46

1.2K 166 191
                                    

හැමෝම මැත්ස් ක්ලාස් එකට ඒ විදිහට අවසන් තිත තියලා හති වැටෙනකල් ම නටලා ගෙවල් වලට ගියා. ධනුර්ව තෙධාෂගේ වාහනේට නැගල ගෙදරටම ආවත් ඩීජේ එකේ නටපු නැටුම තාම ඉවර වෙලා නොතිබ්බේ එයා උඩ තට්ටුවට යනකල් ම නට නට යද්දි. වොෂ් දාලා කාලා බීලා පොඩ්ඩක් නිදහස් වෙන්න හිතාගෙන ඕපන් ඒරියා එකේ බැල්කනි එකට ආපු ධනුර්වට දැනුනා කවුරුහරි එයාගේ ඉනෙන් අල්ලගෙනම එයාගේ එහාපැත්තෙන්  බැල්කනි එකට හේත්තු වෙනවා.

"අයියේ..."

"උඹට මහන්සිද?" තෙධාෂ ඇහුවේ ධනුර්වගේ දිලිසෙන ඇස් දිහා එක එල්ලේ බලාගෙන. තවත් ඇස් පිල්ලම් වේගයෙන් ගහලා අනෙක් පැත්ත හැරෙන්න බැරි තරම් ලෝභ වැඩියි ධනුර්වගේ ඇස් වලින් පෙන්නන්න හැඟීම්.

"ටිකක්...අයියට??"

"උඹව දැක්කම මගේ මහන්සිය යනවා බං..."

තෙධාෂ කියද්දි ධනුර්ව අත් දෙකෙන්ම තෙධාෂව ගේ ඉන හරියෙන් බදාගත්තේ තෙධාෂ තරම් ධනුර්ව උස නැති නිසා. තෙධාෂගේ පපුව හරියට වගේ තියන ඔලුව පපුවෙන් හරි සනීපෙට තියාගත්ත ධනුර්ව ව තෙධාෂව දෝත බදලම බදාගත්තේ හරි හෙමින්, ආදරේ පිරුණු හැඟීමකින්.

"නෙත්සර්ජ, මං ආසම උඹ සිංදු කියනකොට...උඹ එවෙලෙට ස්ටේජ් එක උඩ දිලිසෙන්නේ හරියට ස්ටේජ් ලයිට් සේරම ගලවලා ස්ටේජ් එක මැද්දෙන් සෙට් කලා වගේ...අමුතුවෙන් ස්ටේජ් ලයිට් ඕන නෑ බං උඹ ස්ටේජ් එකෙන් හිටගත්තම මුළු ස්ටේජ් එකම එළියයි..." තෙධාෂ කියන හැම වචනයක් ගානෙම ධනුර්ව අහගෙන හිටියේ හැමදාමත් ධනුර්ව ආස කරන තෙධාෂගේ ගැඹුරු වචන අහන් ඉන්න ලෝභ කමේ. තෙධාෂගේ හිතේ හිර කරන් ඉන්න හැඟීම් ගොන්න හෙමින් හෙමින් ධනුර්ව ඉස්සරහ දිග ඇරෙද්දි අච්චු ගහපු වචන අස්සේ ඉන්න ලේඛකයාට වඩා එහා ගිය යමක් තෙධාෂ තුලින් දිග ඇරෙනවා ධනුර්ව බලාගෙන හිටියේ ආසාවෙන්.

අච්චු ගහපු වචන අස්සේ පිටු වලට මුවා වෙලා පිටතට දුන්න හැම හැඟීමක් ම තෙධාෂගේ ගැඹුරු කටහඬින් ම අහද්දි ඒවගේ දැවටිලා තියන ආදරණීය හැඟීම් උතුරනවා නොසෑහෙන්න... මනුස්සයෙක්ට මෙච්චර ආදරණීය හැඟීමක් හංගගෙන ගලක් වගේ ඉන්න පුළුවන්ද කියලා හිතෙන තරමට මහ ගැඹුරු ආදරණීය හැඟීම් ගොන්නක් හිත අස්සේ හංගගෙන ඒවා වචන කරලා ලිව්වේ තෙධාෂගේ කටහඬට පණ නොතිබ්බට පෑනට හරි ඒ පණ දෙන්න හිතාගෙන. ඒ වචන අස්සටම සීමා වුණ තෙධාෂගේ ඒ හැඟීම් හෙමිහිට තෙධාෂගේම හඬින් එලියට එද්දි දිලිසෙන තෙධාෂගේ ඇස් දිහා බලාගෙන ඒවා අහගෙන ඉන්න ධනුර්ව ගොඩක් ආස කළා.

✔️KATUPITAPATHA| කටුපිටපතTahanan ng mga kuwento. Tumuklas ngayon