"නෙත්...මේ ඔෆිස් රූම් එකෙත් මුකුත් නෑ වගේ...අපි උදේ ඉඳන් හෙව්වනේ...ඇත්තටම මුකුත් නෑ වගේ" තෙධාෂ සීයාගේ ඔෆිස් රූම් එකේ තිබුණ පරණ ලී මේසෙට එහා පැත්තෙන් තිබ්බ පුටුවෙන් වාඩි වුණා. තෙධාෂ වලව්ව අලුත් කරද්දි වුණත් අත නොතියපු එකම කාමරේ තමයි ඔෆිස් කාමරේ. මොකද සීයා ඉන්නකල් කාටවත් ඒ ඔෆිස් රූම් එක පැත්තෙවත් ඉන්න ඉඩ දීලා තිබ්බේ නෑ..ඉතින් තෙධාෂත් වලව්වේ ඉන්න එක දවසකවත් ඔෆිස් රූම් එක පැත්තේවත් ආවේ නෑ..
"ම්ම්..මුකුත් නැත්තන් හොඳයි ඇත්තටම..නැත්තන් අපිට කවදාවත් ගැලවීමක් නෑ..." ධනුර්ව කාමරේ බිත්තියක් සම්පූර්ණයෙන් ම ආක්‍රමණය කරලා තිබුණ විශාල පොත් රාක්කේ එක තට්ටුවකට වාරු දීලා හිට ගන්න ගමන් කිව්වා...
"මට සමාවෙන්න නෙත්..." තෙධාෂගේ පෙනුමේ තිබුණේ වරදකාරී බැල්මක්...
"ඇයි සමාවගන්නේ අනේ?? ඔයාගේ වැරැද්දක් නෑනේ..."
"මම ඔයාට මේ වලව්ව පැවරුවේ නැත්තන් ඔයාට මේ කිසි ප්‍රශ්නයක් නෑ..මට ඕන වුණේ සීයා කියපු විදිහට මේක මන් ජීවිතේ ආදරය කරන මනුස්සයට දෙන්න..මෙහෙම වෙයි කියලා දන්නවනං මම ඔයාගේ උරුමය වුණත් කීයටවත් ඒ තීරණය ගන්නේ නෑ.." තෙධාෂ කිව්වේ මෙහෙට එන අතරේ සිදු වුණ සිදුවීම ආයෙම මනසේ ඇඳෙද්දි...නුවර එන අතරමග ඒ දෙන්නගේ වාහනේ පැත්තට වේගෙන් ආපු කලු ජීප් එකක් නිසා තව පොඩ්ඩෙන් ඒ දෙන්නගේ කෑලිත් අහුලන්න බැරි වෙනවා...ඇත්තටම ඒ දෙන්නා බේරුණේ අනූනවයයි දශම ගාණෙන් වගේ...ඒකත් ධනුර්වගේ වාහන රේස් පදින හැකියාව නිසා...
"එහෙම හිතන්න එපා අයියේ...අහන්නකො..අපි දේවල් මෙහෙම වෙයි අරම වෙයි කියලා හිතන්න අංජනම් බලන්න දන්නෑනේ....ඔයා දුක් වෙන්න එපා මේ සේරම ඉක්මනට ඉවර වෙයි.."
ධනුර්ව තෙධාෂගේ පැත්තට එන්න හැදුවේ තෙධාෂගේ අත අල්ලගෙන එයාව සනසන්න. මොකද තෙධාෂ නොකිව්වට මේ කාරණය එයාගේ හිතට සෑහෙන්න වද දෙනවා කියලා ධනුර්ව හොඳටම දන්නවා. ඒත් ධනුර්වට තියන්න පුලුවන් වුණේ එක අඩියයි.. රාක්කේ අස්සෙන් පැනපු කලු පූසෙක් ඔෆිස් රූම් එකෙන් පැනලා එලියට දිව්වේ ධනුර්වයි තෙධාෂයි දෙන්නවම බය කරගෙන. එදා හිටපු කලු පූසම තමයි ඒ රාක්කේ අස්සෙන් පැන්නේ..
DU LIEST GERADE
✔️KATUPITAPATHA| කටුපිටපත
RomantikThe unedited feelings 🩵 මේ යනු නුවර වැස්සෙන් තෙමී ඇරඹුනු...කොළඹ පහන් එලි වලින් නැහැවෙමින්...පොත් සුවඳ අතරින් ගලා යන ඔවුන්ගේ ප්‍රේමණීය වෘතාන්තයයි..... Started: 11/03/2024 Finished: 06/10/2024