65

1.1K 135 94
                                    

නුවර එළියේ තැන් කිහිපයක ඇවිදලා කට්ටියම ආපහු රිසෝට් එකට ආවේ හෙම්බත් වෙලා. වැඩිමනක් ම යක්කු විසි පන්දාහක් වුණත් ගිලින්න පුලුවන් මට්ටමේ සාගින්නකින්. කාලා බීලා ඉවර වෙලා කට්ටිය රිසෝර්ට් එකේ පහල පූල් සයිඩ් එකේ බිම වාඩි වුණේ ධනුර්වගේ ගිටාර් එකත් ලී බෙන්ච් එකක් උඩට සැපට තියලා. ධනුර්වයි මෙව්ලිකයි සතීර්ශයි සනූෂයි හතර දෙනා උඩට ෂර්ට් අල්ලලා විසික් කරලා පූල් එකට පැන්නෙ තෙධාෂ, රවිධාර විහස්න තුන්දෙනා ලී බෙන්ච් එකේ නාකි තුන්දෙනා වගේ වාඩි වෙද්දි.

උන්ට නගිනවලු මේවා දැක්කම..මල සමයං තමා අපේ මිනිහටත් තියෙන්නේ...නගිනවා නං බස්සගන්න එකනේ ඇත්තේ ඇයි අප්පා!! ධනුර්වයි කට්ටියයි වතුරේ බැහැගෙන සෙල්ලම් කරද්දි ටික වෙලාවකින් නාකි තුන්දෙනත් පූල් එකට බැස්සා. හපූ ලමිස්සියෝ වගේ..මේ අර ස්පෝර්ට්ස් මීට් වල ස්විමින් කරපු උන් නේද හත්තිලව්වේ!! කට්ටිය කොහෙන්ද බෝලෙකුත් උස්සන් පිල් දෙකකට බෙදිලා වෝටර් පෝලො ගහන්න පටන් ගත්තා. කොහොමහරි අන්තිමට අයියලා පරාද වුණා මේ මල්ලිලා ටිකට..හහ්!! තවුසන්ඩ් ටෝක්ස් දීලා පටන් ගත්තේ..මල්ලි මේවා අපිට කිරි කජු ..මෙහෙම ගේම්ස් ද අපි ඉස්කෝලේ ප්ලේ කලේ..නැෂනල් ලෙවල් ප්ලේයර්ස්ලා එක්ක පවා අපි ප්ලේ කලා..යැයි තමා..අන්තිමේ මේ චූටි හුරතල් මල්ලිලා තුන්දෙනාට තඩි යෝධ අයියලා හතර දෙනාම පරාද වුණා!! පරාද වුණාට මොකද හැන්ඩියො හතරදෙනාගේ ඇඟවල්!! බුදු අම්මෝ ලස්සන!! ජිම් ගිහින් වෙහෙස මහන්සි වෙලා හදපු ඇඟවල් නේත දෙයියනේ..ඉදපන්කො ලබන සතියේ ඉඳන් මායි මෙව්ලිකයි දෙන්නත් ජිම් යන්න පටන් ගත්තම ඇඬෙයි මේ දෙන්නට..සතීර්ශගේ නං ආයේ හදන්න දෙයක් නෑනේ මිනිහා ඒ කාලේ ඉඳන්ම ජිම් බෝයි නේ. විහස්න අයියගේ ඇඟනේ යකෝ මෙතන මාරෙටම තියෙන්නේ!! පරම්පරාගත පස්සවල් ද කොහෙද!! බැරි වෙයිද මට මේ අයියවත් තියාගන්න...අනේ දෙවියනේ බයිසෙප්ස්!! මාව කාපන් සාන්ත!!

"නෙත්සර්ජ?? උඹ මොනාද අපේ අයියා දිහා බලාගෙන කරන්නේ?? මන් ඉන්නේ මෙතන!!"

"...."

"නෙත්සර්ජ විරාජසිංහ!!!" සමහරවිට මුලු පූල් එකේම ජලය කැළඹෙන්න ඇති ඒ සද්දෙට...

✔️KATUPITAPATHA| කටුපිටපතDonde viven las historias. Descúbrelo ahora