92

620 71 31
                                    

"CT scan එකක් කරමු Mr. Wirajasinghe..ඔයා හැමදාම ලෙඩ වෙන එක බලන් ඉන්න හොඳ දෙයක් නෙවෙයි...Test reports නෝමල් නම් මම රෙකමන්ඩ් කරන්නේ psychiatrist කෙනෙක් ගාවට යන එක හොඳයි කියලයි..."

"වැඩි සම්භාවිතාව කැන්සර් එකකටද ඩොක්ටර්?"

"රිපෝට්ස් ආවම බලමුකො දැන්ම කලබල වෙන්න ඕන නෑ ධනුර්ව" ධනුර්ව හිනා වෙලා ඔලුව පහතට නවලා කලබල වෙන්නැ කියන්න වගේ ඔලුව වැනුවේ මොන දෙයක් වුණත් භාරගන්න සූදානමින්!! ඔව් ඒක ලෝකේ තියන නරකම දෙය වුණත් ධනුර්වට ඒ දේ භාරගන්න හයිය තියනවා!!

"මොකක්ද බං උඹලට මේ වුණේ අරූ අරහේ දුක් විඳිනවා..උඹ මෙහෙ..ඌ මේ වචනයක් වත් දන්නෑ ධනුර්ව...ඒත් මම නං කියන්නේ උඹ මේවා එයාට කියන්න ඕන මල්ලි...ඌ වෙන එකෙක්ගෙන් මේක දැනගත්තු දවසට පිච්චිලා මැරිලා යයි!!"

"සිහර්න අයියේ...මේවා අයියට කියන්න එපා..මේක මම බලාගන්නම්...අනික එයා ලංකාවට එනවා ළඟදීම..ඊට කලින් මට මේක කැන්සර් එකක්ද නැද්ද කියලා දැනගන්න තිබ්බා නම් ඇති...මම එයාට මේක පස්සේ කියන්නම්..මුලින් අයියා ලංකාවට ඇවිත් ඉන්න එපැයි...අනික එයාට දැන් තියන ප්‍රශ්න හොඳටම ඇති...මේ ප්‍රශ්නෙත් ඒ ප්‍රශ්න ගොඩට වැටෙන්න ඕන නෑ.." ධනුර්ව එහෙම කියාගෙන පුටුවෙන් නැගිට්ටේ එලියට යන්න.

"මල්ලි...තනියම හැමදේම දරා ගන්න එක නවත්තපන් ඔක්කොටම ඉස්සරින්..තෙධාෂ ඔක්කොම ප්‍රශ්න අපිට හරි කිව්වා... උඹව තමා ආසාවකට දකින්නවත් නැත්තේ...හරි කමක් නෑ දැන් කාත් එක්කද ආවේ?" සිහර්න අයියා අහපු ප්‍රශ්නෙට ධනුර්ව උත්තර දෙන්න සිහර්න අයියා දිහාවට හැරුණා. තාමත් සුදුමැලි ගතිය  පහ වෙලා නොතිබ්බට ධනුර්ව කලින් හිටපු තත්වයට වඩා ටිකක් හොඳ වෙලා තිබ්බා.

"ත්‍රිශාර්ධා එක්ක ආවේ.."

"කෝ ඉතින්??"

"ඔය ඉන්නේ එලියේ...එන්න බැහැයි කිව්වා ඇතුලට..මොකද කලේ කෙල්ලට ආ??" ධනුර්ව ලෙඩ අමතක කරලා මහදැන මුත්තා වගේ ඉනටත් අත් දෙක තියාගෙන සිහර්නගෙන් ඇහුවම සිහර්න බෙල්ලේ පිටිපස්ස කස කස කැරකෙන එයාගේ පුටුවේ හාන්සි වෙලා අංශක හැටක විතර කෝණෙකින් හැරිලා ආයෙම හිටපු තැනට ආවා.

✔️KATUPITAPATHA| කටුපිටපතOù les histoires vivent. Découvrez maintenant