"ඔයා හොයන කෙනා තමයි මේ ඇවිත් ඉන්නේ ධනුර්ව විරාජසිංහ!!"
සතීර්ශ ධනුර්ව දිහා එක එල්ලේ බලාගෙන ඒ කියපු දේ සිංහල නම් වෙන්න බෑ කියලමයි ධනුර්ව හිතුවේ...ඔව් සිංහල නම් නෙවෙයි වෙන මොකක්දෝ අපබ්‍රංසයක්!! ධනුර්ව එහෙම හිතාගෙන මේ දැන් සතීර්ශ අඩො මචන් විහිලුවක් කලේ කියනකල් සතීර්ශ දිහා බලන් හිටියේ....එහෙම කියපු ගමන් ඕකාගේ පිට මැද්දට දඩාං ගාලා පාරක් ගහන්න...ඒත් දැන් විනාඩියකට වඩා ගෙවෙන්න ඇති...තවම සතීර්ශ අඩෝ මේක විහිලුවක් උඹලා සිරා ගත්තද කියලා හයියෙන් හිනා වෙන්න පටන් ගත්තේ නෑ..
"මොනාද උඹ කියවන්නේ සතී?? විහිලු කරන වෙලාවක්ද බල්ලෝ මේ??" ඒ මෙව්ලික...තවමත් ධනුර්ව නිහඬවම එයාගේ විශ්වාසය පිරුණු ඇස් සතීර්ශ දිහාවට යොමු වෙලා තිබුණා. නෑ..කොහොම කිව්වත් මේක සතීර්ශ කරපු වැඩක් නෙවෙයි!! ධනුර්වගේ හිත කෑ මොර දුන්නේ ඒ එකම වාක්‍ය කියලා. තමන්ගේ වටේ ඉන්න සර්කල් එක කවදාවත් තමන්ට ද්‍රෝහි වෙනවා කියන දේ පිලිගන්න ධනුර්ව ලෑස්ති නෑ වගේම එයාගේ හිත කිව්වේම සතීර්ශ මේ කියන්නේ බොරුවක් කියලාමයි.
"මම තමයි ඒ දේ කලේ!!"
"නෑ උඹට එහෙම කරන්න බෑ සතීර්ශ!! මන් දන්නවා උඹ එහෙම කරන්නෑ!!" මෙච්චර වෙලා සද්ද නැතුව හිටපු ධනුර්ව කට ඇරයේ හරියටම එවෙලෙ. ඒත් සතීර්ශගේ මූණේ තවම කිසි වෙනසක් නෑ..ඒ නෝන්ඩි හිනාව තවම ඒ විදිහමයි...
"ධනුර්ව මේ අහපන්..මට උඹව ලැබෙන්නේ නැත්තන්...තෙධාෂ අයියටත් ලැබෙන්නේ නෑ!! එච්චරයි!!" සතීර්ශ එතනින් එහෙම කියාගෙන යන්න ගියේ ධනුර්ව සතීර්ශට කෑ ගහලා කියපු දේත් කනට ඇහෙද්දි.
"උඹ ඔහොම නෙවෙයි කොහොම කිව්වත්
මගේ විශ්වාසය තවමත් උඹ ගාව!! මේ කියපු දේ හේතුව උඹම ඇවිත් කියනකල් මම බලන් ඉන්නවා..." ආපහු හැරිලාවත් නොබලපු සතීර්ශ රොටරි එකේ ගේට්ටුවෙන් එලියට යන දිහා හැමෝම බලන් හිටියේ ෂොක් වෙලා..සනූෂ ඒ ළඟ තිබ්බ සිමෙන්ති මල් පැල දාලා තිබ්බ පොච්චියට පාරක් ගැහුවා ආපු ආවේගේටම.."ඔය පොඩි ප#යා!! එකට ඉඳලා වුකලා යන එක හරිද!! අපි ඌව විශ්වාස කලානේ ඌ ජීවිතේට උඹලා දෙන්නා අතර එන එකක් නෑ කියලා!! දැන් හරිනේ අමාරුව!!!"
ESTÁS LEYENDO
✔️KATUPITAPATHA| කටුපිටපත
RomanceThe unedited feelings 🩵 මේ යනු නුවර වැස්සෙන් තෙමී ඇරඹුනු...කොළඹ පහන් එලි වලින් නැහැවෙමින්...පොත් සුවඳ අතරින් ගලා යන ඔවුන්ගේ ප්‍රේමණීය වෘතාන්තයයි..... Started: 11/03/2024 Finished: 06/10/2024