොළයක් ගානෙම කියවෙනවා ඔයාගේ ඇස් වල ලස්සන ලියන්න මට කොහොමටවත් වචන නැහැ කියලා...මට ඒක ලස්සනට ලියාගන්න වචන මදි නෙත්සර්ජ...'
තෙධාෂ ඒ නිසාම ධනුර්වගේ ඇස් ගැන සඳහනක් කොතැනකවත් පොතක නොලියපු නිසා සමහර විටක ධනුර්ව ඒ පොතේ චරිත හිතලා කවුරු ගැන ලියපු ඒවද කියලා තේරුම් ගන්න එකක් නැති වේවි...
Trip එක සෙක්ෂන් දෙකක් එකම තැනක යන නිසාත් දෙගොල්ලොම එකම වෙලාවේ හක්ගලට ආපු නිසාත් ඉතින් සෙක්ෂන් දෙකේම මැඩම්ලා සර්ලා එකට යන්න තීරණය කළා. ඒ අනුව ධනුර්වයි එයාගේ යාලුවයි පොඩි උන් දෙන්නෙක් වගේ අත් අල්ලන් එකොළහේ පෝලිමේ අන්තිමට සෙට් වුණාම තෙධාෂ රවිධාරතේ සනූෂයි තව එකෙකුයි එක්ක දහතුනේ පෝලිමේ මුලට සෙට් වුණා ධනුර්වට පිටිපස්සෙන්. ධනුර්වට මොකාද පිටිපස්සෙන් හිටගත්තේ කියලා මීටර් නෑ ඌ උගේ ලෝකේ. තාම සමනල් පැටියනේ..වගේ වගක් නෑ..යාලුවගේ අතේ එල්ලිලා පොඩි එකෙක් වගේ පැන පැන යනවා.
හක්ගල ගාඩ්න් එක පුරා ලස්සන බලලා කට්ටියම ආයෙ බස් වල නැගලා Gregory lake එක බලන්න ගියා. ධනුර්ව එතනත් පොඩි එකෙක් වගේ අත් දෙකත් දෙපැත්තට දාගෙන ඉඳලා එකපාරට සීතලයි කියලා අත් දෙකෙන්ම එයාවම බදාගෙන තෙධාෂගේ එහා පැත්තෙන් හිටගෙන ලේක් එක දිහා බලන් හිටියා. තෙධාෂ අත් දෙකත් අකුලන් සීතලේ ලේක් එක දිහා බලාගෙන ඒ ලස්සන විදින ධනුර්ව දිහා බැලුවේ අවට වටපිටාවට වඩා ධනුර්ව එයාට කොහොමත් ලස්සන නිසා. ධනුර්ව සීතලෙන් ගැහෙන්න ගත්තු නිසා තෙධාෂ එයා ඇඳන් හිටපු ජර්සි එක මූණේ කිසි ඉරියව්වක් නැතුව ධනුර්වගේ ඇඟට දැම්ම ම හතර වටින් සූ සූ සද්ද ගොඩාරියක් ඇහුනා. ප්‍රධාන මාධ්‍ය අනුග්‍රහය දහතුන මැත්ස් එක. ධනුර්වත් එයාට තමන් ඇඳන් හිටපු ජර්සි එක ගලවලා දීලා තව ඒක අන්දලත් ආපස්සට භැරිලවත් නොබල යන තෙධාෂ දිහා ඇස් දෙක ලොකු කරන් බලන් හිටියම සනූෂ ධනුර්වගේ පිටට එකක් ගහලා තෙධාෂගේ පස්සෙන් ගියා.
YOU ARE READING
✔️KATUPITAPATHA| කටුපිටපත
RomanceThe unedited feelings 🩵 මේ යනු නුවර වැස්සෙන් තෙමී ඇරඹුනු...කොළඹ පහන් එලි වලින් නැහැවෙමින්...පොත් සුවඳ අතරින් ගලා යන ඔවුන්ගේ ප්‍රේමණීය වෘතාන්තයයි..... Started: 11/03/2024 Finished: 06/10/2024