51

1K 154 118
                                    

"ඕයි තෙධාෂ!!" සනූෂ බැල්කනි එකේ දැලේ එල්ලීගෙන තෙධාෂට කතා කළාම හද හද හිටපු ත්‍රිකෝණමිතිය ගාණ පොඩ්ඩක් පැත්තක තියලා ඔලුව උස්සලා බැලුවා.

"අඩෝ ගාන හදනවා ඕයි!! මොකද උඹ මැරෙන්න යන්නේ??"

"අර උඹේ පොඩි පගයා ඔෆිස් එක ඉස්සරහ දණ ගස්සලා!!" සනූෂ විස්තර කරද්දි සයෝධ්‍ය අයියාත් ක්ලාස් එකට ආවා. එක්සෑම් ළඟ නිසා ළමයි වැඩිය ඉස්කෝලේ නොඑන හින්දා පන්තියටම හිටියේ තෙධාෂගේ සෙට් එකයි තව තුන් හතර දෙනෙකුයි විතරයි.

"මොකද වෙලා තියෙන්නේ අයියේ??"

"පොඩි පගයෝ ටික  පුස්තකාලේ ලොකු අයට වෙන් කරලා තියන රැක් එකෙන් ලොවීනා පොත උස්සලා සංගමේ දාන් කියවද්දී මාට්ටු වෙලා..."

"අයියේ බේරගන්න විදිහක් නැද්ද?"

"මොන බං..මන් බැලුවා...කේශලා මැඩම්ට අහුවෙලා තියෙන්නේ දන්නවනේ එයාට අහුවුණාම..ආ මේ හැබැයි උඹයි මායි දෙන්නම ගිහින් බලමුද?"

"අයියේ හැබැයි මන් උදව් කලා කියලා නෙත්සර්ජ දැනගන්න බෑ..."

තෙධාෂ ගැම්මට පපුව ඉස්සරහට දාන් කේශලා මැඩම් හොයාගෙන ස්ටාෆ් රූම් එකට ගියේ සයෝධ්‍ය අයියත් තෙධාෂගේ පස්සෙන් එද්දි. ගැම්මට ගියාට මොකද කේශලා මැඩම්ව දැක්ක ගමන්  තෙධාෂට ජීවන අවශ්‍යතාවයකුත් ලාවට මෝදු වුණා. ඒ වුණාට ඒ කොටස කිසි කෙනෙක් කවදාවත් දැනන් හිටියේ නෑ. කොහොමහරි සයෝධ්‍ය අයියා ඉස්සරහ චාටර් වෙන්න බැරි කමටම තෙධාෂ ආපු ගැම්මෙන් ම පපුව ඉස්සරහට දාගෙනම හිටියා.

තෙධාෂ කොහොමහරි වැඩේ යන්තම් ෂේප් කරවපු නිසා දණ ගහගෙන ඉන්නවට අමතරව දඬුවමක් එයාලට ලැබුණේ නැහැ ඉස්කෝලේදී හැබැයි ගෙදර තත්වය කොහොම වුණාද කියන්න තෙධාෂට පුලුවන් වුණේ නැහැ. ඒත් තෙධාෂ එදා ධනුර්ව ව බේරගන්න පුරුෂ ධෛර්යය අරන් කේශලා මැඩම් ගාවට නොගියා නම් අනිවාර්යෙන්ම ඉස්කෝලේ මැද්දේ හොඳ ගුටි ටිකක් අනිවාර්යයෙන්ම ධනුර්වට කන්න සිද්ධ වෙන්න තිබුණා. ඒ විදිහට ඒ සිද්ධිය ගොඩින් විසඳලා දෙන්න තෙධාෂට පුලුවන් වුණත් කිසිම කෙනෙක් ධනුර්වට ඒ උදව් කරපු මහා බලවේගේ ගැන නොකීවේ එහෙම කිව්වොත් තෙධාෂගෙන් හම්බානක කන්න වෙනවා කියලා දන්න නිසා. ධනපති පන්තියේ පුත්තු ආරක්ෂාවට මැරයෝ තියන් ඉන්නවද කවුද දන්නේ??

✔️KATUPITAPATHA| කටුපිටපතDonde viven las historias. Descúbrelo ahora