ට්‍රිප් එක ගිහින් ඇවිත් සති දෙකකුත් වෙලා තිබුණා. ඒ සති දෙක ඇතුලත නම් ලොකු දෙයක් සිද්ධ නොවුණ තරම්..තෙධාෂ එක්ක ධනුර්ව එලියට යනවා නැත්තන් ට්‍රිපල් ඩේට් යනවා නැත්තන් සතීර්ශවයි මෙව්ලිකවයි ඇදගෙන කොහෙ හරි රස්තියාදුවක් ගහන්න යනවා... අඟහරුවාදා, සිකුරාදා දවස් දෙක පේපර් පැනල් වැඩ වලට යනවා... ඔය වගේ දේවල් ඇරෙන්න එහෙම විශේශ යමක් ඒ සති දෙක තුල වුණේ නැහැ. ඒත් ඊටපස්සේ සතිය ඉඳන් ඔක්කොම බිසී වෙන්න ගත්තා. ලොකු අක්කගේ වෙඩින් එකට කට්ටිය ලක ලෑස්ති වෙනවා. මොනවා වුණත් තෙධාස්වර අයියා පවු. මල්ලි කෙනෙක් වීම නිසා හරි වෙනස් කම්...ලොකු අක්කි සැරෙන් මොනවහරි කිව්වත් ඇති මූණ කජු ලෙල්ලක් කරගන්නවා. හරිම වදේ මේ අක්කා කෙනෙක්ව ටෝක් කරන්...අපිට තමා ඔක්කොම දුක් ගැනවිලි ඇවිත් කියන්නේ දෙපාර්ශවයම...දැන් ඉතින් බැඳගන්න යන බෙරේ ගහගන්න එකයි ඇත්තේ...ඕං අපි නං දන්නෑ...
ලොකු අක්කි වෙඩින් ප්ලෑනර්ටත් හිසේ රදේ හදවනවා. ඒ මිනිහා පෙන්නන පෙන්නන ප්ලෑන් එකේ මොකක්හරිම ඇදයක් අක්කට පේනවා. ප්‍රෙග්නන්ට් ද මන්දා..මූඩි ඇන්ඩ් නෝෂස්...අපේ මේ ලොක්කයියා මොකක් හරි කලාවත්ද?? යකෝ එච්චර හදිසිද?? අඩේ මන් බාප්පෙක් වෙන්න නේත යන්නේ??? ඒ වුණාට නිකන් කිචි වගේ එහෙම...මන් පොඩි එකාට නම දානවා නෙවර්න කියලා...කෙල්ලෙක් වුණොත් ත්‍රිෂංගා කියලා දානවා...අනේ හිච්චි බාප්පි!! ඊටපස්සේ චූටී අක්කිව බන්දලා දීලා එයාගේ බබාලටත් මම නම දානවා..මම තමයි නූතන අරිසෙන් අහුබුදු!! බබාට නමක්!! ඊට පස්සේ ඒ බබාලට සෙල්ලං කරන්න අයියයි මායි රෝස කැලෙන් ගේනවා ළමයි දුසිමක්... මියුසිකල් සර්කල් එකට දානවා ඔක්කොම..එතකොට මම හිච්චි තාත්ති..අයියා හිච්චි අප්පච්චි! හනේ දෝණී~ ඔයා අප්පච්චියෙක් වෙන්න යන්නේ....ඒත් ඊට කලින් මට අඟහරු බලන්න යන්න තියනවා...අයියටත් අඟහරු උච්ච කරලා පෙන්නගන්න ඕන...ඊට පස්සේ බ්‍රහස්පති බලලා සෙනසුරුගේ වටේ වලලු බලන්න ගිහින්-
"චූටි පුතා!!!" අයියෝ අම්මේ ඊළඟ ග්‍රහයෝ ටික බලන්න ඉස්සරින් ම කුංචනාද කරලා පෘථිවියට ගෙන්න ගත්තනේ...
"එනවා අම්මා!!! ඇයි??" ධනුර්ව මනෝ ලෝකෙන් එලියට පය තියලා පඬිපෙල බැහන් ගිහින් අම්මගේ කරේ එල්ලිලා අම්මගේ කම්මුලට කිස් එකක් දුන්නා..මගේ ලස්සන සුදු අම්මා නේ මේ ඉතින්...
YOU ARE READING
✔️KATUPITAPATHA| කටුපිටපත
RomanceThe unedited feelings 🩵 මේ යනු නුවර වැස්සෙන් තෙමී ඇරඹුනු...කොළඹ පහන් එලි වලින් නැහැවෙමින්...පොත් සුවඳ අතරින් ගලා යන ඔවුන්ගේ ප්‍රේමණීය වෘතාන්තයයි..... Started: 11/03/2024 Finished: 06/10/2024