"හිත බැඳි ස්නේහවන්ති නුඹ
වැඩිපුර ආලවන්ත වුණ
උණුහුම් තාල ගේන හිත
හෙමින් සැලුණා පෙමින් බැඳුනා..." ධනුර්ව විරාමයක් සින්දුව ඉවර කරල නිධාරා එක්කත් එයාගේ item එක practice කරලා ඉවරයක් කලා. ඒ විදිහට මාස දෙක පුරාවටම පිස්සු හැදෙන්නම කට්ටියට ම practice කලා. ඒ අතරේ තෙධාෂගේ පොතත් අච්චු ගහලා ඉවර කරලා තෙධාෂගේ අතට මුල් කොපි එක භාර දීලා තිබුණා."නෙත්සර්ජ..." ධනුර්ව බැල්කනි එකේ නිදහසේ ඉඳගෙන වැහි කලුව අස්සෙන් ලාවට හමාගෙන එන සීතල විඳින ගමන් ඉන්නකොට තෙධාෂ ධනුර්වට කතා කරන ගමන් ධනුර්වගේ එහා පැත්තෙන් හිට ගත්තා.
"ඔව් අයියේ..." ධනුර්ව තෙධාෂට සම්පූර්ණයන් අවධානය දීලා තෙධාෂ දිහාවට හැරුණා. අඳුරු කරලා තිබුණ සීතල හැන්දෑවක ඒ කෝපි ඇස් දෙක දිහා බලන් ඉන්න එක සින්දුවකට වඩා ලස්සන භාවනාවක් කියලා ධනුර්ව හිතුවා. ඊටත් වඩා ධනුර්වගේ අලු ඇස් දිහා බලාගෙන සතුටින් දිලිසෙන ඒ කෝපි පාට ඇස් දෙක අහසේ තරු වලට වඩා ලස්සනට දිලිසෙනවා. වේදනාවෙන් මැලවුණ ඇස් ආපහු ආදරය නිසා පණ ගහලා එද්දි මොන තරම් ලස්සනද....
"මගේ අලුත් පොත අවුට් වුණා නෙත්සර්ජ...මේ මුල් ම පොත...ඒ වගේම පොතේ කටුපිටපත...."
තෙධාෂ පිටිපස්සට කරන් හංගගෙන හිටපු පොත් දෙක ධනුර්වගේ අත් දෙක උඩින් තිබ්බේ ධනුර්ව දෝත බදලම ඒ පොත් දෙක අල්ලගනිද්දි. ධනුර්ව ලාවට බොඳ වීගෙන එන ඇස් දෙක සම්පූර්ණයෙන් ම කඳුලු වලින් වැහෙන්න ඉස්සරින් පොතේ නම කියවගත්තා...
"කටුපිටපත.." ධනුර්ව තෙධාෂගේ ඇස් දෙක දිහා බැලුවේ කටුපිටපත පොතේ කටුපිටපතත් ඇයි දුන්නේ කියලා අහන්න වගේ..
"Manuscript එකක්, කටුපිටපතක් නැත්නම් අත්පිටපත කියන්නේ එඩිට් නොකරපු ඔරිජිනල් ම වචන...කටුපිටපතේ තියන සමහර වචන අච්චු ගහන පොතේ නෑ නෙත්සර්ජ...මේ කටුපිටපතේ තියෙන්නේ මගේ එඩිට් නොකරපු ඇත්තම හැඟීම්...මේක නම් හරි නැති වෙයි කියලා නොහිත බය නැතුව හිතට ආපු හැම හැඟීමක් ම ලියපු පොත..."
ධනුර්ව පොත් දෙකම පපුවට තුරුලු කරගෙන ම තෙධාෂට තුරුලු වුණා. ඒත් එක්කම මහ වැස්සක් කඩන් හැලෙන්න පටන් ගත්තේ හිරි කඩ ධනුර්වගේ සහ තෙධාෂගේ ඇඟේ වදිද්දි...ධනුර්ව ඉක්මනින්ම තෙධාෂගෙන් එහාට වෙලා පොත් දෙකම ඇතුලෙන් තියලා ආයෙම එලියට දුවගෙන ඇවිත් තෙධාෂව බදා ගත්තා පොඩි එකෙක් වගේ. කොච්චර ගල් ගැහෙන සීතලේ වුණත් තෙධාෂගේ පපුව කියන්නේ උණුහුම පිරුණ තැනක්...තුරුලු වෙන්න තුරුලු වෙන්න තව තව උණුහම දැනෙන...
ESTÁS LEYENDO
✔️KATUPITAPATHA| කටුපිටපත
RomanceThe unedited feelings 🩵 මේ යනු නුවර වැස්සෙන් තෙමී ඇරඹුනු...කොළඹ පහන් එලි වලින් නැහැවෙමින්...පොත් සුවඳ අතරින් ගලා යන ඔවුන්ගේ ප්‍රේමණීය වෘතාන්තයයි..... Started: 11/03/2024 Finished: 06/10/2024