73

759 93 46
                                    

ෂූට් එකට එක විදි වලට ඉඳලා අක්කට මල පැනලා එහෙන්..තව එක පෝස් එකක් කිව්වොත් ෆොටෝග්රැෆි කරන අයියව මරන් කන්න තරම් කේන්තියෙන් හිටියේ. ඇත්ත ඉතින් අමාරුයි නේ හෙවි මේකප් එකක් එක්ක එහෙන් මෙහෙන් කෑලි ඇඳන් ඒ අස්සේ අක්කගේ ඇඳුම කසනවලු. අක්කගේ හම හුඟක් සෙන්සිටිව් නිසා ඉස්සර අවුරුදු උත්සව වලට බෝරිච්චි ගවුමක් වත් අඳින්නෑ. ඉලාස්ටික් එකට පුදුම විදිහට කැපෙනවා. නෙට් ගවුම් අඳින්නෙත් නෑ වෙඩින් වලට එහෙම. ඇඟට කම්ෆටබල් ඇඳුම් තමා අක්කට ඕන.

තෙධාස්වර අයියටත් එහෙන් බනිනවා..මල්ලි  කෙනෙක් වුණ නිසා නේ මේ සේරම දුක්!! අක්කා අයියට වෙන වෙලාවට බබා, තෙධාස්වර වගේ එකී මෙකී නොකී ආල බස් කිව්වට තරහ ගියාම කෙලින් ම එක්කො මල්ලි නැත්තන් මියැසිඳු කියනවා. බැන ගෙන බැන ගෙන යද්දි තෙධාස්වර නමින් කතා කරන්න බෑලු කට උලුක් වෙනවලු. ඇත්ත තමයි. අක්කා බනින්න ගත්තම ආවේස වෙලා කියන රැප් එකේ වේගෙට අයියගේ නම කියාගන්න බෑ තමා!! කොහොමහරි ෂූට් එක ඉවර කරලා ෆොටෝ print කරන්න ගියා තැන්ක් යූ කාඩ් එකේ. ඕවා ඉතින් පස්සේ ඔය වෙඩින් එකට එන අයගේ බුක් මාක් වෙනවා ඒක වෙනම කතාවක්. ඒත් සම්ප්‍රදාය වශයෙන් print කරන්න එපැයි.

වෙඩින් එකේ පෝරුවේ නැකතත් ඇවිත් තිබ්බා. බෙර සද්ද මැද්දෙන් අක්කා තාත්තගේ අතින් අල්ලගෙන හරිම ලැජ්ජාවෙන් පෝරුවට ආවා. තාත්තගේ මූණෙත් කවදාවත් නොතිබ්බ ලස්සන හිනාවක්. තාත්තා හිනා වෙනවා ධනුර්වලා දැක්කනම් මේ වගේ බොහොම කලාතුරකින් දවසක තමයි. අක්කා තාත්තගේ අත බදාගෙන ඉස්කෝලේට මුලින්ම යන පොඩි කෙල්ලෙක් වගේ. අක්කා තවත් අපිට අයිති නෑ කියලා දැනෙද්දි හිතට ගොඩක් දුක වුණත් අක්කා ඒ යන්නේ එයාව හුඟක් සතුටින් තියන්න පුලුවන් මනුස්සයෙක් ගාවට... තෙධාස්වර අයියා කවදාවත් අක්කට නරකක් කරන්නේ නෑ කියලා ධනුර්ව හොඳටම දන්නවා. ඒ විශ්වාසය උඩයි ධනුර්ව අක්කට මේ විදිහට හරි යන්න දෙන්න හිත හදාගත්තේ. නැත්තන් දෙවෙනි අම්මා වගේ ඉන්න ලොකු අක්කව කොහොමද එහෙම ලේසියකට යවන්නේ?? 

මනමාල ජෝඩුව පෝරුවට නැගලා අත් දෙකම එකතු කරලා ආචාර කරගත්තා. ඕක දැක්කම මතක් වෙන්නේ මඟුල තීන්දු කරන්න අයියලගේ පවුලේ අය එක්ක අයියා ආව දවස. දැන් බුලත් හෙප්පුව දීලා අක්කා අයියට වඳිනවද..නැත්තන් අයිය අක්කට වඳිනවද කියලා හෙන කාලගෝට්ටියයි. අක්කාට අන්තිමේ තෙධාස්වර අයියට වඳින්න වුණාට... පස්සේ අක්කා සද්දේ දාලා අයියට කියලා දණ ගහලම වන්ද ගෙන. අම්මෝ හෙන දාමරිකයි!! බැන්දම ගෙදර ගෘහ මූලිකයා වෙන හීනේ අයියා දැන් ම අත ඇරියොත් හොඳයි වගේ...මල්ලි කෙනෙක් වීමේ ඵල විපාක...දැන් ඉතින් බැඳගත්තනම් ගහන එකයි ඇත්තේ...බෙරේ...

✔️KATUPITAPATHA| කටුපිටපතWhere stories live. Discover now