වෑන් එකේ පිටිපස්ස හරියෙන් ඇහෙන විසාල සබ්දය මොකක්ද බලන්න ධනුර්ව හොම්බ දැම්මේ කොයි කොහොමවත් ඒ දකින දර්ශනේ නම් බලාපොරොත්තුවෙන් නෙවෙයි. බොංගො එකට උදේ තිබ්බ ජවයටත් වඩා ජවයකින් තඩි බාන ගමන් සනූෂ වයි දිස් කොලවරි සින්දුව කියනවා..මෙව්ලිකත් ධනුර්ව ගානට ම කන්ෆියුස් වෙලා සීට් එකෙන් හොම්බ දාන බලන් ඉන්නේ සනූෂගේ බොංගො ගැහිල්ල දිභා නෙවෙයි ඒ බොංගො ගැහිල්ලට තාලෙට පද්දන උන් දෙන්නට!!! අප්පට හික්කඩු යන වැනිල්ලක් නේ යකෝ ඒක!! ධනුර්වටයි මෙව්ලිකටයි ඒ දර්ශනේ දැකලා අදහාගන්න බැරි වුණා. සතීර්ශත් මේ උන් දෙන්න කටවල් වලින් කෙල බේරනකල් ම ඇරගෙන බලාගෙන ඉන්නේ මොකක්ද දිහාද බලන්න සීට් එක උඩින් දණහිස් තියලා නැගිටලා බැලුවම එයාගේ ඇස් දෙකත් නිලංකාර වෙලා ගියා...ඇයි හත්දෙයින්නේ අර නයිට් ක්ලබ් එකේ පොල්ල බදන් නටන එකියක් වගේ නටන්නේ එයාලගේ මැත්ස් සර් නේත??? කිරි අප්පට නිලමේ නටපි කිව්වලු!!! අබුද්දස්ස කාලේ සර්ලත් පද්දනවලු!! සතීර්ශ හෙනම කන්ෆියුස් ලුක් එකකින් බලලා ආයෙම නොන්ඩි හිනාවක් මෙව්ලිකටයි ධනුර්වටයි දාගෙන සීට් එකෙන් වාඩි වුණේ ධනුර්වගේ උරහිසට තට්ටුවක් දාලා.
"ලීයේ පැති මාරු කරගන්න කාලේ හොඳා~" සතීර්ශ ඇහැක් ගහලා කිව්වම මෙව්ලිකත් ධනුර්වත් කුපාඩි හිනා දෙකක් දාලා වන වන නටන අයියලා දෙන්නා දිහා බැලුවා.
"Hand la glass
Glassa la scotch
Eyes -u full aa tear-u
Empty life-u
Boy*-u come-u
Life reverse gear-u~Lovvuu lovvu
Oh my lovvu
You showed me boww-u
Cow-u cow-u holy cow-u
I want u here now-uGod I'm dying now-u
He* is happy how-u
This song for soup boys-u
We don't have choice-uWhy this kolaveri kolaveri
Kolaveri di
Why this kolaveri kolaveri
Kolaveri di "කොහොමට හිටපු අයියලා දෙන්නට ද මේ ට්‍රැක පැන්නේ කියලා කම්මුලට අතකුත් ගහන් වනන පස්සවල් දිහා ධනුර්වයි මෙව්ලිකයි බලන් හිටියා. සමහර විට ආතතිය වෙන්න ඇති මයේ හිතේ...නැත්තං ඔච්චර ට්‍රැක පනින්න හේතුවක් නෑත් එක්ක හැබැයි...ඒත් මේ මුං තුන්දෙනාගෙම ඇත්ත විදිහ වෙන්න බැරිද?? හැමතිස්සෙම පුදුම කූල් ප'සනැලිටි මේන්ටේන් කරන මුන් දෙන්නට මෙච්චර මෙහෙම පිස්සුවෙන් වගේ සැහැල්ලුවෙන් නටන්න තරම් කම්ෆටබල් ගතියක් දැනෙනවා කියලා දැනෙද්දිම හරි සතුටුයි...දාහක් හංගන් ඉන්න හිත අස්සේ හැංගිලා තියන මේ පුංචි ම පුංචි පහේ ට්‍රැක් අවුට් ගතිය මම හිතන්නෙම එයාලා දෙන්නගෙම කම්ෆටබල්ම සෝන් එක. කම්ෆටබල් අය ඉස්සරහ ම විතරක් එලියට එන....
أنت تقرأ
✔️KATUPITAPATHA| කටුපිටපත
عاطفيةThe unedited feelings 🩵 මේ යනු නුවර වැස්සෙන් තෙමී ඇරඹුනු...කොළඹ පහන් එලි වලින් නැහැවෙමින්...පොත් සුවඳ අතරින් ගලා යන ඔවුන්ගේ ප්‍රේමණීය වෘතාන්තයයි..... Started: 11/03/2024 Finished: 06/10/2024