කාලය ගෙවිලා යන්නේ අසුරු සැනෙන්...තෙධාෂ නැතුව හිස්ම හිස් වුණ උඩ තට්ටුවට වඩා ධනුර්වගේ ඇස් හිස් ම හිස් වෙලා තිබුණා. ඒ ඇස් කොච්චර හිස් වුණත්...ධනුර්ව තෙධාෂගේ උණුහුම පපුව අස්සේ හංගගෙන පරිස්සම් කරගෙන හිටියා.. හුඟක් පරිස්සමට...ධනුර්ව ජනේලෙන් ඈත ඉමක් බලන් ඉන්න හැම තත්පරයක් පාසාම කාලය ගත වෙන ඉක්මන ගැන එයාට අමතක වෙනවා. ධනුර්වගෙයි තෙධාෂගෙයි ෆොටෝස් වලින් පස්සේ ආයේ කවදාවත් ධනුර්වට මියුසික් කරන්න බැරි වෙයි කියලා හිතුවත් තාමත් අඩු නැතුව ආරාධනා එයාට ලැබෙනවා. ඉතින් ධනුර්ව කෙටි කාලෙකින් ම ජනප්‍රිය ගායකයෙක් වුණා. කොළඹ කැම්පස් එකටත් ධනුර්ව ඇතුලු වුණේ එයාගේ ආසම කැම්පස් එකක් නිසා..ඒත් ඒ කැම්පස් එකම පාලුවට ගිහින්...තෙධාෂ හිටියා නම් ධනුර්ව එක්කම එකට කැම්පස් යන්න තිබුණා..ඒත් ඒ හැම එකක්ම තවදුරටත් හීන විතරයි...කොච්චර හීන මවන්න ඇද්ද තෙධාෂ එක්ක එකට කැම්පස් යන්න!! තෙධාෂ වුණත් එච්චරයි....ඒත් දැන්...පාලුවට ගියපු කොළඹ කැම්පස් එකට යන්න ඕනවට යනවා මිසක ධනුර්ව ගියේ කැමත්තකින් නෙවෙයි...
මාස හයක් තිස්සේ නො අල්ලපු තෙධාෂගේ පොත උඩින් අත ඇදගෙන ගියපු ධනුර්ව ඒ පොත පාස් කරලා අතට ගත්තේ මේ මාස හය පුරාවටම එයාගේ පාලුව මකපු ගිටාර් එකයි තෙධාෂ දීපු ගිටාර් පික් එකයි. ධනුර්ව ගිටාර් එක අරන් කාමරයෙන් එලියේ ඕපන් ඒරියා එකේ සෝෆා එක උඩින් ඉඳගෙන ගිටාර් එකේ srrings දිගේ එක පාරක් ඔහේ අත ඇදගෙන ගිහින් frets වලින් අත තියාගත්තා.
"හීන රාශියක් අරන්ම යන්න ආවේ මං
ආදරෙන් එහා පෙනිච්ච චණ්ඩ මාරයක්
ආකහේට පෙම් බඳින්න හේතු කෝටියක්
තාරකා වලින් එහාට ගෙවුන සිත්තමක්ආලෙන් බැඳී මා ආවා
දෑතින් බැඳී මා මියුනා
ආලෙන් බැඳී මා ආවා
දෑතින් බැඳී මා මියුනා...වේදනා කෙසේ කියන්න දන්නෙ නෑනේ මං
මුසා බස් ගොතා කියන්න කාරණා නැතත්
හීන මානයෙන් මිදෙන්න ඕන නෑ තවත්
ආලකම් කෙසේ පෙනෙම්ද නුඹට කෝමවත්ආලෙන් බැඳී මා ආවා
දෑතින් බැඳී මා මියුනා
ආලෙන් බැඳී මා ආවා
දෑතින් බැඳී මා මියුනා"
BẠN ĐANG ĐỌC
✔️KATUPITAPATHA| කටුපිටපත
Lãng mạnThe unedited feelings 🩵 මේ යනු නුවර වැස්සෙන් තෙමී ඇරඹුනු...කොළඹ පහන් එලි වලින් නැහැවෙමින්...පොත් සුවඳ අතරින් ගලා යන ඔවුන්ගේ ප්‍රේමණීය වෘතාන්තයයි..... Started: 11/03/2024 Finished: 06/10/2024