ඇමතිතුමා ගියාට පස්සේ ධනුර්වගේ ඔලුවේ තවත් කිසි දෙයක් වැඩ කලේ නෑ... අප්පච්චි මොකටද එහෙම කලේ?? එයා හොඳටම දන්නවා ඇමතියාගේ දුව අයියායි අක්කයි එක්ක නයි වෛරයි කියලා...එහෙම වෙලත්?? දේපල තණ්භා කතාව මොකක්ද?? ධනුර්වට හිතන්න තවත් දේවල් එකතු වෙලා...මේ දේවල් හිත හිතම ධනුර්ව practice ඉවර කරලා කෙලින්ම ගියේ hospital එකට. සිහර්න අයියත් ඇවිත් හිටියා එතනට ත්රිශාර්ධා එක්කම.
CT scan එකේ වැඩ සේරම ඉවර වුණ හැටියේ ධනුර්ව ගියේ ගෙදර මොකද එයාට ඇඟට පුදුම මහන්සියක් දැනුනේ. ඒ තත්වයෙන් වාහන ඩ්‍රයිව් කරන්න බැරි නිසා. හෙට හවසට report එක එන නිසා ධනුර්ව ඒ ගැන වැඩි අවධානයක් නොදී ගෙදරට ගියා සිහර්න අයියා එක්ක. ධනුර්වට කැම හදන්න පුලුවන් කමක් නොතිබ්බ නිසා සිහර්න අයියා කෑමත් හදලා දුන්නා ධනුර්වට. ඔය අතරේ ධනුර්වගේ ෆෝන් එක රින්ග් වෙනවා ඇහුන නිසා ත්රිශාර්ධා ධනුර්වගේ ෆෝන් එක ඇඳේ වැතිරිලා හිටපු ධනුර්වට ගිහින් දීලා එයා සිහර්න අයියා ගාවට ගියා.
"හලෝ මෙව්ලික කියපං බං" ධනුර්ව ෆෝන් එක හිටපු ඉරියව්වෙන්ම ඉඳගෙන කනේ ගහගත්තා.
"මේ...මචං ලොකු අක්කිට ඕනලු උඹව බලන්න..අපි සේරම එහේ ඉන්නේ..ඊයේ උඹ ලෙඩ වෙලානේ හිටියේ උඹට එන්න අමාරු නං අපි එන්නද? ( දැන් හොඳද අහන්න මල්ලි)..ආ ඔව් මේ දැන් හොඳ ද උඹට?"
"අවුලක් නෑ බන්...මේ-"
"චූටි මේ මන් ලොකු අක්කි...අනේ එන්නකො අප්පා...ඊයෙත් ඔයා කලින්ම ගියානේ අනේ..." ලොකු අක්කි ෆෝන් එකට කතා කරනවා නෙමේ බෙරිහන් දෙනවා..හෝමෝන මයේ හිතේ..ධනුර්ව වේදනාව කාගෙන මේ කතා කරන්නේ වෙනසක් නොපෙනෙන්න අනික් අයට.
"මේ..ලොකූ...මට අද නං එන්න වෙන්නෑ අක්කියෝ...මට..මේ අද වැඩ වගයක්...හෙට එන්නද ම්ම්?"
"ඒත් අද ඔයා එන්න එපැයි (කමක් නෑ අක්කේ ෂේප්..අවුලක් නෑ හෙමින් වැඩ ඉවර කරගන්න කියන්නකො...) ආ..එහෙනම් කමක් නෑ..මේ හැබැයි හෙට නං එන්න ඕන ආ.."
"රෑට එන්නං එහෙනං..අක්කි මන් තියන්නද? මන් පස්සේ ගන්නම්..."
ත්රිශාර්ධා කාමරේට තේකකුත් උස්සගෙන එනවා දැකපු නිසයි ධනුර්ව ෆෝන් එක තියන්න හැදුවේ. ධනුර්ව ෆෝන් එක තියන්නත් ඉස්සරින් ත්රිශාර්ධා ඇවිත් ධනුර්වගේ නම කියලා ගෙදර දෙවනත් කරන්න පටන් ගත්තා.... ඉතින් ධනුර්ව ඔය කෑගහන්නේ මොකටද දන්න නිසා ෆෝන් එක ඉක්මනටම කට් කරලා ඇඳට විසික් කරලා ත්රිශාර්ධා ට කිව්වා තමන්ට අවුලක් නෑ කියලා...කොච්චර හොඳින් කිව්වත් ආයෙම දරාගැනීමේ සීමාවෙන් ධනුර්ව ඔබ්බට යනවා...
VOCÊ ESTÁ LENDO
✔️KATUPITAPATHA| කටුපිටපත
RomanceThe unedited feelings 🩵 මේ යනු නුවර වැස්සෙන් තෙමී ඇරඹුනු...කොළඹ පහන් එලි වලින් නැහැවෙමින්...පොත් සුවඳ අතරින් ගලා යන ඔවුන්ගේ ප්‍රේමණීය වෘතාන්තයයි..... Started: 11/03/2024 Finished: 06/10/2024