මුලු ඔක්කොම මෙව්ලිකට, අක්කලට සිද්ධ වුණ දේ අහලා පුදුම විදිහට කම්පනයට පත් වෙලා හිටියේ. අදිර්ශ ඒ අසහනකාරයාව පන්නගත්තට ඌ ඔය පැනගෙන ගියේ අක්කලා දෙන්නෙක්ගෙන් එක්කෙනෙක්ව හොයාගෙන වෙන්න පුලුවන් නිසා තෙධාෂ තෙධාස්වර අයියට කතා කරලා යුවීශා අක්කා ගැන විස්තරේ කිව්වා. අයියත් එහෙන් හොඳට ම වැටුණත් ඒ වෙලාවේ මානසික වැටි වැටි ඉන්න වෙලා නොතිබ්බ නිසා හිත හයිය කරගෙන යුවීශා අක්කව බේරගන්න ගියා. මෙව්ලික අක්කව කලින් ම එයාලගේ පුංචිලගේ ගෙදරට පිටත් කලා. කොහොමත් අක්කව සද්ද නැතුව රට යවන්න එයා තනියම ප්ලෑන් කරලා තිබුණේ. එයාගේ තාත්තට වැඳලා වැඳලා මේ ආරංචිය පිටට යන එකෙන් නවත්තගන්න මෙව්ලිකට පුලුවන් වුණා. ඒ අනුව පුංචිලගේ ගෙදර ඉඳලා පාන්දරම තියන ෆ්ලයිට් එකට අක්කා පිටත් වෙලා යාවි. කොහොමටවත් අක්කා නම් මෙව්ලිකව මෙහෙ දාලා යන්න කැමති වුණේ ම නැහැ. ඒත් මෙව්ලිකගේ බල කිරිල්ලට ම අක්කට වෙන චොයිස් එකකුත් නොතිබ්බ නිසා එයා ඒකට කැමති වුණේ.
ඒවා එහෙම බේරගත්තත් මෙතන ධනුර්වගේ ගෙදරට එකතු වුණ සේරගේම මූණු තිබුණේ බයානක විදිහට මැලවිලා. තෙධාස්වර අයියා යුවීශා අක්කාව ගෙදරින් පරිස්සම ඇරලවලා. අම්මා පවා හුඟක් අඬනවා අක්කාව සනසගන්නවත් එයාට අමාරුයි. අක්කලා දෙන්නම අම්මා එක්ක කාමරේ. තෙධාස්වර අයියා එහෙම්ම ම සෝෆා එකට ඇදන් වැටිලා සෝෆා එකේ ගැට්ටට වැලමිට තියාගෙන අතේ ඇඟිලි වලින් නලල දෙපැත්ත පිරිමැද ගත්තේ කඳුලු අස්සෙන්. රවිධාරත් සෝෆා එකේ කෙලවර අත් දෙකෙන් ම ඔලුව බදාගෙන ඉකිගහනවා. මෙව්ලික ධනුර්ව එක්ක උඩ තට්ටුවට ගියපු නිසා රවිධාර අඬනවා මෙව්ලික දැක්කේ නැහැ... රවිධාර දකින්න ඉඩ තිබ්බෙත් නැහැ. මෙව්ලික ඉස්සරහ රවිධාර හුඟක් ශක්තිමත් විදිහට ඉන්න උත්සහ කලා මොකද එයත් කඩන් වැටුනා කියලා දැක්කොත් මෙව්ලිකට තවත් දරන්න දේවල් එකතු වෙනවා කියලා රවිධාර හොඳට ම දන්න නිසා. තාත්තත් හොඳට ම කල්පනා කරනවා. එයා කොහොමටවත් ඒ අසහනකාරයාව නම් යහතින් තියන්නේ නැහැ. ඒත් මේ වුණ දේ ආපස්සට හරවන්න පුලුවන් ද??
මූලු ගෙදරම මල ගෙයක් ගානයි. ධනුර්ව ධෛර්ය අරන් මෙව්ලිකව සනසන්න ගියාට මොකද එයත් තාම ඉන්නේ මාරම ෂොක් එකේ. මේ හැමදේම තමන් නිසා වුණා කියන බරපතල හැඟීම එයාව වහ ගෙන තිබුණේ. ඒත් කොච්චර දැන් නැගිටින්න පණ නැතුව හිටියත් තමන්ගේ හොඳම යාලුවා, ලොකු අක්කා සමහරවිට මෙව්ලිකගේ අක්කා වෙනුවෙනුත් ධනුර්වට නැගිටින්න ම වෙනවා. ඇතුලතින් සිය දහස් වාරයක් කඩන් වැටුණත් මේ අය වෙනුවෙන් අල්ලගෙන ඉන්නම වෙනවා. ඉතින් මම ශක්තිමත් කියන වෙස් මුහුණ කීවෙනි වතාවට ද මන්දා ආයෙම සැරයක් ධනුර්ව පැළඳගෙන අනෙක් අය ඉස්සරහ පෙනී හිටියා.
ESTÁS LEYENDO
✔️KATUPITAPATHA| කටුපිටපත
RomanceThe unedited feelings 🩵 මේ යනු නුවර වැස්සෙන් තෙමී ඇරඹුනු...කොළඹ පහන් එලි වලින් නැහැවෙමින්...පොත් සුවඳ අතරින් ගලා යන ඔවුන්ගේ ප්‍රේමණීය වෘතාන්තයයි..... Started: 11/03/2024 Finished: 06/10/2024