"මම ගොඩක් කල් දුරින් ඉඳන් ආදරේ කළා ඔයාට...දුරින් ඉඳන් තවත් ඔයා දිහා බලලා සැනසෙන්න බෑ...දුරින් ඉඳන් ආදරය කළා ඇති මට...."
"එතකොට???"
"මේ ළඟට අරන් ආදරය කරන කාලේ..."
තෙධාෂ ධනුර්වගේ කම්මුල් දෙකෙන් අත අහකට නොගෙනම එයාලගේ අතර තිබුණ පුංචි පරතරයත් නැති කරලා දැම්මේ තාමත් එකදිගට කඩන් හැලෙන වැස්සේ පොද මූණේ ඇවිත් වදින අතරේ. ධනුර්වගේ අලුපාට ඇස් දෙකේ කණිකා ලොකු වෙන හැටි හරි ආදරෙන් බලන් හිටපු තෙධාෂ හෙමින් තමන්ගේ ඇස් ධනුර්වගේ තොල් දිහාවට ගෙනාවේ මෙච්චර ලස්සන කන්ෆෙස් එකකින් පස්සේ ඒ කන්ෆෙෂන් එක ලස්සන කරන්න දායක වුණ ඩේසි මලේ තොල් මත තොල් නොතියා කොහොමද කියල හිතන ගමන්. කොහොමටවත් මෙච්චර කාලෙකට ඒ තොල් මත තමන්ගේ තොල් තියලා තද නොකර හිටියේ තෙධාෂගේ හිත හයිය නිසාම නෙවෙයි. ඕන බම්බුවක් වෙත්දෙන් කියලා ධනුර්වගේ ඉනෙන් ඇදන් කිස් එකක් දෙන්න තෙධාෂට හිතුන වාර අනන්තයි. ඒත්...තෙධාෂට ඒක කරන්න පුලුවන් වුණේ නෑ. හෙමින් සීරුවේ ධනුර්වගේ තොල් වලට නැමුණ තෙධාෂ ධනුර්වගේ තොල් මත සීරුවට තමන්ගේ තොල් තිබ්බේ ධනුර්වගේ ඇහි පිහාටු මත් ගතියටම ලාවට පියවෙද්දි. ඒ ඇස් පියවෙන හැටි ටිකක් බලන් හිටපු තෙධාෂ තමන්ගේ ඇස් දෙකත් වහලා ටිකක් ගැඹුරට කිස් එක ගෙනිච්චේ ධනුර්වගේ කම්මුල් දෙක මත තිබ්බ අත් දෙකෙන් එකක් ධනුර්වගේ බෙල්ල පිටිපස්සට යවලා තව ටිකක් ධනුර්ව ව ළඟට ඇදලා ගද්දි. තෙධාෂ ආයෙම ඒ අත අහකට අරගෙන ධනුර්වගේ හැඩේට තියන ඉනෙන් අල්ලගත්තේ ධනුර්වවත් පොඩ්ඩක් ගැස්සිලා යද්දි. ඒත් පොඩ්ඩක් වත් බ්රේක් නොකරපු කිස් එකත් එක්ක මත් වෙන හැඟීමක ගිලිලා හිටපු ධනුර්වට ඉනෙන් අල්ලපු එක ගැන නැවතිලා හිතන්නවත් වෙලාවක් තිබ්බේ නෑ. තෙධාෂගේ ටී ෂර්ට් එකේ උරහිස හරියෙන් ගුලි කරගත්තේ මෙච්චර කාලෙකට හිරවෙලා තිබුණ හැඟීම් එකපාර දොරවල් කඩාගෙන පිටතට එද්දි ඒවා ටිකෙන් ටික පාලනයෙන් ගිලිහෙද්දි.
පටන් ගැන්මේදී තෙධාෂ ධනුර්වගේ තොල් ආක්‍රමණය කළේ සීරුවට වුණත් ඒ වෙනකොට සීරුව පේන මානේ වත් තිබුණේ නැහැ. ධනුර්වගේ ඉන වටා බැඳුන ග්‍රහණය තද වෙද්දි ඒ හා සාපේක්ශව ධනුර්වගේ අතට ගුලි වන ටී ශර්ට් එකේ ග්රහණයත් දැඩි වුණේ එක පාර නිදහස් වෙන හැඟීම් ගොන්න තව තවත් පාලනය පේන මානයෙන් හෙමින් ඉවත් වේගන යද්දි. සීමාව මාව පෙනෙන මානය පහු වේගන යද්දි තෙධාෂ ධනුර්වගේ තොල් වලින් එහාට වුණේ තවත් සීමාව ඈතට යන තැන කියන්නේ පාලනය කරන්න බැරි රාජකාරියක මූලාරම්භය කියලා. ධනුර්වගෙන් එහාට වෙලා තෙධාෂ ධනුර්වගේ නලලට පුංචි කිස් එකක් දුන්නේ ඩීප් කිස් එකකින් පස්සේ හුස්ම අල්ලන්න දඟලන ධනුර්ව දිහා බලලා යන්තමින් හිනාවෙලා.
VOUS LISEZ
✔️KATUPITAPATHA| කටුපිටපත
Roman d'amourThe unedited feelings 🩵 මේ යනු නුවර වැස්සෙන් තෙමී ඇරඹුනු...කොළඹ පහන් එලි වලින් නැහැවෙමින්...පොත් සුවඳ අතරින් ගලා යන ඔවුන්ගේ ප්‍රේමණීය වෘතාන්තයයි..... Started: 11/03/2024 Finished: 06/10/2024