ඉරිදා දවසේ උදේ පාන්දරම තෙධාෂ ධනුර්වට බාලිකාවේ සයන්ස් ඩේ එක නිසා මිස් වුණ ලෙසන් එක කරන්න අල්ලගත්තේ ධනුර්ව මූණ හට්ටියක් කරගෙන ඕපන් ඒරියා එකේ තියල තිබුණ මේසේ පොත් ටික වනාගෙන පුටුව උඩට කකුල් දෙකත් අරගෙන බිත්තියේ ගහපු වයිට් බෝඩ් එකේ තෙධාෂ හද හද උගන්නන ගණන් වලට අවධානය දුන්නා. ධනුර්ව මූණ හට්ටියක් වගේ කරන වාඩි වෙනකොටම ධනුර්වට තෙධාෂ ගානේ හොඳ ටෝක්කකුත් හම්බුණා.
"නෙත්සර්ජ ඔය මූණ හදන එක නවත්තල මේ ගාන හදපන්"
"අනේ මේ ඔයා ඉන්නකෝ මේ මගේ මූණ මට ඕනේ නම් මන් හදනවා " කියල මහා හැලි වඳුරු ටයිප් එකට මූණ හැදුවම තෙධාෂට හිනාවක් යන්න හැදුවත් ටක් ගාල එයා බෝඩ් එක පැත්තට හැරුණා ධනුර්වට හිනාව නොපෙනෙන්න.
"තන්තුවක් සම්බන්ධ කරලා තියන වෘත්ත චලිත ගානකදී අංශුව දෝලනය වෙන්න නම් මේ A හා B අතර V=0 වෙන්න ඕන. එතකොට දෝලනය වන කෝණය හොයන්න දීල තියන කොට V=0 වෙන කෝණය හොයන්න තියෙන්නේ තේරුණාද?"
"යෙස් සෑර් !! තෙධාෂ සර් එතකොට මේ ගානේ මේ අසමානතාව ඔප්පු කරන්නේ කොහොමද?"
"ඔව් හරි ඒකට අර හොයපු කෝණය 0< θ < 90 වෙන්න ඕනේ. ඕකෙන් අසමානතාවේ ඔප්පු කරන්න පුළුවන්"
ධනුර්ව දීල තිබුණ ගණන් ඔක්කොම වගේ හදල තෙධාෂ ට හරි වැරදි බලන්න දීල කකුල් දෙකත් පද්ද පද්ද වෙනම කල්පනා ලෝකෙක ගිලිලා හිටියා. තෙධාෂ ගේ මූණේ හැමතිස්සෙම ඇඳෙන ඒ හිතා ගන්න බැරි බැල්ම මොකක්ද කියල ධනුර්ව කල්පනා කළා. ඒ කෝපි පාට ඇස් දෙක අස්සේ දිගු අහිපිහාටු වලින් වසන් කරන් ඉන්න ඒ කාටවත් ම කියාවන්න බැරි ඒ හැඟීම මොකක්ද කියල ධනුර්ව හිතන්න උත්සහ කළා. අන්තිමට ලියපු පොතේ වචන වල වේදනාව හරියටම මොකක්ද කියල තේරුම් ගන්න ධනුර්ව හරියට උත්සහ කළා. තෙධාෂ හොයන happy ending එක මොකක්ද කියල හොයන්න ධනුර්ව හරියට වෙහෙස වුණත් ඒක පාර්ශ්වික ආදරයකට එහා ගිය යමක් හොයාගන්න ධනුර්වට පුළුවන් වුණේ නැහැ. ඒත් ඒ ඒකපාර්ශවික ආදරය කියන දේ තෙධාෂ ගෙන් බලාපොරොත්තු වෙන්න තරම් තෙධාෂ ඒවා ගැන හිතන්නේ නැහැ කියල ධනුර්ව හිතුවත් ඊළඟ මොහොතේ එයාට හිතුනේ ආදරය වැඩිපුරම උතුරන්නේ දරදඬුයි කියල පිට ලෝකේ හිතන හිත් වල කියලයි. දරදඬු කියල කිව්වට ඇත්තටම ඒ හිත් වේදනාවෙන් හදවතේ දොරවල් වහගෙන ඉන්නව කියලයි ධනුර්ව විශ්වාස කළේ. නිතරම ධනුර්ව තමන්ටත් නොදැනීම තෙධාෂගේ දරදඬු බැල්මෙන් මුදු මෙලෙක් හැඟීමක් අපේක්ෂාවෙන් ඒ ඇස් දිහා ඉවසීමෙන් බලන් හිටියා. හේතුවක් නොදැන වුනත් ධනුර්ව ඒ මුදු මෙලෙක් බැල්ම නිතරම දරදඬු ඒ ඇස් අස්සෙන් හෙව්වා.
VOUS LISEZ
✔️KATUPITAPATHA| කටුපිටපත
Roman d'amourThe unedited feelings 🩵 මේ යනු නුවර වැස්සෙන් තෙමී ඇරඹුනු...කොළඹ පහන් එලි වලින් නැහැවෙමින්...පොත් සුවඳ අතරින් ගලා යන ඔවුන්ගේ ප්‍රේමණීය වෘතාන්තයයි..... Started: 11/03/2024 Finished: 06/10/2024