ධනුර්ව ඒ ලියවිල්ල අතට අරගත්තේ තෙධාෂ දිහා බලාගෙනම..ඒ වගේම පුදුමය මිශ්‍ර හැඟීමකින්...මොකද තෙධාෂ මේ කරපු දේ කීයටවත් ධනුර්ව බලාපොරොත්තු නොවුණ දෙයක්...සහ කවමදාකවත් තෙධාෂගේ දේපලක් අයිති කරගන්න හීනෙකින්වත් ධනුර්වට ඕන වෙලා තිබ්බේ නැහැ...
"මේ උරුමයවත් නිධානයවත් මගේ නම් නෙවෙයි... ඒත් මේ මගේ ඉස්සරහ ඉන්න නිධානය නම් මගේ උරුමය තමා..." ධනුර්ව තෙධාෂ දිහා බලන් කියලා ලියවිල්ල දිග ඇරියා..ඇත්තටම ඒක තෙධාෂ ආදරයෙන් දීපු නිසා මිසක තාන් හිතකවත් ධනුර්වට ඒ දේපල ගැන තණ්හාවක් තිබ්බේ නෑ...ලියැවිල්ලේ අයිතිය ගැන සඳහන් වෙලා තිබුණ කොටස දිහාවට ඇස් යොමු කරපු ධනුර්ව දැක්කේ එයාගේ නම එතන ලියවිලා තිබුණ විදිහ සහ ඊට යටින් තිබුණ තෙධාෂගේ හරිම අමුතු ඒත් ගාම්භීර අත්සන.. ...ඊට එහා දෙයක් බලන්න ඉස්සරින් බිත්තියේ එල්ලලා තිබ්බ වීදුරුවක් නොදාපු ෆොටෝ එක බිමට ඇදගෙන වැටුනේ දෝංකාරය නිසා දෙගුණයක සද්දයකින්.
ෆොටෝ එක බිමට වැටුනට පස්සේ ධනුර්වයි තෙධාෂයි දෙන්නම අඩි කිහිපයක් පස්සට තිබ්බේ කෝකටත් වගේ. එතකොටම ෆොටෝ එකට යටවෙලා හිටපු කට්ට කලු පූසෙක් පැනලා දිව්වා. එවෙලේ තමයි දෙන්නගෙම ඇඟට ලේ ටිකක් ඉනුවේ. තෙධාෂ ධනුර්ව එක්ක ගිහින් ෆොටෝ එක අහුලගත්තේ ඒක ආයෙම එල්ලන්න හිතාගෙන. ඒත් එතන ෆොටෝ එක තිබුණ තැන බිත්තියේ ලොක් කරපු පෙට්ටියක් වගේ එකක් තිබුණා බිත්තිය ඇතුලට වෙන්න. තෙධාෂ ෆොටෝ එක පැත්තකින් තියලා. තෙධාෂ ඒ ලොක් එක උඩින් අත තිබ්බා..ඒ ලොක් එකත් බිත්තියේ තිබ්බ ඒ පොඩි ගබඩාව වගේ දොර ඇතුලෙන් සෙට් කරලා..යතුරු සිදුර විතරයි එලියට තියෙන්නේ..තෙධාෂ නිකමට වගේ වලව්වේ යතුරු කැරැල්ලේ තිබුණ වලව්වේ දොරේ යතුරට අමතරව තිබුණ එකම පුංචි යතුර , යතුරු සිදුරට දාලා කරකවලා බැලුවා..ඒක ඇරුණම ධනුර්වත් ෆොටෝ එක පරිස්සමට තියලා තෙධාෂගේ අත් දෙක අස්සෙන් එතනට එබිලා බැලුවා. තෙධාෂ ඒක ඇතුලේ තිබුණ ලී පෙට්ටියක් එලියට අරගත්තා. දූවිලි ටික පිඹලා අයින් කරපු තෙධාෂ ඒක ඇරලා බැලුවේ ඔය කියන මහලොකු නිධානේ මේකද බලන්න හිතාගෙන. ඒක ඇරපු ගමන් ඒ දෙන්නට හම්බවුණේ ෆොටෝ එකක්..ගෑනු කෙනෙක්ගේ..තෙධාෂගේ සීයලාගෙම කාලේ වගේ කෙනෙක්ගේ..ධනුර්ව එකපාරට ඒ ෆොටෝ එක තෙධාෂගේ අතින් ඇදලා අරන් බැලුවේ ඒ ඉන්න කෙනා ඇත්තටම ඒ කෙනාද බලන්න...දැන් කාලේ ෆොටෝ තරම් පැහැදිලි නැතත් ඒ ෆොටෝ එකේ කෙනාගේ ඇස් කලු පාට නැති බව තේරුණා වගේම ඒ ගෑනු කෙනාගේ මිශ්‍ර සම්භවයක් පේන්න තිබුණා. කොහොමටවත් ඒ නම් තෙධාෂගේ ආච්චි නොවෙන විත්තිය තෙධාෂ හොඳටම දන්නවා මොකද ආච්චිව තෙධාෂ දැකලා තියනවා..පරණම ෆොටෝ පවා.. ඒ කවුද කියලා හිතන අතරෙම තෙධාෂ ඒ පෙට්ටියේ තිබුණ කොලයක් එලියට ගත්තා..ඒක ඒ ෆොටෝ එකේ හිටපු කෙනාගේ අතින් ඇඳපු පාට චිත්‍රයක්!! තෙධාෂට මොහොතකට හුස්ම ගන්න අමතක වුණා ඒ චිත්‍රේ දැකලා!! ඒ චිත්‍රයේ පැහැදිලිවම අර ෆොටෝ එකේ නොපෙනෙන ඇස් දෙකේ පාට හොඳට පාට කරලා තිබුණා. අලු ඇස්!! ඒකත් කණිකා වටේ යන නිල් පාට වළල්ල....ධනුර්වගේ ඇස් දෙක!! ඒ ධනුර්වගේ ඇස්මයි...
ESTÁS LEYENDO
✔️KATUPITAPATHA| කටුපිටපත
RomanceThe unedited feelings 🩵 මේ යනු නුවර වැස්සෙන් තෙමී ඇරඹුනු...කොළඹ පහන් එලි වලින් නැහැවෙමින්...පොත් සුවඳ අතරින් ගලා යන ඔවුන්ගේ ප්‍රේමණීය වෘතාන්තයයි..... Started: 11/03/2024 Finished: 06/10/2024