අක්කලගේ ප්‍රශ්නත් විසඳලා ටික දවසකින් හා හා පුරා කියලා එළඹුණේ මැත්ස් ක්ලාස් එකේ ඊළඟ බැජ් එකේ රිවිශන් ක්ලාස් එක පටන් ගන්න දවස. ගැම්මට තෙධාෂ අයියගේ 'හැරවුම් ලක්ෂ්යට මැත්ස් TA' කියලා ගහපු ටී ෂර්ට් එකක් ඇදලා ඒක ඩෙනිමට යට කරලා ඩෙක් දෙකකුත් දාලා ධනුර්ව තෙධාෂ අයියා එක්ක වාහනේට නැග්ගේ රොටරියට යන්න. මෙව්ලිකත් පේපර් පැනල් එකට සිලෙක්ට් වුණා මුල් රෑන්ක් අතරේ හිටපු නිසා. අලුත් පැනල් එක එහෙම සිලෙක්ට් වෙද්දි රවිධාර, සනූෂ දෙන්නම සීනියර් ඉන්ස්ට්රක්ටින් ටීම් එක බවට පත් වුණා. නිධාරාත් මේ අලුත් පැනල් එකට තේරිලා හිටිය නිසා සනූෂගෙත් ඉහේ මල් පිපිලා තිබුණේ. අන්තිමේ කොහොමහරි පස්සෙන් ගිහින් ගිහින් සනූෂ නිධාරාව යාලු කරගෙන තිබුණේ සනූෂගෙත් තනිකඩ ජීවිතයට තිත තියන ගමන්.
පළවෙනි දවස කියලා නෑ පැනල් එකට හෝ ගාලා වැඩ තිබුණා. පළවෙනි දවසේ ක්ලාස් එකට ආපු, ඔන්ලයින් ජොයින් වෙන අයගේ ලිස්ට් එකක් අරන් වෙන වෙනම එයාලව ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක්ට අනුයුක්ත ටීම් එකකට දාන්නයි, ටියුට් බලන්නයි වැඩ ගොඩයි. කොහොමහරි ඔය සේරම ඉවර කරලා කට්ටිය ගෙදර යනකොට හැන්දෑවේ හයත් පහු වෙලා තිබුණා. මෙව්ලික රවිධාර එක්කත්, නිධාරා සනූෂ එක්කත්, ධනුර්ව තෙධාෂ එක්ක පිටත් වුණා. සතීර්ශ නැෂනල් ටීම් එකට තේරිලා හිටපු නිසා එයාලගේ ප්‍රැක්ටිස් පටන් අරන් එයා හුඟක් බිසී වුණා.
ධනුර්ව තෙධාෂ එක්ක වාහනේට නැගලා සීට් බෙල්ට් එක දාගෙන ඉස්සරහ බලාගත්තට වාහනේ ස්ටාට් වුණේ නැත්තේ ඇයි බලන්න තෙධාෂ දිහා බැලුවම එයා දැක්කේ හිනාවක් එක්ක තමන් දිහා බලන් ඉන්න තෙධාෂව. ධනුර්වත් හිනා වෙලා ඔලුවෙන් සන් කරලා 'ඇයි' කියලා ඇහුවත් තෙධාෂ මුකුත් නෑ කියන්න හිනා වේගනම ඔලුව වනලා ධනුර්වගේ කම්මුලට හාද්දක් දුන්නා. ඒ හදිසි කිස් එකට ධනුර්ව රතු වෙලා පුපුරන්න එද්දි ධනුර්ව බොරුවට රවලා අහක බලාගත්තා.
"මල සමයං තමා මේ නිලමේ අයියගෙත් තියෙන්නේ!!"
"ඔයාව දැක්කම ආදරේ හිතෙනවා මැණික!!" තෙධාෂ කියද්දි ධනුර්ව තවත් රතු වෙලා යන්තම් හොරෙන් තෙධාෂ දිහා බලලා ආයෙම ෂටර් එකෙන් එලිය බලා ගත්තා. පොත් වල තෙධාෂ ඕනතරම් මැණික කියලා මේන් කැරැක්ටර් එකට කතා කරලා ඇති...ඒත් ඒක ධනුර්වට ම විශේෂයෙන්, ධනුර්ව ව ළඟ තියාගෙනම කියද්දි ඒ වචනෙන් දැනෙන ආදරණීය හැඟීම ධනුර්වට මෙහෙමයි කියලා විස්තර කරගන්න පුලුවන් වුණේ නෑ. දැනගත්තොත් නොකියාම ඈතට යයි කියලා බයෙන් හංගගත්ත ආදරේ තවත් බය වෙන්නේ නැතුව තෙධාෂගේ ඇස් වලින් උතුරද්දි ධනුර්වගේ හදවතෙත් තෙධාෂට වෙන් වුණේ එසේ මෙසේ ඉඩක් නෙවෙයි.
ESTÁS LEYENDO
✔️KATUPITAPATHA| කටුපිටපත
RomanceThe unedited feelings 🩵 මේ යනු නුවර වැස්සෙන් තෙමී ඇරඹුනු...කොළඹ පහන් එලි වලින් නැහැවෙමින්...පොත් සුවඳ අතරින් ගලා යන ඔවුන්ගේ ප්‍රේමණීය වෘතාන්තයයි..... Started: 11/03/2024 Finished: 06/10/2024