"තෙධාෂ!! බල්ලෝ!" සනුෂ ප්‍රිෆෙක්ට් රූම් එකේ දොර වේගෙන් අරගෙන කෑ ගහගෙන එනකොට ප්‍රිෆෙක්ට් රූම් එකේ වැඩක හිටපු තෙධාෂ, රවිධාර, දිනෝත්ම තුන්දෙනාම උඩ විසි වුණා.
"මොකද යකෝ බෙරිහන් දෙන්නේ??"රවිධාර ඇහුවේ හුස්ම අල්ලන්න දඟලන සනුෂ ට වාඩි වෙන්න පුටුවක් දෙන ගමන් වුණත් සනුෂ පුටුවක වාඩි වෙලා නිවිහැනහිල්ලේ මේ කතාව කරන්න වෙලාවක් නෑ කියන්නට වගේ අතින් එපා කියල සන් කළා.
"මොකද වෙලා තියෙන්නේ බං?"
"තෙධාෂ ඔය ලබ්බ පැත්තකින් තියපන්!! ධනුර්ව කොළඹ යනවලු අද!!" සනුෂ ඒ වචන ටික කියනවා විතරයි තෙධාෂ ට ඇහුණේ කර කර හිටපු වැඩ ටික එහෙම්මම තියල පිස්සෙක් වගේ ධනුර්වගේ පන්තියට දුවගෙන ගියේ ධනුර්ව හොයාගෙන වුණත් ධනුර්ව ක්ලාස් එකේ හිටියේ නැහැ. ඉස්කෝලේ ඇරෙන්න තව පැයයි..දෙයියනේ ඇයි මේක උදේ දැන නොගත්තේ?? තෙධාෂගේ ඔලුව එකම එක විකාරයි...ධනුර්ව නැති ජිවිතයක්?? බෑ කොහොමටවත් බෑ! ඉස්කෝලෙන් අවුට් වුණත් නුවරම හිටපු නිසා කලින් තෙධාෂට බයක් දැනුනේ නෑ ඒත් දැන්? කොළඹ!! එසේ මෙසේ දුරකටද මේ නිල පාට ඩේසි මල යන්නේ? ඇයි දෙවියනේ ඒ තරම් මාව එයාගෙන් ඈත් කළේ??
තෙධාෂ ධනුර්ව හොයාගෙන ඉස්කෝලේ වටේම ගියත් ධනුර්ව හොයාගන්න බැරි වුණා. ධනුර්ව තෙධාෂව හොයාගෙන ඉස්කෝලේ වටේම ගිහින් තිබුණ නිසා ඒ දෙන්නට දෙන්න හමු වෙන්නේ නැතුව බෙදිලා ගිහින් තිබ්බා. අනිත් අයටත් ධනුර්ව ව හොයාගන්න බැරුව හැම තැනම දුවද්දි ඉස්කෝලේ ඇරෙන බෙල් එකත් ගහලා ඉස්කෝලේත් ඇරුණේ තෙධාෂගේ බලාපොරොත්තු සේරම සුන් කරලා දාද්දි.
"අඩො මන් මේන් ගේට් නේ ඩියුටි!! මට බලන්න වෙන්නෑ...රවිධාර පොඩ්ඩක් පහළ ගේට් එක බලන්න බැරි වෙයිද?" දිනෝත්ම කිව්වත් ඇත්තටම එයාලගේ ඩියුටි පැහැර හරින්න පුලුවන් කමක් තිබ්බේ නෑ. බැක් ගේට් එකට දාලා තිබුණේ සීනියර්ස් ලව. තෙධාෂට ධනුර්ව ව හොයන්න ඉඩ දීලා අකමැත්තෙන් වුණත් අනික් අයට ඩියුටි යන්න වුණා. සනූෂ තෙධාෂගේ ඩියුටි එකත් කරලා දුන්නේ තෙධාෂට කොහොමටවත් ඩියුටි කරන මානසිකත්වයක් තිබ්බේ නැති නිසා. තෙධාෂ ඉස්කෝලේ වටේම ගිහින් බැලේම තැන මැත්ස් සෙක්ෂන් එකට ගියේ අඩු ගාණේ එතනටවත් ධනුර්ව ආවද බලන්න..
ŞİMDİ OKUDUĞUN
✔️KATUPITAPATHA| කටුපිටපත
RomantizmThe unedited feelings 🩵 මේ යනු නුවර වැස්සෙන් තෙමී ඇරඹුනු...කොළඹ පහන් එලි වලින් නැහැවෙමින්...පොත් සුවඳ අතරින් ගලා යන ඔවුන්ගේ ප්‍රේමණීය වෘතාන්තයයි..... Started: 11/03/2024 Finished: 06/10/2024