"ආන් මල්ලි ලොකු අයියට ට්‍රැක පැනලා. මේ අනිද්දා බඳින්න ඉන්න අසරණයා.... පවු.." පහල එකම කාලගෝට්ටියයි. තෙධාස්වර අයියගේ ගෙදර groom to be party එක. අක්කගේ bride to be එක කලින් දවසේ තිබ්බා. මේ අන්තිම මොහොතේ බෝතල් ටිකක් උස්සන් ඇවිත් තව ඔය මොනා හරි කෑම උස්සන් නටන ජවුසම වගේ නෙවෙයි නේ bride to be party..අම්මෝ අක්කා නං කාලෙක ඉඳන් ම plan කරලද කොහෙද..ඒකත් පර්පල් තීම් එක. කේක් එකයි ගවුමයි..කොටින් ම බැලුමේ ඉඳන් දම් පාටයි. ලා දම් පාට අක්කගේ ආසම පාට. අයියා නෑ බෑ නොකියා පර්පල් ගෝල්ඩ් තීම් එකට කැමති වුණේ අක්කා හුඟක් ආස නිසා. ඒ bride to be party එක වගේද මනමාල මහත්තයගේ groom to be ජවුසම. තොවිලේ වගේ. කට්ටිය වෙරි වෙලා. එහෙන් මනමාල මහත්තයට ට්‍රැක් අවුට් වෙලා.
"අක්කලගේ දාංගලේට කොල්ලො මනමාලයි..
අක්කා කියන අකුරු තුනට මම හරි ආසයි~
වැස්ස දාක සීතලේට අක්කා දඟකාරයි
නෑනේ තට්ටු කරලා මට්ටු වුණේ අයියා තාම බාලයි~පැද්දට BMW මමත් හොඳ ACTOR
විසි එකේ තමා අක්කේ මල්ලි මරු BATSMAN
දැම්මට යෝකර් ගහන්නේ මම සික්සර්
ආලේ නටවන්නේ කෙල්ලො වෙලා අද ජෝකර්..රැල්ල ගස්ස ගස්ස තමා සිප ගත්තේ වැල්ල
සිපගන්න කාමෙට පොඩ්ඩක් කෙල්ලො දුන්න නල්ල
එහෙම කලත් TB නම් කවදත් වෙයිද මෙල්ල
නංගි නෙවෙයි අක්කා තමා මෙල්ල කලේ මාව~"දෙයියනේ මේවා අක්කා දකින්නම ඕන සේයාරූ වීඩියො පට හඬ පට හින්දා ධනුර්ව ටක් ගාලා ඇක්ටිව් වෙලා සාක්කුවෙන් ගඩොල් භාගේ අරන් වීඩියො කලා. ඒ අනුව අනිද්දට projector එකේ දාන්න රසවත් හරවත් වීඩියො එකක් ලැබුණා. ෆුල් සීරියස් පිට ඉන්න උන් හිටි හැටියේ ට්‍රැක පැන්නම බලන්න ලස්සනයි අප්පා. තියන අර පාරම්පරික පශ්චාත්භාගේ වන වන නටද්දි මරේ මරු. කොහොමද ආවේ බෝතල් ගෙනාවම...'මල්ලි මම අඩි දහයක් ගැහුවත් වදින්නෑ...' යැයි යැයි තමයි. ඔය මල්ලිලා දෙන්නටත් වැදීගෙන එන්නේ යස අගේට.
"මට මුවා කියන්න එපා විජේ~" ලොක්කයියත් එකයි සිමයියත් එකයි උන් දෙන්නගේ පොඩි පගයා මොටයියත් එකයි. මුවා නෙමේ ඉතින් විහස්න අයියේ එයා කියන්නේ වෙන මොකක්ද එකක් නේ...මෙයා ඒවා කියන්නෑ ලැජ්ජාවට...
ВЫ ЧИТАЕТЕ
✔️KATUPITAPATHA| කටුපිටපත
Любовные романыThe unedited feelings 🩵 මේ යනු නුවර වැස්සෙන් තෙමී ඇරඹුනු...කොළඹ පහන් එලි වලින් නැහැවෙමින්...පොත් සුවඳ අතරින් ගලා යන ඔවුන්ගේ ප්‍රේමණීය වෘතාන්තයයි..... Started: 11/03/2024 Finished: 06/10/2024