"මේ ධනුර්ව මල්ලි..මොකක්ද අර මේ දවස් වල සෝශල් මීඩියා වල හෝ ගාලා යන නිව්ස් එක??" රවිධාර අයියා ෆෝන් එකත් අතේ තියාගෙනම ධනුර්ව ගෙන් ඇහුවේ හැමෝගෙම අවධානේ ධනුර්වට ලැබෙද්දි. මොකද ඒ දවස් වල හැමෝගෙම මාතෘකාව ධනුර්වගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්...ධනුර්ව සින්දුවක් කරන්න ෂූට් එකකට ඒ කෙල්ලට ඉන්වයිට් කරපු වෙලාවක මොකෙක් හරි ගත්තු ෆොටෝ එකක් තමා ඒ වයිරල් යන්නේ හෝ ගාලා..කට්ටියට අමතකයි ඉතින් අනාදිමත් කාලෙක ධනුර්වයි තෙධාෂයි ට්‍රෙන්ඩ් ගියා කියලා..ඒ ඉතින් මිනිස්සුන්ගේ හැටි නේ...
ධනුර්ව රවිධාරගේ ප්‍රශ්නෙට හිනා වෙලා ඉස්සරහ බලාගත්තා මිසක මුකුත් කිව්වේ නෑ."සිරාවට ගර්ල් ෆ්‍රෙන්ඩ් ද ඕයි??" සනූෂ අහද්දි ඔක්කොම ඇස් දල්වන් බලන් හිටියේ ධනුර්ව උත්තරයක් දෙනකල්. ධනුර්ව එක්ක ට්‍රෙන්ඩ් යන කෙල්ලත් මුකුත් ඉන්ටවීව් වලදි කියන්නේ නෑ ඔය ප්‍රශ්නේ ඇහුවම..ධනුර්ව කොහොමත් ඉන්ටවීව් නොයන හින්දා ඒ ප්‍රශ්නේට උත්තරයක් ලැබුණේ නෑ..ඒ නිසාම හැමෝම හිතුවේ ඒක ඇත්තක් කියලා..ඔක්කොම කමෙන්ට් වල මැරෙන්න යනවා අනේ දෙන්නා හුඟක් ගැලපෙනවා යැයි යැයි ගගා..ඕක හුඟක් ලැව් ගින්නක් වගේ පැතිරුණේ ධනුර්ව ඒ කෙල්ලගේ ටික් ටොක් එකක ෆීචර් කරපු නිසා.
ධනුර්ව මෙව්ලික දිහා බලලා හිනා වෙලා එතනින් නැගිට්ටේ හැමෝම කට ඇරන් වෙන්නේ මොකක්ද කියලා ප්‍රොසෙස් කරගන්න ට්‍රයි කරද්දි..ධනුර්ව රවිධාරගේ ෆෝන් එක දිහා යන්තම් බලලා ආයෙම ඉස්සරහ බලාගෙන කෙලින්ම ගියේ වොෂ් රූම් එක පැත්තට.
ඇත්තටම ඒ කෙල්ල කොහෙත්ම ධනුර්ව එක්ක එහෙම සම්බන්ධයක් නෑ..තනිකරම ඒක මාර්කටින් වැඩක් විතරයි සහ ඒ කෙල්ල ධනුර්ව එක්ක හොඳට ෆිට් එකේ ඉන්නේ ඒ කෙල්ලට මතකයි ධනුර්ව තෙධාෂ එක්ක හිටියේ කියන එක සහ ධනුර්ව තාමත් තෙධාෂට ආදරෙයි කියලා. එහෙම වෙලත් ධනුර්ව ඒ නිව්ස් එක බොරු කියලා නොකිව්වේ රවිධාර අයියා ඒ ප්‍රශ්නේ ඇහුවේ එයාට නෙවෙයි වෙන කෙනෙක් අහන්න කියපු නිසා කියලා ධනුර්ව දන්න නිසා. වෙනසක් පෙන්නන්නේ නැතුව ධනුර්ව ඇඟට පතට නොදැනී ඒ බොරුව කියලා දැම්මේ ඇත්තටම ඒ කෙල්ලව ඩේට් කරලා බඳින්න යනවා වගේ...ධනුර්ව දන්නවා ඔය ප්‍රශ්නේ ඇත්තටම අහපු කෙනා මූණ ඤොරොක් කරන් ඇති කියලා... පස්සේ හෙමින් විහිලුවක් කලේ කියලා කියනවා කියලා හිතලයි ධනුර්ව එහෙම කිව්වේ..ඒ වගේම තව ටික දවසකින් අයියා ආයෙම එනවා කියලා පවා ධනුර්ව දන්නවා..ඒත් ඒ ගැන ධනුර්ව කිසි කෙනෙක්ගෙන් හාර අවුස්ස අවුස්ස අහන්න ගියේ නෑ...කොටින් ම ඇහෙන දෙයකට ආ එහෙමද කියනවා මිසක කවදාවත් ධනුර්ව ඒ ගැන අහන්න ගියේ නෑ කිසිම කෙනෙක් ගෙන්.
ŞİMDİ OKUDUĞUN
✔️KATUPITAPATHA| කටුපිටපත
RomantizmThe unedited feelings 🩵 මේ යනු නුවර වැස්සෙන් තෙමී ඇරඹුනු...කොළඹ පහන් එලි වලින් නැහැවෙමින්...පොත් සුවඳ අතරින් ගලා යන ඔවුන්ගේ ප්‍රේමණීය වෘතාන්තයයි..... Started: 11/03/2024 Finished: 06/10/2024